අගමැති රනිල් ත‍්‍රිපිටක විශාරදයෙක්.. රට පාලනය කරන්නේ ලිච්චවි ක‍්‍රමයට.. පිං කැට කඩන්නේ නෑ.. විදෙස් ආධාර ගලාගෙන එනවා..

July 13, 2017 at 11:20 am | lanka C news
අගමැති රනිල් ත‍්‍රිපිටක විශාරදයෙක්.. රට පාලනය කරන්නේ ලිච්චවි ක‍්‍රමයට.. පිං කැට කඩන්නේ නෑ.. විදෙස් ආධාර ගලාගෙන එනවා..

වත්මන් ආණ්ඩුවට පන්සල්වල පිංකැට කඩන්නට උවමනා නැති බවත් විදේශ ආධාර පෝලිමේ ගලාගෙන එන බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ලේ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ත‍්‍රිපිටකය හොදින් හදාරා ඇති බුද්ධ ධර්මය හොදින් දන්නා පුද්ගලයකු බවත් ඔහු කිසි දිනෙක බුද්ධාගමට අගතියක් සිදු නොකරන බවත්ය.

අගමැතිතුමන් රට පාලනය කරන්නේ ලිච්චවි ක‍්‍රමයට බවද කී ඔහු ගිය ජනාධිපතිවරණයෙන් මහින් රාජපක්‍ෂ දින්නේ නම් රටට සම්බාධක පැනවෙන නිසා රට පාලනය කරන්න වෙන්නේ පිං කැට කඩා බවද සදහන් කලේය.

134 views
Main News