අගමැති රනිල් මත්තල ගුවන්තොටේ වී ගබඩා කල හේතුව හෙලිවෙයි..

July 23, 2018 at 6:25 am | lanka C news
අගමැති රනිල් මත්තල ගුවන්තොටේ වී ගබඩා කල හේතුව හෙලිවෙයි..

නුවරඑළිය නගර සභා ශාලාවේදී සංවිධානය කර තිබූ එළිය සම්මන්ත‍්‍ර‍්‍රණයට එක්වෙමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පල කලේය.

මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී භාර ගත්තේ හිටපු රාජ්‍ය නායකයන් ගණනාවකට නතර කරන්න බැරි වූ ත‍්‍රස්තවාදයක් තිබූ රටක්. එතුමා යුද්ධය අවසන් කරන්න හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු නායකයන්ට භාර දුන්නා. මේ රටේ සියලූ ජාතීන් වෙනුවෙන් පෙනී සිටි එකම නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා පමණයි. මේ රටේ බලයට පැමිණි රාජ්‍ය නායකයන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති එකිනෙකට වෙනස්. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආර්ථිකය ඉතා සරලයි. ඒ ආර්ථික සංවර්ධනය රට පුරා ගෙන ගියා. රටේ කෘෂිකර්මාන්තය නඟාසිටුවන්න විශාල වැඩ කොටසක් කළා. ඒ ප‍්‍රතිඵල 2014 දී අපිට දකින්න පුළුවන්කම ලැබුණා.

අපට එදා අතිරික්ත වී තොග තිබුණා. ඒ නිසා තමයි රනිල් වික‍්‍රමසිංහට මත්තල ගුවන්තොටුපළේ වී ගබඩා කරන්න පුළුවන්කම ලැබුණේ. මේ රටේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට ණය ලබාදුන්නා. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පහසුකම් දුන්නා. සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම, බදුබර අඩු කරන්න වැඩපිළිවෙළක් සකස් කළා. බඩු මිල වැඩි වීම ජනතාවට ප‍්‍රශ්නයක් වුණේ. ආදායම් බදු අඩු කළා. අද දඹදිව යන අයටත්, කාර් එකක් ගත්තොත් බදු අය කරනවා.

තාක්‍ෂණික නව පරපුරක් ඇති කරන්න වැඩපිළිවෙළක් ඇති වෙමින් තිබුණා. ආසියාවේ වේගයෙන්ම දියුණුවන කොළඹ නගරයක් ඇති කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සැලසුම් සකස් කළා. මේ සියලූ සැලසුම් 2015 න් පසුව නතර වුණා. බොරු ප‍්‍රචාරය කරමින් රටේ ජනතාව නොමඟ යැව්වා. ඒ බොරුව ජනගත කරන්න බටහිර රටවල් සල්ලි වියදම් කළා. මහින්ද රාජපක්‍ෂ රජය පරාජය කරන්න වියදම් කළේ ඒ සල්ලි. අද රටේ ආර්ථිකය, සංවර්ධනය ඇනහිටලා. මේ රට ඉදිරියට ගෙනියන්න වත්මන් රජයට කිසිදු සැලැස්මක් නැහැ. පසුගිය අවුරුදු තුනට ආර්ථික ප‍්‍රතිපත්ති නවයක් රටට ඉදිරිපත් කළා. මේ පක්‍ෂ දෙකට රට හසුරුවන්න බැහැ. පක්‍ෂ දෙකෙහි ප‍්‍රතිපත්ති එකිනෙකට වෙනස්. කිසිම නිවැරදි තීරණයක් ගන්න බැරි රජයක් බලයට ඇවිත් තිබෙන්නේ. නීතිවිරෝධී ආයතන පිහිටුවාගෙන දේශපාලනික වශයෙන් දඩයම් කිරීම පමණයි මේ රජය කරන්නේ. රාජ්‍ය සේවය කඩාවැටිලා.

අපි නැති කළ පාතාලය යළි අවදි වෙලා. පාතාලය එදා භාෂිතයෙන් ඉවත් වෙලා තිබුණේ. ඒ තරම් සාමකාමී තත්ත්වයක් රට තුළ තිබුණේ.

අද මාධ්‍යයෙන් අපි දකින්නේ හොරකම්, පාතාල, අපරාධ සිද්ධීන් පමණයි. ලෝකයේ ත‍්‍රස්තවාදය ඉවත් කළ රටෙන් ආයෙත් බෝම්බ හම්බ වෙන්න පටන් අරන් තිබෙනවා. රට බෙදන්න කතා කරනවා. මේ තමයි අද රටේ ඇති වී තිබෙන තත්ත්වය. අද රටේ සමාජයීය, දේශපාලන වශයෙන් අර්බුදයක් ඇති වෙමින් තිබෙනවා. දැක්මක්, සැලැස්මක් තිබෙන කණ්ඩායමකට මේ රට යළි භාරදිය යුතුයි. ඒ සඳහා සියලූම දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු කාලය එළැඹ තිබෙනවා.

– චාමින්ද කරුණාරත්න

20 views

8 Comments to “අගමැති රනිල් මත්තල ගුවන්තොටේ වී ගබඩා කල හේතුව හෙලිවෙයි..”

  1. Memopad says:

    If the premier directly involved in storing in Paddy at the warehouses of Mattala International airport, it is no doubt a national financial crime. The hangers should have been damaged and this is one reason, the Transport Minister with the Govt, hurried trying to handover to Indians. Those who involved in this financial scam should be reported to FCID for punishment, if not under this govt, but a future credible administration

  2. Ranarala says:

    avasanawaka mahatha internet eke mewage kathawakata ehumkn denne 100 k nam, gonja mervin weni evunta 10,000 k ehumkan denawa.

  3. Menaka says:

    Meeharako,
    JVP eken kirana argument ekata answer deepan.
    “Hambantota and Maththa projects done due to Chinese request”
    That is the truth…..

  4. Menaka says:

    Meeharako,
    JVP eken kiyana argument ekata answer deepan.
    “Hambantota and Maththa projects done due to Chinese request”
    That is the truth…..

  5. Gemunu Ruhuna says:

    එතකොට සර් චීන්නු ජනාධිපතිවරණය කාලෙ මහින්ද මහත්තයට ඩොලර් දුන්නෙ මක්කටෙයි. ඒ බටහිර රටවලට විරුද්ධව වෙන්ටැ මයෙ හිතේ.

    • 🐃 බයියා says:

      NY Times එකේ දාන්නෙ පට්ටපල් බොරු අනිත් එක ඒක ඇත්ත උනත් ඒ සල්ලි චීනෙන් මහින්ද මහත්‍තයට තියන ආදරේට චීනෙන් දීපු විදේශ විනිමය. (මීට බයියෙක්) 😁😂

  6. Wikramabahu says:

    NYT eka keewe boruwak bawa minissu athara oppuwela thiyenne. ian paisley kiyana eka uk indala ewenima boruwak kiyanawa mr ta wiruddawa. ape rata balawath videsa kumanthranayakata ahuwela thiyenabawa ela haraktai meeharaktai therenne ne. mama meka kiyanne ranarala kiyana meeharakata. eyanam manussayek bawa hithagaththaheki. manussayeknisa molaya tikak hari ethi ne. ohu kiyana de therum ganta beri eladenata saha meeharakun thirisannu nisa samawa diya hekii. hebei jeppanta saranata inne untikai unp tna aya vitharai. pau bang!

Main News