අගමැති රනිල් අනතුරකින් නූලෙන් බේරෙයි.. ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ…
September 28, 2018 at 9:20 am | lanka C news
රාජගිරිය ප්‍රදේශයේ පැවැති සමීප ඥාතියකුගේ අවමංගල්‍යයකට සහභාගි වී නැවත එම ස්ථානයෙන් පිටතට යෑමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක් සිදුකළ අනතුරකින් අග්‍රාමාත්‍යවරයා නූලෙන් බේරී ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා පෙරේදා (26දා) රාත්‍රියේ රෝහල් ගත කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාගේ සමීප ඥාතිවරියකගේ අවමංගල්‍යයකට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා රාජගිරිය පාර, රාජගිරිය ප්‍රදේශයට පැමිණ තිබේ.
මෘත දේහයට අවසන් ගෞරව දැක්වූ අග්‍රාමාත්‍යවරයා ටික වේලාවකට පසු නැවත එම නිවෙසින් පිටත්ව යෑමට ඔහුගේ නිල රථයට නැඟීමට පැමිණි මොහොතේදී මේ අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම හේතුවෙන් මළගෙදර පැවැති ප්‍රදේශයට රථ වාහන රාජකාරි සඳහා පොලිස් නිලධාරීන්ද පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරයා සිය නිල රථයට නැඟීමට සූදානම් වෙද්දී රාජගිරිය දෙස සිට මොරගස්මුල්ල දෙසට අධික වේගයෙන් යතුරුපැදියක් පැමිණ ඇති බව පොලිසිය පවසයි.
රථ වාහන රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය නතර කිරීමට සංඥා කළද පොලිස් සංඥා නොතකමින් ඉදිරියට ඇදුණු යතුරුපැදිය අගමැතිවරයා ආසන්නයේ සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුගේ ඇඟේ හැපී බිම පෙරළී තිබේ. ඒ අවස්ථාවේ අගමැතිවරයා හාස්කමකින් මෙන් අනතුරෙන් බේරී ඇත.
ඒ සමඟම වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් යතුරුපැදිකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරට පත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර අග්‍රාමාත්‍යවරයා විශේෂ ආරක්ෂාවක් මැද එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
සැකකාර යතුරුපැදිකරු අනතුරුව වැලිකඩ පොලිස් ස්ථානය වෙත රැගෙන විත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුට වලංගු රියැදුරු බලපත්‍රයක් හෝ නොමැති බවයි.
සැකකාර යතුරුපැදිකරු 20 හැවිරිදි වියෙහි පසු වන බවත් ඔහු රාජගිරිය, යූ.ඊ. පෙරේරා මාවතේ පදිංචිකරුවකු බවත් පොලිසිය සඳහන් කරයි.
මොහුට රියැදුරු බලපත්‍රයක් නොමැති වීම හේතුවෙන් පොලිසියට බිය වී එම ස්ථානයෙන් පලා යෑමට උත්සාහ දැරීමේදී මෙම අනතුර සිදුවූයේද නැතිනම් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සෙවීමට වැලිකඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.
මෙම සැකකාර යතුරුපැදිකරු ඊයේ (27දා) අලුත්කඩේ අංක 07, මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.
එසේම තුවාලකරුවන් හට වන්දි මුදල් ලබා දීමටද එහිදී යතුරුපැදිකරු එකඟ වී ඇත.
– mawbima
අපිට තවත් කාලයක් විදවන්න වෙනවා. ඉවරයක් වුනෙත් නෑනේ
2030 වන තෙක් නායකයා ලෙස කටයුතු කරන නිසා සජිත් කොල්ලා කෙරුවද දන්නේ නෑ
Thawa Rotiyak Karawenda Langayidha?
Aparaadhe noolen berune! Mey rate minissungema karume.
මෝඩ කොලුවා. වැඩේ කෑව. හරියට කලානං උඹ ජාතික වීරයෙක් වෙනවනේ කොල්ලෝ.
Rate karume