අගමැති රනිල් ඉල්ලා අස්වනතුරු අරලිය ගහ මන්දිරය වටලන්න සූදානම්..

November 24, 2016 at 4:05 am | lanka C news
අගමැති රනිල් ඉල්ලා අස්වනතුරු අරලිය ගහ මන්දිරය වටලන්න සූදානම්..

‘බැදුම්කර වංචාවේ අගමැති භූමිකාව’ යන මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැති මහජන සම්මන්ත්‍රණයේ දී පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

මේ බැඳුම්කර සිද්ධිය පිළිබද කවුරුත් දන්නවා. දැන් පුංචි පුංචි සංකාවල් ඇති වෙන්න පුළුවන් ඇයි මේකට ඒකාබද්ධ විපක්ෂය අගමැති රනිල්ව මේකට දඩුකදේ ගහන්න හදන්නේ කියලා.සමහර විට  හිතෙන්න පුළුවන් එහෙම නම් හොදයි කියලා. නමුත් අපි දඩුකදේ ගහන්න හදන්නේ හේතු සාධක ඇතිවයි. අපි අද හදන්නේ ඒ හේතු ඉදිරිපත් කරන්නයි. මේ ආණ්ඩුව ජනවාරි අට බලයට ආවේ දින 100න් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා කියලා.

ජනාධිපතිවරණයට ඩොලර් මිලියන ගණන් හම්බවුණා මතකයි. කට්ටිය මිලදි ගත්තා මතකයි. මේ හොදට ඉන්නවා, සිංගප්පුරු ගිහින් එනවා, අපේ සහය සිරිසේන මැතිතුමාටයි කියලා කියනවා. මේකට සල්ලි ගොඩක් හිදුණා දින 100න් ඡන්දයකතුත් එනවා, දැන් සල්ලි නෑ. ඒක නිසා කොටස් වෙළදපොලේ සෙල්ලමක් දාන්න පුළුවන්ද බලන්න කොටස් වෙළදපෙලේ සෑහෙන්න සෙල්ලම් දාන අර්ජුන් ඇලෝසියස්ව හම්බවෙනවා. එතකොට අර්ජුන් ඇලෝසියස් කියනවා කොටස් වෙළදපොල දිහා දස දහස් ගණනින් බලන් ඉන්නවා සමහර වෙළාවට ලක්ෂ ගනණින් මේකේ සෙල්ලම් දාන්න ටිකක් ආමාරුයි කියලා. මුදල් වෙළදපොලේ ඉන්නේ තැරුව්කරුවන් 16ක් විතරයි අපි එතෙන්ට යවමු කියලා සැලැස්ම ක්‍රියාත්මක කරනවා.තමුන්නාසේලා සෑම කෙනෙක්ගෙම සාක්කුවේ තියෙනවා මහ බැංකුවෙන් නිකුත් කරපු මුදල් නෝට්ටු. ඒ මුද්ල් නෝට්ටු වල අත්සන් කරලා තියෙන්නේ මුදල් ඇමති සහ මහ බැංකු අධිපතිවරයයි. මුල්‍ය නීති පනතෙන්ම මහ බැංකුව අයිති වෙන්නේ මුදල් අමාත්‍යංශයටයි. මුදල් ඇමති අත්සන් කරන නිසා නෙවෙයි එහෙම මුදල් නීති පනතේ 08(02) කියනවා මහ බැංකුව පාලනය කරන මුදල් මණ්ඩලය පත් කරන්න ඕනේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශයමතයි. අනෙක් පනත් වල තියෙන්නේ අමාත්‍යවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත්කරයි කියලා නැත්නම් අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරයි.පාර්ලිමේන්තු මේ පනත හදන කොටම ජනාධිපතිටවත් ඇමතිටවත් නටන්න බැරි වෙන්නයි හදලා තියෙන්නේ මුදල් ඇමති තමයි මහ බැංකුවේ පාලකයන් පත් කරන්නේ. මුදල් ඇමතිතුමා ඊළගට කියනවා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයානිල බලයෙන් මේ මුදල් මණ්ඩලයේ සමාජිකයෙක් වේ. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියලා නම් කරේ රටේ මුදල් අච්චු ගහන්න රටේ විනිමය අනුපාතය පොලි අනුපාතය තිරණය කරන මහ බැංකුව තිබිය යුතු නිසා. පනතේ 16 වන වගන්තියේ කියනවා මහ බැංකු අධිපතිවරයා පත් කල යුත්තේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මතයි කියලා. ඔහුගේ පඩිය තීරණය කළ යුත්තේද මුදල් ඇමති සහ ජනාධිපති එකතුවෙලා.හැමතැනම මුදල් ඇමති, නමුත් ජනවාරි 10 ආයතන  බෙදා ගන්න කොට මහ බැංකුව මුදල් අමත්‍යංශයට දේන්නේ නැතුව අගමැතිතුමා තමන්ගේ ආර්ථික කටයුතු අමාත්‍යංශයට ගන්නවා. ඒ කියන්නේ මහ බැංකු වංචාව ජනාධිපතිවරනය දිනනවා කියලා හිතාගෙන ඊට කලින් සැලසුම් කරපු වංචාවක්.

ජනවාරි මාසයේ 16 වන දා මේ මහා වංචාව කරන තැරුව්කාර සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලොක්කා අර්ජුන් ඇලෝසියස් ඒ සමාගමේ අධ්‍යක්ෂක ධුරයෙන් කිසිම හේතුවක් නැතිව අයින්වෙනවා.ඊට දවස් දහයකට පස්සේ තමන්ගේ මාමණ්ඩි මහබැංකු අධිපති විදිහට පත් කරනවා. අනේ අපි ඕවට නෑ. මම ඒ සමාගමේ නෑ කියන්න තමයි කිසිම හේතුවක් නෑතිව දින 10කට කලින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අර්ජුන් ඇලෝසියස්  අයින්වෙන්නේ. දිර්ඝ කාලින සැලසුමක් තිබුණා කියන එක තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ. මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු දෙදෙනෙක් වන රාජිත සේනාරත්න සහ චම්පික රණවක යන ඇමතිවරු කියනවා ඇමති මණ්ඩලයේ දී අපි විරුද්ධ වුණා. ඇයි විරුද්ධවුණේ ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි එයාට ද්විත්ව පුරවැසි භාවය ගන්න බෑ. මොකද සිංගප්පුරු ජාතිකයෙක් ද්විත්ව පුරවැසි භාවය ගත්තොත් සිංගප්පුරු පුරවැසි භාවය අහිමි වෙනවා.මෙතුමා මාර්තු මාසයේ Daily Mirror පුවත් පත සමග කල සම්මුඛ සාකච්චාවකදී මෙතුමා ප්‍රකාශ කරනවා අර්ජුන් මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති තනතුරට සුදුසු නෑ. අගමැතිතුමා ඒ විරෝධය නොතකා ඒක මගේ තීරණයක් එයා ගැන වගකීම මම භාර ගන්නවා කියලා එතුමාව පත්කලා කියලා. ප්‍රශ්න එන්නත් කලින් අගමැතිතුමා දිවුරා පොරොන්දු වෙලා ඉවරයි ඇමති මණ්ඩලය ඉදිරියේදී. මේ අපි නෙවෙයි කියන්නේ ආණ්ඩුවේ ඇමතිවරු. දැන් යහපාලනය කියලා ආපු යමපාලනයේ 49 වන දිනයේ දී උණු උණුවෙම මහබැංකු බැඳුම්කර වංචාව සිද්ධ වෙනවා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වන උපලේඛනයේ තියෙනවා දිවුරුමක් ලබා දෙන්න ඕනේ කියලා. ඒ දිවුරුමෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවට ද,ශ්‍රි ලංකා ජන රජයට පක්ෂපාත වන බවටද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් ප්‍රතිඥා දෙමි කියලා. නමුත් අර්ජුන් මහෙන්ද්‍රන් ඒ දිව්රුම දුන්නේ නෑ. සිංගප්පුරු පුරවැසියෙකුට වෙනත් කිසිම රටකට පක්ෂපාත වෙන්න බැරි නිසා. වාසු දේව මැතිතුමා කිව්වා එතුමා පෙත්සම්කරු වෙන්නම් ඔබතුමාලා අපි එකතු වෙලා නඩුවක් දාමු එතුමා දිව්රුම දිලා නෑ කියලා. එතකොට මෙතුමට මහබැංකු අධිපති තනතුර දරන්න බෑ. අපි පෙළපාලි යන කාලේ අර්ජුන් මහෙන්ද්‍රන් ඉවත් කරනු කියලා. ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහත්තයා එක්ක සකච්චා කරලා නඩුව දාන්න අවශ්‍ය අධ්‍යාපන කටයුතු පටන් ගත්තා. එතකොට අපිට තේරුණා රටෙත් ව්‍යවස්ථාව වෙනස් කරලා තියෙනවා අර්ජුන් මහෙන්ද්‍රන්ව බේරා ගන්න. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබ්බා ජනාධිපති පත් කරන පත්වීමට තමන්ගේ තනතුරේ වැඩ භාර ගන්න කලින් හතර වන උපලේඛනයේ තියෙන දිව්රුම දෙන්න ඕනේ.ශ්‍රි ලංකා ජන රජයට පක්ෂපාත වන බවටද කියන දිව්රුම. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වන අතරේ ජනාධිපති දෙන සමහර පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් නිර්දේශය මත දෙන පත්වීම් බවට පත් කරනවා.හැබැයි මහ බැංකු අධිපතිකම එතෙන්ට යන්නේ නෑ. තව තිබුණා කිහිපයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, ආයෝජන මණ්ඩලයේ සභාපති. මේ දිව්රුම්දිමේ අවශ්‍යතාව හෙමින් සැරේ ව්‍යවස්ථාවෙන් අයින් කරලා. අර්ජුන් මහේන්ද්‍රන්ට රටේ පුරවැසියෙකු නොවි දිව්රුම නොදි මහබැංකු අධිපතිකමේ කටයුතු කරන්න අගමැතිතුමා කාගෙත් කනෙන් රිංගලා අවශ්‍ය නීතිමය පසුබිම හදලා තිබුණා.

අගමැතිතුමා වගකිව යුත්තේ ඇයි කියන එකට අපි ඉදිරිපත් කරනවා කරුණු 04ක්

  1. නීති විරෝධිව තමන් යටතට මහ බැංකුව ලබා ගැනීමට කටයුතු කිරීම.
  2. ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් නොවන පුද්ගලයෙකුට නීතිවිරෝධිව මහ බැංකු තනතුර ලබා ගැනීමට ඉඩ සලස්වා එහි පුර්ණ වගකීම ඇමති මණ්ඩලය ඉදිරියේ දී තමන්ට පවරා ගැනීම දැන් නීති විරෝධි නැති වෙන්න පුළුවන්, නමුත් පත්වීම කරන කොට ඒක නීති විරෝධි.
  3. වෙන්දේසියක් වුණ නිසා තමයි පොලි අනුපාතය වෙනස් කරලා බෑණාට වාසි වෙන විදිහට කර ගන්න පුළුවන් වුණේ. කලින් තිබුණේ යම් මුදලක් වෙන්දේසි කරලා ගන්නවා සාමාන්‍ය බර තැබු පොලි අනුපාතය මත අනෙක් අයට පුළුවන් සෘජුව තැන්පතු ලබා දෙන්න. ඒ ක්‍රමයට තිබ්බා නම් මේ හොරකම කරන්න බෑ. කෝප් කමිටුව ඉදිරියට එන අර්ජුන් මහෙන්ද්‍රන් කෝප් කමිටුවට සාක්ෂි දෙමින් කියනවා මට පුර්ණ වෙන්දේසි ක්‍රමයට යන්න කියන උපදෙස දුන්නේ අගමැතිතුමන් කියලා. හොරකමට යන්න ඕන පසුබිම මට හදලා දුන්නේ අගමැතිතුමන්ය කියලා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් කෝප් කමිටුව ඉදිරියේ කියලා තියෙනවා. කෝප් කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාට ඒ සාක්ෂි, සාක්ෂි අඩංගු ලේඛන අද වනතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා නෑ. මන් හිතන්නේ දැන් සති 03කට වැඩියි. දෙන්න බෑ නෙවෙයි, දෙන්නේ නෑ. දුන්නොත් මේ ඔක්කෝම රටට හෙළි වෙනවා.
    සමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට විශය භාර අමාත්‍යවරයා විසින් වරින් වර සාමාන්‍ය හෝ විශේෂ නියෝග අධ්‍යක්ෂක මණ්ඩලයට නිකුත් කරනු ලබන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒවා ඉටු කිරීමට බැදී සිටින්නේය කියලා.නමුත් මහ බැංකු පනතේ ඒ වාක්‍යය නෑ. මහ බැංකුව දේශපාඥයන්ගෙන් මැදිහත් වීම් වලින් තොරව රටේ ආර්ථිකයට අවශ්‍ය ස්තායිතාව තියා ගන්න ඕනේ නිසා. මුල්‍ය මණ්ඩලය මහ බැංකුව ස්වාධින ආයතනයක් ලෙස ක්‍රියා කල යුතු නිසා. ඒක නිසා අගමැතිවරයාට කිසිම අයිතියක් නෑ කිසිම නියෝගයක් නිකුත් කරන්න.රටේ නීතියට පටහැනිව රටේ අගමැතිතුමා කටයුතු කරලා තියෙනවා.
  1. අගමැතිතුමා මේ මහ වංචාව සිදුවුණු 2015 පෙබරවාරී 27වෙනිදා ඉදන් 2016 ඔක්තොම්බර් මාසයේ 24වැනිදා වෙනකම්ම එජාප මන්ත්‍රීවරු පාක්ෂිකයන් මෙහෙය වුයේ  මේ වංචාව සගවන්න. චම්පික රණවක ඇමතිතුමා 2015 ජුනි මාසයේ 27 වැනිදා මාධ්‍ය හමුවක් තියලා කියනවා අගමැතිතුමාගේ උපදෙස් මත ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහ බැංකු බැඳුම්කර වංචාව රට දැන ගන්න එක වළක්වන්නයි. සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුනු කෝප් කමිටුවට කලින් ඩ්ව් ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බ කෝප් කමිටුව මේ වංචාව සම්පුර්ණයෙන් පරික්ෂා කලා. අගමැතිතුමාගේ උපදෙස් මත සිදු කරා කියලා කිව්වේ අර්ජුන් මහෙන්ද්‍රන් ප්‍රකාශ කළේ ඩ්ව් ගුණසේකර මහතා ඇහුව හරස් ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන්.මා සමග ඩ්ව් ගුණසේකර මහතා කිව්වා මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කෝප් කමිටු සමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ගෙන්න ගෙන අත්සන් ගනිමින් සිටිය දී දුරකථන ඇමතුමක් ආවා ඕක දැන් නවත්වන්න ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා කියලා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියනවා කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ තමයි ප්‍රසිද්ධ වෙන්නේ අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය විදිහට.කෝප් කමිටු සමාජිකයන්ටවත් පාර්ලිමේන්තුවට කියන්න කලින් රටට කියන්න බෑ තමන් දන්න දේ වුණත්. පාර්ලිමේන්තුව නැතිකරලා පාර්ලිමේන්තු මැතිවරණය තියන්න පුළුවන් මේක රටට රහසක් වෙලා.එජාප මන්ත්‍රීවරු මාධ්‍ය හමු තියලා කිව්වේ, රුපවාහිනි විවාද වල තර්ක කළේ, වෙදිකාවේ ගිරිය පුප්පන් කෑගැහුවේ, පොත් ලිව්වේ, කොප් කමිටුවේ දී විගනකාධිපතිට තර්ජනය කළේ, කොප් කමිටුවේ හොරු අල්ලන්න ඉදිරිපත් වුණු මන්ත්‍රීවරුන්ට අපහාස කලේ අර්ජුන් මහෙන්ද්‍රන්ගේ හොරකම සගවන්න. ඉහල නායකත්වයේ අණ පරිදි. ඒ අය තමයි පස්සේ පාද සටහන් කල්ලිය බවට පත්වෙලා සමාජය ඉදිරියේ බලවත් විහිලුවකට පත් වුණේ.

මේ වැරදි අගමැතිතුමා කරලා තියෙනවා. අගමැතිතුමා දැන් මොකද කරන්න ඕනේ අපි දැක්කා විපක්ෂ නායකතුමා වෙලා ඉන්න කාලේ කොච්චියක් හැප්පුනත් කිව්වේ වගකීම භාර ගෙන අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතුයි කියලා. මේ ප්‍රශ්නයේ වගකීම භාර ගන්න දෙයක් නෑ අගමැතිතුමා වගකීම බාර ගෙනයි පත්වීම දෙන්නේ එක නිසා අගමැතිතුමා ඉල්ලා අසිවිය යුතුයි. අර්ජුන් මහෙන්ද්‍රන් රට ඉදන් ඇවිත් සති තුනක් විතර වුණා අත්අඩංගුවට ගැනීමක් තියා ප්‍රශ්න කිරීමක්වත් කලේ නෑ. මුසාමිල් මන්ත්‍රිතුමාව පදනම් විරහිත චෝදනාවක් දාලා එකට දැම්මෙත් වාහනයක් වැඩිපුර පාවිච්චි කරා කියා මුසාමිල් දින 51 රක්ෂිත බන්ධනාගාර ගත කලා. ලංකාවේ වගේම ලෝක ඉතිහාසයෙත් දැවැන්තම වංචාව මහ බැංකු බැඳුම්කර වංචාව කරපු අර්ජුන් මහෙන්ද්‍රන් තාමත් නිදැල්ලේ. මේ වරදට පියවරක් ගත්තේ නැති නිසා 2016 මාර්තු මාසයේ මේ වරද යලි යලි කරා හෙටත් වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් කරන්න ඕනේ,

  1. අර්ජුන් මහෙන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්න
  2. අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් තහනම් කරන්න.
  3. අපෙන් හොරා ගත්ත අපේ සල්ලි කෝටි ප්‍රකෝටි ගනන් අද මාධ්‍ය මිලදී ගන්න, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මිලදී ගන්න, නිලධාරින් මිලදී ගන්න, යුක්තිය ඉටු කරන යාන්ත්‍රනය මිලදී ගන්න අද මේ සල්ලි විසි කරමින් සිටිනවා. අපි හිතුවා සුපිරි බද්ධක්වත් ගහලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු බැංකු ගිණුම් තහනම් කර එය සතු අයුතු ලෙස උපයා ගත් අරමුදල් මහ බැංකුවේ භාරයට ගන්න ක්‍රියාකරයි කියලා.
  4. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සතු මුදල් තැරැව්කාර බලපත්‍රය වහාම අත්හිටුවන්න.
  5. පොලීසියේ අපරාධපරීක්ෂණ අංශයේ හෝ අල්ලස් කොමිසමේ සහය ඇතිව නීතිපති විසින් අගමැති රනිල් වික්‍රමසිංහ, අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු වගකිවයුතු සියළු දෙනාට අපරාධ නඩු ගොනු කිරීම.

අද හැමෝම කතා කරාට මහ බැංකු වංචාව කව්රුවත් කතා කරන්නේ නෑ. ලංකා බැංකුවේ අර්ථසාධක අරමුදලේ වෙච්ච දේ. තමුන්නාසේලා රුපියක් ලක්ෂයක ණයක් ගන්න ලංකා බැංකුවට ගියාම පෝරම කියක් පුරවන්න ඔනේද? දවස් කීයක් රස්තියාදු වෙන්න ඕනේද, ඇපකාරයෝ ඇපයට දේවල් කොව්චර ඕනේද?පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එක දුරකතන ඇමතුමකින් රුපියල් බිලියන 13ක් ණයට දෙනවා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට. ආණ්ඩුවට ණයට දෙන්න තමයි ඒ මුදල් දෙන්නේ නමුත් ලංකා බැංකුවට තැරැව්කාර බලපත්‍රයක් තියෙනවා සෘජුවම බැඳුම්කර හරහා ආණ්ඩුවට ණයට දෙන්න. එහෙම තිබියදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හරහා ආණ්ඩුව ණයට දුන්නේ ඇයි කියන ප්‍රශ්නයට තාම ලංකා බැංකුව උත්තර බැදලා නෑ. සභාපතිතුමා කියන්නේ අනේ මම නම් දැන ගෙන හිටියේ නෑ කියලා. එහෙනම් දන්නේ කව්ද කියලා රටට හෙළිකරලා නෑ. ගණුදෙනුව සිදුවෙලා වසර එකහාමාරකට වැඩියි. කිසිම ලිඛිත ඉල්ලීමක් නැතුව දුරකතන ඇමතුමට මෙතරම් මුදලක් දුන්නේ ඇයි කියලා අද වනතුරු සොයා බලලා නෑ. ලංකා බැංකුව කරපු මේ මහා දුෂණය ගැනත් සොයා බැලිය යුතුයි. ඒ වගේම මිලදී ගත්ත බැඳුම්කර දවස් දෙකකට පස්සේ වැඩි gammanpilaමුදලට අර්ථසාධක අරමුදලට විකුණලා තියෙනවා. අර්ථසාධක අරමුදලටත් මේ වගේම තැරැව්කාර බලපත්‍රයක් තිබෙනවා. තමන්ට සෘජුවම මුදල් හොයා ගන්න පුළුවන් කම තිබිය දී පර්පෙචුවල් ට්‍රෙෂරීස් හරහා මුදල් හොයා ගත්තේ ඇයි කියලා අද වනතුරු ඔවුන් කියලත් නෑ. ආණ්ඩුව හොයලත් නෑ. රට ප්‍රශ්න කරන්නෙත් නෑ. මේ ආයතන දෙකේම තියෙන්නේ අපේ සල්ලි මේ ප්‍රශ්න වලට මේ ආයතන උත්තර බැදිය යුතුයි.

මිට වසරකට කලින් ඉන්දියාවේ නවදිල්ලි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් දුෂණයට ලක් වුණාම මුලු නව දිල්ලියම පාරට බැහැලා යුක්තිය ඉල්ලුවා. එක නිසා යුක්තිය ඉෂ්ඨ කරන්න ආණ්ඩුවට සිද්ධ වුණා. අපේ රටේ ආර්ථිකයේ රන් දෙවොල එක ආරක්ෂා කරන්න බාර දුන්න නායකයින්ම දුෂණය කරලා තියෙනවා රටේ සද්ධයක් නෑ. දකුණු කොරියාවේ හතර වන සතියටත් උද්ඝෝෂණ කරනවා රටේ අගමැතිනියට ඉල්ලා අස්වෙන්න කියලා හොරකමක් එහෙම කරලා නෙවෙයි එතුමයගේ මිතුරියකුයි සේවකයකයි එකතු වෙලා ප්‍රධාන සමාගම් වලට බලපෑම් කරලා සමාජ සේවා පදනමකට මුදල් ලබා දෙන්න කියලා. එක ඇමැතිනියගේ බලය අයුතු ලෙස බාවිතා කරා කියලා ජනතාව පාරට බැහැලා කෑ ගහනවා.අද අපේ රටේ ඉන්නේ අද ගොළු බිහිරි ජනතාවක්ද නැත්නම් ආත්මය මියගිය අයද? අපි ජිවත්වන හෙටක් ගැන හිතන සජිවි ජනතාව කියලා පෙන්වන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලා අස්වනතුරු  පාරට බැහැලා අරලිය ගහ මන්දිරය වට කරගෙන ඉන්න අපි ඉදිරියේ දී ලැස්ති වෙමු.

– අරවින්ද අතුකෝරල

38 views

23 Comments to “අගමැති රනිල් ඉල්ලා අස්වනතුරු අරලිය ගහ මන්දිරය වටලන්න සූදානම්..”

  1. Basil says:

    Gammampila has been saying things for almost 2 years. But nothing has happened. He will keep saying such things for the next 4 years also giving false hopes.

  2. Champa says:

    This is not practical at all. Encircling “Temple Trees” and camping out on the street in front of it – Temple Trees???

    මේක පොඩ්ඩක්වත් ප්‍රායෝගික නැහැ. ඔතන තියෙන පාරවල් වල නවතිනවා තියා, ඔය විරෝධයවත් ඔතන කරන්න ලැබෙන්නේ නැහැ, කෙරුවත් වැඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම්, පලවෙනි හේතුව, රනිල් අරලියගහ මන්දිරේ නැහැ. දෙවෙනි හේතුව ඔය ප්‍රදේශ ආරක්‍ෂිත ප්‍රදේශ. තුන්වෙනි හේතුව අනිවාර්යයෙන්ම මහජනතාවට කුළු පොලු හමුදාවට මුහුණ දෙන්න වෙනවා. වතුර, කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර සහ සමහරවිට bullets. දේශපාලකයන්ට ඒවා පුරුදු වුනාට මහජනයාට ඒවා පුරුදු නැහැ. අනිත් එක පොලීසියත් දේශපාලකයෝ බේරලා සාමාන්‍ය මහජනතාවට පහර දෙයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නම් ඔය විදිය හොඳයි. මොකොද යන්නෙම ගුටි කන්න බලාගෙන හින්දා. ගුටි කන තරමට, ලේ පෙරෙන තරමට තමයි ශිෂ්‍ය සටන් සාර්ථකයි කියලා කියන්නේ.

    රනිල්ට ඉල්ලා අස් වෙන්න බල කරන්න නම් ප්‍රධාන ස්ථානය ලෙස කොළොඹ හැමෝටම රැස් වෙන්න පුළුවන් තැනකුත්, ඊට සමගාමීව මුළු රටමත් එකම දවසේ විරෝධයක් දක්වන්න ඕනේ. මුළු රටම ඒ එක අරමුණට එකතු කරගන්න ඕනේ. මේවා කරන්න තිබුනේ දැන් නෙමෙයි කලින්. මේ කතාව කියන්න තිබුනේ COPE වාර්තාව එලියට ඇවිල්ල මුළු රටම ඒකෙන් උණුසුම් වෙච්ච වෙලාවේ. මෙච්චර කල් ගිහින් නෙමෙයි. කතාවක් තියෙනවා පිරිමි හරියට පරණ වයින් වගේලු. “Mature” වෙන්න “මාර” කාලයක් යනවලු. මේක අදාළ වෙන්නේ ඒකාබද්ධ විපක්ෂයට. ඒකාබද්ධ විපක්ෂයත් හරියට පරණ වයින් වගේ.

    අද තියෙන වැදගත්ම ප්‍රශ්නේ මේකද? ඒකාබද්ධ විපක්ෂය mature වෙනකොට, අද මීට වඩා වැදගත් ප්‍රශ්නයක් රට ඉදිරියට ඇවිල්ල තියෙනවා.

    “බැඳුම්කර ජාතකය” ගැන විමල් දවස් කීපෙකට ඉස්සෙල්ල කරපු කතාවේදී කිව්වා “විමල්ට තියෙන ලොකුම ප්‍රශ්නේ මහජනතාව මේ බැඳුම්කර මගඩිය ගැන උපේක්ෂාවෙන් බලා ඉන්න එක” කියලා. කියන්න කණගාටුයි මහත්තයෝ, ඔබතුමා ඒකාබද්ධ විපක්ෂයේ ඔබේ අනිත් කණ්ඩායම බේරලා බෝලේ මහජනතාවට පාස් කරලා තියෙන දිහා නම් මට “උපේක්ෂාවෙන්” බලා ඉන්න බැහැ.

    ඔබ ඔය කතාව මහජනතාවගෙන් අහන්න ඉස්සෙල්ල, අහන්න තිබුනේ ඒකාබද්ධ විපක්ෂයෙන්. Hold on, please, ඉතුරු ටික කියන්න ඉස්සෙල්ල කියන්න දෙයක් තියෙනවා. “ගිය මාසේ” මම ඔය බැඳුම්කර මගඩිය ගැන කරපු ලොකු විවේචනයකදී මම “ඔබේම වචන” පාවිච්චි කළා. ඒක පළවුණේ නැති වුනත් ඒ විවේචනයෙන් ඔබට අසාධාරණයක් වුනා කියල මට තේරුම් ගියාම මම ඔබෙන් සමාව ඉල්ලුවා. ලියපු දේකට කණගාටුව ප්‍රකාශ කරන එක තරම් මම අකමැති දෙයක් තවත් නැහැ. එහෙව් එකේ සමාව ඉල්ලන එක මට අන්තිම අකමැති හරිම අමාරු දෙයක්. ඒ නිසා ඔන්න අද මම අර ඔබ “උපේක්ෂාවෙන්” කියපු දේ මහජනතාව පැත්තෙන් පැහැදිලි කරන්න අවසර ඉල්ලනවා හොඳඳ? මට අවසරයි නේද? වෙන ලියන්න තැනක් නැති නිසා මෙතැන ලියනවා.

    මහ බැංකුවේ බැඳුම්කර මගඩිය ගැන COPE වාර්තාව පිට වෙච්ච වෙලාවේ ඒ ගැන මේ රටේ ලොකු ආන්දෝලනයක් ඇතිවුනා. මහජනතාව කෝප වුනා, හැබැයි ඒ කෝපය පිට කරන්න, විරෝධය දක්වන්න මිනිස්සුන්ට platform එකක් තිබුනේ නැහැ. මිනිස්සු බලා හිටියේ ඒකාබද්ධ විපක්ෂය දිහෑ. නමුත් ඒකාබද්ධ විපක්ෂය ඒ දිහෑ “උපේක්ෂාවෙන්” නෙමෙයි “උදාසීන කමෙන්” බලා හිටිය. එදා ඒ ගැන එක ප්‍රවෘත්ති සාකච්චාවක් තිබ්බේ නැහැ. එක නිල නිවේදනයක් නිකුත් කලේ නැහැ. විමල් ඔබත් ඔබේ ජාතික නිදහස් පෙරමුණත් විතරයි ඒ ගැන විරෝධය පලකලේ. ඔබත් වීරකුමාරත් පාර්ලිමේන්තුව ඇතුලේ සහ විශේෂ ප්‍රවෘත්ති සාකච්චාවක් මගින් බැඳුම්කර මගඩියට සහ එහි මහ මොළකාරයා රනිල්ට එරෙහිව මහජන මුදල් මංකොල්ල කෑම සහ ඒ මුදල් අවුරුදු 30ක් තිස්සේ මහජනයගෙන්ම ආපහු අය කර ගැනීම ගැන මුළු රටටම දැනෙන විරෝධයක් පලකලා.

    හැබැයි දැන් ඔබේ පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ කොටසක් නිසා ඊළඟට සිද්ධ වියම යුතු, ඊට එරෙහි මහජන පෙළ ගැස්ම ඒ එක්කම සිද්ධ වුනේ නැහැ. ඒ වෙනුවට ඒකාබද්ධ විපක්ෂය හරියටම ඒ වෙලාවේ එච්චර කලක් නොපිපිච්ච “මල් පොහොට්ටුව” එලියට දැම්ම. මම ඒකට සුභ පැතුවා නමුත් ඊළඟට “බැඳුම්කර මගඩිය” වහගෙන පැයෙන් පැයට මල් පොහොට්ටු පිපෙන්න ගන්න කොට මම ඒකට විරෝධය පල කළා. ඒක පල වුනේ නැහැ. තවත් සතියකට දෙකකට පස්සේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රවෘත්ති සාකච්චාවක් තිබ්බ. එහෙන් මෙහෙන් හතු පිපෙනවා වගේ කතා කීපෙකුත් දැක්ක. ඊට පස්සේ මම “රිවිර” පත්තරේ දැක්ක ඒකාබද්ධ විපක්ෂය ඒ ගැන සාකච්චා කළා සහ ඉදිරි කටයුතු වලට විමලුත් ඉන්න කමිටුවක් පත් කළා කියලා. දැන් ඒකෙන් තමයි සම්මන්ත්‍රණ තියන්න සැලසුම් කරලා තියෙන්නේ.

    විමල් මම ඔබට හුඟක් ආදරෙන් ආයෙත් කියනවා, මම මේ කරන්නේ ඔබව විවේචනය කිරීමක් නෙමෙයි. හැමදාම කියනව වගේ මට ඔබත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඔබත්, NFF එකත් “බැඳුම්කර මගඩියට” පාර්ලිමේන්තුව ඇතුලෙදීම COPE වාර්තාව ආපු දවස්වලම ලොකු විරෝධයක් පල කළා. අවාසනාවන්ත විදියට පිටස්තර කෙනෙකුට සිද්ධ වුනු පෞද්ගලික ප්‍රශ්නයක් ඔබට විරුද්ධ දේශපාලන මඩ ගැහීමකට ලක් කරලා ඔබේ මුළු පවුලටම අපහාස කරලා තියෙද්දිත් ඔබ පාර්ලිමේන්තුවට ඇවිල්ල “බැඳුම්කර මගඩියටත්” රනිල්ටත් විරෝධය පල කළා. රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකම නියමිත වෙලාවේදී නියමිත ආකාරයට මහජනතාව බලාපොරොත්තුවෙන ප්‍රමාණයටත් වඩා ඉහලින් ඔබ සිද්ධ කරලා තියෙනවා. මම ඔබව අමුතුවෙන් highlight කරන්න යන්නේ නැහැ. හැබැයි හැම තිස්සෙම ඔබත් ඔබේ පක්ෂයත් අනිත් හැමෝටම වඩා අඩි කිහිපයක් නෙමෙයි ගව් ගණනක් ඉස්සරහින් ඉන්නවා. පැහැදිලිවම කියන්න දෙයක් තියෙනවා, ගිය අවුරුද්දේ “මහින්ද සුළඟ” ගේනකොට වගේ ඔබත් ඔබේ පක්ෂයත් ස්වාධීනව කටයුතු කරන තත්වෙක හිට්යා නම්, එහෙනම් අද වගේ ඔබ සම්මන්ත්‍රන තියන්නේ නැහැ, එහෙනම් මෙලහට වෙන මුකුත් සිද්ධ වෙන්නේ නැහැ, මුළු රට පුරාම රනිල්ට විරුද්ධව දැවැන්ත උද්ගෝෂණයක් ඔබේ නායකත්වයෙන් ඇති වෙලා.

    විමල්, මම හැමදාම කියනවා වගේ මේ රටේ මහජනතාව ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයට වඩා ගව් ගණනක් ඉස්සරහින්. රටේ වාසනාවට ඔබත් මහජනතාවත් එක විදියට ඉස්සරහට යනවා. අනිත් අය හිටි තැන කැරකෙනවා. Motion විතරයි, progress නැහැ, action නම් කොහොමටවත් නැහැ. මම ඔබට අමුතුවෙන් spotlight දාන්න යන්නේ නැහැ. නමුත් හැම තිස්සෙම ඔබ එතැන ඉන්නවා. උදාහරණයක් විදියට ජනවාරියේ ආණ්ඩුව ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන්න යනවා. සති වලින් බැලුවොත් තව සති කීයද? දෙසැම්බර් මාසේ සාමාන්‍යයෙන් උත්සව මාසයක්. ඔබ වේලාසනම මහජනතාව දැනුවත් කරන්න දවස් දෙකකට ඉස්සෙල්ල ප්‍රවෘත්ති සාකච්චාවක් තිබ්බ “රනිල්-සම්බන්ධන් පැකේජය” ගැන. ඒකාබද්ධ විපක්ෂය නින්දෙන් ඇහැරිලා හෙවත් රනිල්ට හුස්ම ගන්න ඉඩ දීල, රනිල් හුස්ම හිරවෙලා ඉන්න වෙලාවේ පිට්ටු ගිලපු සිංහයෝ වගේ ඉඳලා “දැන්” බැඳුම්කර මගඩිය ගැන කතා කරනවා. හිස් තැන් වටලන්න හදනවා. මහජනතාව ඔතන හිටියේ මාසෙකට විතර කලින්.

    දැන් රට ඉන්න ඕනේ “රනිල්-සම්බන්ධන් පැකේජය” ළඟ. අපි උද්ඝෝෂණය කරන්න ඕනේ විරෝධය පල කරන්න ඕනේ ඊට විරුද්ධව.

    වරදවා වටහා ගන්න එපා. රනිල්ට ඉල්ලා අස් වෙන්න බල කරන්න ඕනේ, උද්ඝෝෂණය කරන්න ඕනේ. හොඳයි එහෙම නොකලා කියලා අපිට නැතිවෙන්නේ මොනවාද? ආණ්ඩු බලය ගන්න එක ටිකක් පරක්කු වෙයි. නමුත් ෆෙඩරල් ව්‍යවස්ථාවට උද්ඝෝෂණය කරන්න ඕනේ වෙලාවේ “අපි” මහබැංකු බැඳුම්කර මගඩිය ගැන උද්ඝෝෂණය කරන්න යනවා නම්, අපිට නැතිවෙන්නේ අපේ රට, අපේ සිංහල ජාතිය. අපි ජාතියක් විදියට එකමුතු වෙලා දේශද්‍රෝහී ආණ්ඩුවට බල කරන්න ඕනේ ෆෙඩරල් ව්‍යවස්ථාව අකුලා ගන්න කියල. දැන් priority දෙන්න ඕනේ ඒකට.

    ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය, සුළු ජාතික විරෝධයක් බවට හරවන්න ආණ්ඩුවේ අනුග්‍රහයෙන් විශාල කුමන්ත්‍රණයක් දකුණේ සිද්ධ වෙනවා. වීමල් ඒ ගැන “රනිල්-සම්බන්ධන් පැකේජය” ගැන තියපු වෙලාවේ මහජනතාව දැනුවත් කළා. මේ තියෙන්නේ ඒ link එක, ඇහැරිච්ච නැති අය මකුළු දැල් කඩලා ඇස් ඇරලා විමල්ගේ කතාව අහන්න. http://lankacnews.com/අලූත්-ව්%e2%80%8dයවස්ථාවෙන්-රට-බ/

    “LankaCNews” වෙබ් අඩවිය, “දෙරණ” නාලිකාව, “හිරු” නාලිකාව සහ ජාතික පුවත්පත් “දිවයින”, “රිවිර”, “Daily Mirror”, “මව්බිම” සහ “ලංකාදීප” විමල්ගේ “රනිල්-සම්බන්ධන් පැකේජය” ගැන මෙතෙක් කිසි කෙනෙක් නොකරපු හෙළිදරව්වට තමන්ගේ මාධ්‍ය වලින් ප්‍රචාරයක් දීල, මාධ්‍ය වලින් මේ වෙලාවේ ඉෂ්ඨ වෙන්න ඕනේ ජාතික මෙහෙවර ඉහලින්ම ඉෂ්ඨ කරලා තියෙනවා. ඇස් ඇරෙන්න පරක්කු ජනාධිපතිතුමාව වගේම ඒකාබද්ධ විපක්ෂය ඇහැරවන්නත් මෙය උදව්වක් වෙයි කියල හිතනවා. (කවදාවත් බලාපු නැති පත්තරත් මම දැන් බලනවා ඒ මොකොද කිව්වා නම්, රටට ආදරෙන් විමල් කරන මෙහෙවරට, ජනතාව අවදි කරන්නට, ජාතියට අනතුරු අඟවන්නට විමල් දරන එඩිතර අවංක උත්සාහයට ප්‍රචාරයක් දීලා මාධ්‍ය වලින් මහජනතාව බලාපොරොත්තු වෙන මෙහෙවර ඉටු කරන නිසා).

    ජනමත විචාරණයට මුස්ලිම් දෙමල චන්ද ගන්න නම් ආණ්ඩුව පුළු ජාතීන්ව සිංහල ජාතියත් එක්ක වෛරයක් ඇති කරන්න ඕනේ. ඒ අරමුණ වෙනුවෙන් ආණ්ඩුව “තුන්” පැත්තම රත් කරනවා. එහෙම නොවුනොත් දකුණේ සිංහලයන් අතර සමගියෙන් ජීවත් වෙන සුළු ජාතීන් ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය දෙනවා. . මහජනතාව තේරුම් ගන්න ඕනේ ඇත්ත මේක. ඒ නිසා විවිධ වේශයෙන්, විවිධ පාටින්, විවිධ ඇඳුම් වලින් එන මේ උගුලට අහු වෙන්න එපා.

    හැබැයි පැහැදිලිවම විරෝධය දක්වන්න ඕනේ ආණ්ඩුව උතුරේ සහ නැගෙනහිර සිංහල ජාතීන් සතු අයිතීන් රැක ගන්න, බෞද්ධ සිද්ධස්ථාන රැක ගන්න ඒ පලාත්වල ප්‍රමුඛ පෙලේ හාමුදුරුවරු දඩයම් කරන්න සූදානම් වෙන එකට.

    එතැන තියෙන්නේ සුළු ජාතීන් පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එතැන් තියෙන්නේ සිංහල බෞද්ධ අපේ අයිතිය පිලිබඳ ප්‍රශ්නයක්. මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා දකුණේ මුස්ලිම්වරු එක්ක “රණ්ඩු” වෙන සංඝයා වහන්සේලාට, විවිධ සිංහල සංවිධාන සහ තරුණයන්ට කරුණාකරලා උතුරට සහ නැගෙනහිරට ගිහින් සිංහල ජාතිය වෙනුවෙන් තනිවම සටන් කරන උතරේ සහ නැගෙනහිර සැබෑ දේශප්‍රේමී එඩිතර හාමුදුරුවරුන්ට උතුරු නැගෙනහිර සිංහල අපේ අයිතිය ආරක්ෂා කර ගන්න සහයෝගය දක්වන්න කියලා. එතන ඉඳන් ආණ්ඩුවට විරෝධය දක්වන්න කියලා.

    මොන තරම් තර්ජන ආවත් උතුරු නැගෙනහිර අතෑරලා එන්නේ නැතුව සිංහලයන්ට දැනට ඉතුරු වෙලා තියෙන ඉඩම් ප්‍රමාණය හරි සුළු ජාතීන්ටයි ආණ්ඩුවටයි මංකොල්ල කන්න ඉඩ නොදී, බෞද්ධ සිද්ධස්ථානත් රැකගෙන විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් සටන් කරන හාමුදුරුවරුන්ටත් එහි පදිංචි සිංහල ජනතාවටත් උපහාරයක් සහ ශක්තියක් වෙන්න උතුරු නැගෙනහිරට ගිහින් සිංහල අපේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න කියල දකුණේ හාම්දුරුවරුන්ට සහ සිංහල සංවිධාන වලට කියන්න කැමතියි. ඒ මොකොද කිව්වා නම් ආණ්ඩුව දෙමල දේශපාලකයන්ගේ බලපෑම් වලට යටත් වෙලා උතුරු නැගෙනහිර සිංහලයන් විශේෂයෙන් හාමුදුරුවරුන් දඩයම් කරන්න සූදානම් වෙන නිසා.

    • Champa says:

      To chase a Prime Minister, people are not ready to take bullets, battons, tear gas or water.

      But for the sake of the country, to protect the country, to save our nation from elimination from our own land, the masses are ready to take anything.

      We fight a fight for our motherland and our nation. Have no mistake about that.

    • OLU says:

      Well said Champa ..I appreciate your great comments and suggestions..Thank you

  3. පර-චූ-වල් ටෙරරිස් says:

    වටලන්න ඕන නැහැ ළඟදීම යන්න වේවි..

  4. යුක්තිය says:

    ‍රනිල් කියන්නේ බලය පෙරේතකොට ඉපදුනු මලපෙරේතයෙක්…. රට වෙනුවෙන් ඇස්,ඇග,ශරීරය දන්දීපු රනවිරැවන්ට ගහපු හැටි, අමානුෂික විදිහට සලකපුව දැක්කම කියන්න පුලුවන් අරලිය ගහ මන්දිරය වට කරන ජනතාවට කොහොම සලකයිද කියල… අනික රණවිරැවො ඉල්ලුවෙ ජීවත් වෙන්න මුදලක් විතරයි… එත් මෙතන රනිල් සම්පූර්නයෙන් අයින් කිරීමේ අරමුණක් තියෙන්නෙ…. අද ප්‍රභාකරන්ගෙ දේශපාලන අවතාරය වුනු සම්පන්දන්ගෙන් ලබා ගත් ජන්ද වලට හිලව් ලෙස රට බෙදන මුල් බීජය වුු ෆෙඩරල් ක්රමය ගෙන ඒමට සූදානම්. දැන් රටේ තියෙන්නෙ යහපාලනේට මේ හේතුවත් එක්ක ලොකු අප්‍රසාදයක්…. ඉතින් ඇයි අපි අඩුව තියෙද්දි අත පුච්ච ගන්නෙ…. අපි මෙතනදි ක්‍රියාත්මක වෙන්න ඕන බස් ගැමුනු න්‍යායට අනුව….මිනිහ තමන්ගෙ අසාදාරන,ජනතා ද්‍රෝහී ඉල්ලීම් දිනා ගත්තෙ කොහොමද…? වැඩවර්ජන මත… ඉතින් අපිට තියෙන්නෙ විශ්ව සාදාරන, ජනතාවට යුක්ති සහගත අරමුනක්… මහා සංඝ රත්නයෙ ආශිර්වාදයත් එක්ක,ජනතා සහයෝගයත් එක්ක සියලු පාර්ශව වල සහයෝගයෙන් රටේ උපරිම තලයේ සිට වැසිකිලි හෝදන්නා දක්වා මිනිසුන්ගේ සහයෝගය ඇතුව රට මුදා ගැනීමේ මහා වැඩ වර්ජනයක් දියත් කල යුතුයි….. මේ රටේ තත්වයත් එක්ක ඒකාබද්ද විපක්ශය මේ සදහා සූදානම් උනොත් ප්‍රායෝගික සාර්තක ප්‍රතිඵලයක් අත් කර ගත හැකි වෙයි……

  5. vije says:

    oya vihilu karayata mona lajjawakda? lajjawa 25 parak paradicha paliya dan oya ganne!. vinasaya kiyanne janapathiwarayat vihilu kaarayage gata walata ahuwena ekane. Champika nihadai mokada arakollu happen giya case eka vihilu karaya wahala dammane. Ratu Ali patiya nihadai eyatat hoda waraprasada labenawane.

Main News