අගමැති රනිල් ජවිපෙ නායකයාට කතා කරන්නේ බල්ලන්ට කතා කරන භාෂාවෙන්..
September 28, 2017 at 12:13 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක කැදවන්න කරන සංඥාව ඒකාබද්ද විපක්ෂ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ද විසින් හෙලි කලේය.
ඔහු සිය අතින් පෙන්වා සිටිනේ බල්ලන්ට ‘ඉජු ඉජු’ කියා කතා කරනා හස්ත සංඥාවයි. අගමැතිවරයා ඒ ආකාරයෙන් කතා කරද්දී ජවිපෙ විසින් වලිගය වනන තත්වයට පත්ව ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.
මැතිවරණයක් ඇත්තටම උවමනා නම් ජවිපෙ කල යුතුව තිබුනේ පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදී සිටීම බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.