අගමැති රනිල් වරදක් කර නෑ.. බැදුම්කර වාර්තාවෙන් එය ඔප්පු වුනා…- එජාපය කියයි…
January 4, 2018 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය කරතිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බව ද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ බැඳුම්කර කොමිෂන් සභාවේ නිර්දේශ පිළිබඳව සිය පක්ෂයේ මතය පැහැදිලි කරමිනි.
කොමිසමේ නිර්දේශ පිළිබඳව බදාදා (දෙසැම්බර් 03) විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, බැඳුම්කර නිකුතුවෙන් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි ද කොමිසම නිර්දේශ කර තිබේ.
එම නිර්දේශ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා: “දැන් බොහෝ දෙනා චෝදනා කළේ ගරු අගමැතිතුමා අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම වැරදියි කියල. කොමිසම පිළි අරන් තියෙනව පත්කිරීම නිවැරදියි, විධිමත් කියල,” යනුවෙන් සඳහන් කළේය.
එම නිර්දේශ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා: “දැන් බොහෝ දෙනා චෝදනා කළේ ගරු අගමැතිතුමා අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම වැරදියි කියල. කොමිසම පිළි අරන් තියෙනව පත්කිරීම නිවැරදියි, විධිමත් කියල,” යනුවෙන් සඳහන් කළේය.
එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ, ජනාධිපති කොමිසමේ නිගමනය කවරක් වුවත් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු රටේ කේන්ද්‍රීය මූල්‍ය ආයතනයේ ප්‍රධානී තනතුරට පත්කිරීම බරපතල වැරැද්දක් බවය.
එම තර්කය බැහැර කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා පවසන්නේ මහ බැංකු ප්‍රධානී පදවියට විදේශිකයන් පත්කිරීම ලොව පුරා වෙනත් බොහෝ රටවල ද සිදු වී තිබෙන බවය.
මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත කටයුතු පිළිබඳව ජනාධිපති කොමිසම හමුවේ හෙළි වූ බොහෝ තොරතුරු පිළිබඳව අගමැතිවරයාට පූර්ව අවබෝධයක් නොතිබුන බැවින් අගමැතිවරයා තමන් යටතේ සිටින නිලධාරීන් පිළිබඳව විශ්වාසය තැබීම වැරැද්දක් නොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරාගේ මතයය.
“අගමැතිතුමා රහස් පරීක්ෂකයෙක් නෙවෙයිනේ? පොලිස් නිලධාරියෙකුත් නෙවෙයි. අගමැතිතුමාට මේ තොරතුරු තිබුණේ නෑ.”
– BBC
Lajja baya naethi agamaeti, aparadakara jarapati saha duppath ahinsaka janathawage badu mudalin igenegena usas thanathuru laba eva avabhavithakota maha horun rakina niladhareen yana me siyala durjanayinta waedikal nogos hena hathama gasathwa!!!!!!!
Ane paw. Ahinsakaya! Mokuth nodanna mokuth nokarapu thoththa baba.
Aa bola Ajith P Perera kiyana ballo tho dannena nadda maha bankuwa mudal ammathyansayen kadala Raniyage athata gaththe kos kotannada? Tho danne Nathan kata vahagena hitapiya booru. Foot nota.
මෙන්න මේ තොරතුරු හෙළිදරව් වී, ස්ථිර වී තියනවා,
අර්ජුන මහේන්ද්‍රන් ගැන අගමැති වගකියනවා කියා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර ඇත. අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර වංචාව කර ඇත. එහෙමනම් අගමැති එම වංචාවේ වගකීම භාරගතයුතුය.
පතුල නැති කලිසම් සාක්කුවල අත් දෙක දමාගෙන ඇඹරෙනවා නෙමෙයි නියම විධියට වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතුය. බැඳුම්කර කොමිසම ඉදිරියේ සේ නාඩගම් නටන්නේ නැතිව නියම නපුංසකයෙක් ලෙස චෝදනා වලට මුහුණ දිය යුතුය. බැරිනම් එල්ලුනාට කමක් නැත. තව දුරටත් මේ හොරා අගමැතිනම් ජනාධිපති පිළිබඳවද කියන්න තියෙන්නේ එච්චර තමයි.
Death is far too a luxury.
Hangman, don’t kill them.
Send them to the Hell alive.
I will look after.
I promise.
අපි දන්නවනේ ඒක ඕව එන්න ඉස්සෙල්ලම. ඕව බොරු වාර්තා පමණි. සිරෝ, තෝ තරම් කාලකන්නියෙක් මේ ඉතිහාසේවත් නැහැ.
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය