අගමැති රනිල් වහා ඉල්ලා අස්වෙනු.. නූතන අන්දරේ ඔහුයි..- ශ‍්‍රිලනිපය කියයි..

January 25, 2018 at 3:50 pm | lanka C news
අගමැති රනිල් වහා ඉල්ලා අස්වෙනු.. නූතන අන්දරේ ඔහුයි..- ශ‍්‍රිලනිපය කියයි..

අද වන විට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රජගෙදර කවටයා අන්දරේ වගේ හැසිරෙන බව හිටපු ඇමති පියසිරි විජේනායක මහතා පවසයි.

මහ බැංකුව ඇත්තේ ඔහු යටතේ නිසා බැදුම්කර මගඩියේ මහ මොලකරුවා ඔහු බවත් සදාචාරාත්මකව දැන් කල යුත්තේ අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීම බවත් විජේනායක මහතා කියයි.

ලංකා ඉතිහාසයේ මේ තරම් පහත් තත්වයකට වැටුනු අගමැතිවරයෙක් තවත් නැති බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

වහාම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහිදී කීය.

පියසිරි විජේනායක මහතා මෑතකදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් ශ‍්‍රි ලංකා නිදහස් පක්‍සයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

117 views

21 Comments to “අගමැති රනිල් වහා ඉල්ලා අස්වෙනු.. නූතන අන්දරේ ඔහුයි..- ශ‍්‍රිලනිපය කියයි..”

  1. Nandasoma says:

    ඉතින් රනිල් හොරා කියල අපිට නෙමෙයි කියන්න ඕනැ….ඔයාගෙ ජනාධිපතිට නෙ….
    එයයි රනිලුයි එකම ආණ්ඩුවක කොටස් කාරයො කියල පියසිරි දන්නෙම නැද්ද?

    • Karu says:

      ඊටත් කියන්නෙ පත්තර වාර්තාකාර මහත්තුරුන්ට පුළුවනෑ අගමතිල එක්ක හෙය්යන්මාරු අල්ලන්න. ඕන් විජෙනායක උන්නැහැ තමන්ගෙ නෝනටවත් කිව්ව නං බාගදා ලිඳ ළඟදි සොපි අක්ක්කටයි මැගි නන්දටයි වත් කියයි.
      මුන් නිකං කුලියට ගත්ත සෝබන ප්‍රකාශකාරයෝ.

  2. indunil says:

    apranika nisa kaduwa waniya nohakida……

  3. ඉල්ලා අස්වෙන්න says:

    ඉල්ලා අස්වෙන්න කියන්නේ කාගෙන්ද උබෙන්ද යකෝ? ගහලා පන්නුවත් යන්නේ නෑ යකෝ.

Main News