අගමැති රනිල් ඔස්ටේ්රලියාවට.. එරට ලාංකිකයෝ වටකර විරෝධතා..
February 11, 2017 at 7:08 am | lanka C news
නව ෆෙඩරල්වාදි ව්‍යවස්ථාව ,ETCA ගිවිසුම , රටේ සම්පත් විකිණීම, රණවිරු දඩයම සහ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ගමන් මගට එරෙහිව ලබන 16 වන බ්‍රහස්පතින්දා මෙල්බර්න් නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙල්බර්න් නගරයේ ජීවත්වන ශ්‍රි ලාංකීය ජනතාව විසින් මෙය සංවිධානය කරනු ලබයි.
එදින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙල්බර්න් හී විශේෂ දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටින බවත් , අදාළ දේශනය සිදු කරන පරිශ්‍රය පිටත සිට මේ විරෝධතාවය පැවැත්වීමට මෙල්බර්න්හී ජීවත්වන ශ්‍රි ලාංකීය ජනතාව කටයුතු සූදානම් කර ඇත.
ලබන 16 වනදා පස්වරු 5.00 ට මෙල්බර්න් Federation Square හි River Terrace අසල Princess Walk වෙත පැමිණෙන ලෙසට රටට ආදරය කරන සියළු දෙනාගෙන් ඉල්ලා සිටී.
– දුමින්ද