අගමැති රනිල් කොටි පැරදු මහා යුද විරුවායි.. මහා වශයේ වීරයෙකු සේ ඔහුගේ නම ලිවිය යුතුයි..
January 28, 2017 at 3:00 pm | lanka C news
වේලූපිල්ලේ ප්රභාකරන් කොටි නායකයා සමග ගිවිසුමක් ගසා යුද්ධය නැවැත්වූ රනිල් වික්‍රමසිංහ අගමැති මෙරට එකම යුධ විරුවා බව නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.
කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ එනිසා ඉතිහාසගත වීරයෙකු සේ අගමැති රනිල්ගේ නම මහාවංශයේද ලියවිය යුතු බවයි.
LTTE විකුණගෙන කාපු වික්‍රමබාහු මේ වන විට 73 හැවිරි වියේ පසුවෙයි පේනවිධිහට ඔහු මරුවිකලෙන් දොඩවනවා වගෙයි
මොහු මුදලට, බලයට, වරදාන වලට තම ප්‍රතිපත්ති කොටි ත්රස්තවාදීන්ට පාවා දුන් අපේ රටට විනකළ නරුම පුද්ගලයෙක් මොහු හැමදාම කලේ ඩොලර් වලට නටපු එක තමයි …තවද උතුරේ විග්නේශ්වරන්ගේ ‘එළුග තමිල්’ විරෝධතා ව්‍යාපාරය ‘භාග්‍යමත් කාරණයක්’කියූ මේ වසලයා උතුරේ බුදු පිලිම ඉදිකිරීම අවමානයක් බව පවසා ඇත ..මෙවැනි පුද්ගලයෙක් අපේ රටේ ඉපදීමත් ජාතියේ අවාසනාවකි ..මොහු ,රනිල් වැනි වසලයෙක්ගේ ගුණ ගැයීම පුදුමයක් නොවේ
ඉන්දික ජෝතිෂ්‍ය තුමෙනි ,සෙනසුරාටවත් පණිවිඩයක් යවලා මොහුව අපේ රටින් පිට මං කරන්න බැරිද ?