අගමැති රනිල් අනිවාර්යෙන්ම ජම්පරයක් අන්දවා රිමාන්ඞ්.. නඩුව මේකයි.. නීතිය මෙහෙමයි..

January 11, 2017 at 10:27 pm | lanka C news
අගමැති රනිල් අනිවාර්යෙන්ම ජම්පරයක් අන්දවා රිමාන්ඞ්.. නඩුව මේකයි.. නීතිය මෙහෙමයි..

ඉදිරියේදී බිහිවන නව ආණ්ඩුවක් යටතේ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන්ම ජම්පරයක් ඇදගෙන වැලිකඩ බන්ධනාගාරගත වීමට සූදානමින් සිටින්නැයි ජාතික නිදහස් පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.

විමල් වීරවංශ මහතා අද රිමාන්ඞ් කර සිටින්නේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් අනුබල දුන්නේ යයි ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපතිවරයාගේ විසින් දුන් කට උත්තරයක් මත බවද කී ඔහු මහ බැංකු බැදුම්කර මගඩිය සිදු කිරීමට තමනට උපදෙස් දුන්නේ අගමැති රනිල් යයි හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් දුන් ලිඛිත කට කට උත්තරයක් කෝප් වාර්තාවේ ඇතැයිද සදහන් කලේය.

ඒ අනුව වීරවංශ මහතා රිමාන්ඞ් කරනු ලැබූ ක‍්‍රමවේදයම අගමැති රනිල්ටද අදාල වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

අපේ පක්‍ෂයේ නායක විමල් වීරවංශ සහෝදරයා අභූත චෝදනා නඟලා රක්‍ෂිත බන්ධනාගාර ගත කළා. මේ අවස්ථාවේ අපි පක්‍ෂයේ සියලු සාමාජිකයන්ගෙන් සහ විමල් වීරවංශ සහෝදරයාට ආදරය කරන මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ‘මේ සංවේගදායක මොහොතේ සන්සුන් ලෙස කටයුතු කරන්න’ කියලා. ඒ වගේම අපි ඔබ සැමට ප්‍රතිඥාවක් දෙනවා, පක්‍ෂය විසින් සැලසුම්කර ඇති ඉදිරි කටයුතු බිඳකුදු අඩුවක් නොකර ඉදිරියට ගෙන යන බවට. ඒ අනුව ජනවාරි 22 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්‍ෂ විශේෂ මහා සමුළුව යොදාගත් ආකාරයටම පවත්වනවා. ‘රනිල්ගේ ව්‍යවස්ථා මර උගුලට එරෙහිව බෙදුම්වාදය පරදවන ජාතික සමගිය සුරකින’ මේ සමුළුවට එදාට සමුළු නියෝජිතයන් 10,000කට වැඩි පිරිසක් ගෙන ඒමට සැලසුම්කර තිබෙනවා.
විමල් වීරවංශ සහෝදරයා කියන්නේ මේ රටේ දැන් ජීවත් වෙන්න හිටි කෙනෙක් නොවෙයි. රනිල් වික්‍රමසිංහලා 1989 ටයර් සෑයක යවන්න හිටපු කෙනෙක්. රනිල් වික්‍රමසිංහලාගේ ‘ටයර් සෑ ලැයිස්තුවේ’ විමල් වීරවංශ ඇතුළු මෙතන ඉන්න අපි සියලු දෙනාගේ නම් තිබුණා. ඒ නිසා ‘රනිල් මහත්තයෝ එදා ඔයාගේ ටයර් මාලයට බය වුණේ නැති අපි අද ඔයාට බය වෙනවාද?’ මේ විදිහේ සෙල්ලම් දාන්න ආවොත් ඔයාට අගමැතිකම විතරක් නොවෙයි ආණ්ඩුවත් ඉක්මනටම නැතිවේවි.

විමල් වීරවංශ සහෝදරයා අද ඉන්නේ කොටි ත්‍රස්තවාදීන් රඳවලා තිබෙන තැනක. ඔහු කොටි පරදන සමයේදී විශාල මෙහෙවරක් ඉටුකළ කෙනෙක්. කොටි ත්‍රස්තවාදීන්ගේ ඝාතන ලැයිස්තුවල විමල් වීරවංශ කියන නම ඉහළින්ම තිබුණා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා ‘විමල් වීරවංශ සහෝදරයාට බන්ධනාගාරය තුළ නිසි ආරක්‍ෂාව ලබාදෙන්න. ඔහුගේ ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම රනිල් වික්‍රමසිංහ භාරගත යුතුයි’ කියලා.

විමල් වීරවංශ සහෝදරයාට එල්ල කරලා තිබෙන චෝදනාව වන්නේ ‘වාහන අවභාවිතයට අනුබල දීමයි’ එහෙම බී වාර්තා සකස් කරලයි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කළේ. මේ චෝදනාව අගමැති රනිල් වික්‍රමසිංහටත් අදාළයි. මහ බැංකු බැඳුම්කර වංචාව සඳහා තමන්ට උපදෙස් දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ කියලා කෝප් කමිටුව ඉදිරියේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් 2015 වසරේදී පිළිගත්තා. බැඳුම්කර වංචාවේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ කියලා කෝප් කමිටුව ඉදිරියේ අර්ජුන් මහේන්ද්‍රන් දුන් සාක්‍ෂි අනුව ඔප්පුවෙලා තියෙනවා. ඒ අපි අවධාරණය කරනවා, ‘ළඟදී වෙන ආණ්ඩු පෙරළියෙන් පස්සේ පිහිටුවනු ලබන ජනතාවාදී ආණ්ඩුවක් යටතේ රනිල් වික්‍රමසිංහ මහත්තයෝ අපි ඔයාව රිමාන්ඞ් කරනවා, කරනවාමයි’ කියලා. විමල්ට අභූත චෝදනා එල්ල කළාට ඔයාට විරුද්ධව ඒ චෝදනා නීතිය ඉදිරියේ ඔප්පු කළ හැකියි. ඒ නිසා අපි ඔයාට ‘ජම්පර්’ අන්දනවා. රනිල් මහත්තයෝ මතක තියා ගන්න විමල් හිරේ දාලා ඔයා ලබන සතුට තාවකාලිකයි. ඒ නිසා අපි ඉදිරියේදී ඔයාව හිරේ දාලා මේ රටේ ජනතාවට සදාකාලික සතුටක් ලබා දෙනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

එම වීඩියෝ කොටස මෙතනින්

92 views
Main News