අගමැති රනිල් ඉවත් නොකරන්නැයි ජනපතිට විදෙස් බලපෑම්… අගමැතිට පොලීසිය දෙන්නැයි කියා ඇත්තේතේ බටහිරින්..

March 2, 2018 at 3:00 pm | lanka C news
අගමැති රනිල් ඉවත් නොකරන්නැයි ජනපතිට විදෙස් බලපෑම්… අගමැතිට පොලීසිය දෙන්නැයි කියා ඇත්තේතේ බටහිරින්..

බටහිර රටවල ප්‍රතිගාමී ජාත්‍යන්තර බලවේගයේ ආසියානු කලාපීය නායකයා වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එම පිටුබලය මගින් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් දිගටම බලයේ රැඳී සිටීමට කටයුතු කරමින් සිටින බව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා කීවේය.

ඔහු සඳහන් කරන්නේ නීතිය හා සාමය අමාත්‍යංශය අගමැතිවරයාට පැවැරීමද බටහිර බලපෑම හා සිදුවූවක් විය හැකි බවය.

කොළඹ බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

මේ රජය පිහිටුවාගන්න 2015දී සිටම ඇමෙරිකාව ඇතුළු රටවල් කුමන්ත්‍රණය කරනු ලැබුවා. 2015 පැවැති ජනාධිපතිවරණය හා මහා මැතිවරණයේදී මෛත්‍රී රනිල් ජයග්‍රහණය කරවන්න බටහිර රටවලින් විශාල මෙහෙයුමක් දියත් කළා. ඒ මෙහෙයුම තවමත් ඉවර නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කරන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව දෙන්නේ නෑ.

මේ බටහිර බලවේග රනිල් වික්‍රමසිංහ හරහා ඔවුන්ගේ බලය ක්‍රියාත්මක කරමින් නව ලිබරල්වාදය අපේ රටට ආදේශ කරන්නයි උත්සාහ කරන්නේ. මේ වැඩපිළිවෙ‍ලේදී ජනපති අසරණ කර ඇති බවද තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

ජයසූරිය උඩුකුඹුර
– Lakbima

112 views

10 Comments to “අගමැති රනිල් ඉවත් නොකරන්නැයි ජනපතිට විදෙස් බලපෑම්… අගමැතිට පොලීසිය දෙන්නැයි කියා ඇත්තේතේ බටහිරින්..”

  1. Gamaya says:

    Wishwasa bangaya nisa doller tikak lankawata ena pata thiyenawa.balana indimu…….

  2. Asaranaya says:

    රානි අලයා ඉවත්කරන හොඳම ක්‍රමය ජොනි බට්ටන් පරිහරණය කරන්නෙක් සොයාගැනිමයි, Please try and see!

  3. Saman says:

    Vedi thiyala maranne naththe ayi. …

  4. Open mind says:

    ශුවර් ද ? මෙයා කියන ඒවා එයාට ම තේරුම් ගන්නා බැහැ

  5. Nim says:

    RA NIL SAMAGA MY 3
    DENNAWAMA
    ALAWA DAMANNA
    WAHA WAHA
    KRIYATHMAKA WEEMATA
    JANATHAWA NAGEESTINNA
    RATE.. BUDDIMATH AWANKA
    VEERODARA MENISSU NE
    BALASETIMATA
    KALAYAK NATHA.

  6. සිංහල බන්ඩා says:

    තෙරේස දුම් වැටි පනත හොරකන් කලා කියල අඬන කොට හිටං ට කොන්දක් නැති බව අපි දැන හිටියා. හැබැය් පොලොන්නරැවෙ හැදුන වැඩුන හින්ද සෙවලයට රටක් ජාතියක් නැහැ කියල නිකමට වත් හිතුනෙ නැහැනෙ. අැත්තමය්.

  7. Ratawesiya says:

    Batahirin balapaam enna aththe unge ejanthaya thawaduratath thiyaagannei kiyala wennathi. Rate aagama, desheeyathwaya saha sanskruthiya kaabasiniya karala daanna pulwan weine.

  8. වෑදි සිරා.. says:

    දෑන් ඔය කොල් එක කවුද ගත්තේ…. මොකො අපේ ලොක්කට English බෑහෑ නේ…. මුනන් රට කනවා… කාලකනනිය..මුට හෙනම ගහපන්….

  9. Rupa says:

    පව් අනේ, ලොකු තැනට දැන් බටහිරෙන් දෙන උපදෙස් තේරුම් ගන්න වත් බැරිව ඇති. ඒත් මක් කරන්නද. පොරොන්දු ඌ පරිදි බලයේ ඉන්නකම් උන් කියන දේ කරන්නත් එපායේ.

  10. samuvel says:

    මුලු රටම බීතියෙන් සිටිය විටකදී යුද්දය පටන් ගෙන රටවලින් අපිට ආදාර අවශ්‍ය විටකදි ඔය බටහිර කේවට්ට පුරෝහිතයො ඇවිත් මහින්ද රජුට “යුද්දය නතර කරනු” කියල තර්ජනය කල විට ” මට උඹලාගේ නියෝග අවශ්‍ය නැත. මට අවශ්‍ය ත්‍රස්ත්වාදය නිම කිරීමට සහයෝගය පමනි” කියා ඔවුන් නිහඬ කිරීමට අපේ එඩිතර රජුට එදා නොනැමෙන කොන්දක් තිබුනි. දැන් ඉන්න උන්නැහෙත් එදා එය පිලිගත්තා. එහෙත් කිසිම ගැටලුවක් නොමැති ව සහ සීග්‍ර සන්වර්දන වැඩ නොමැතිව උවද..බටහිර අනවශ්ය නියෝග වලට හිස නමන ලෙසක් දැන් පෙනේ. පත් කර ඇති පශ්චාත් යුද කටයුතු කමිටුව හොදම උදාහරනයි. බලන්න එදා සහ අද සිටින නායකයින්ගේ නොනැමෙන සහ නැමෙන කොඳු.

Main News