අගමැති රනිල් වික්‍රමසිංහ කිලිනොච්චි ගංවතුර ගැන බලන්න යයි…
December 28, 2018 at 5:30 pm | lanka C news
ගංවතුර හේතුවෙන් උතුරේ විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමට අද (28) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේ සංචාරයක නිරතවිය.
එහිදී අගමැතිවරයා පළමුව කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවත්වූ අතර මේ සඳහා ආපදා කලමනාකරන අමාත්‍ය රංජිත් මද්දුමබංඩාර ඇතලු එක්සත් ජාතික පක්ෂ තවත් මැති ඇමතිවරුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහ උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩු කුරේ මහතා කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා ඇතුලු උතුරේ ආපදා කලමනාකරන නිලධාරීන් සහ යුදහමුදා නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එම සාකච්ඡාවෙන් පසුව අගමැතිවරයා කිලිනොච්චිය මධ්‍යම විදුහලේ පිහිටා ඇති ආරක්ෂිත කඳවුරේ සිටින ජනතාව හමු වී ඔවුන් සමග සකාච්ඡා කොට එම වැසියන්ට ආධාර ලබා දීම සිදු කරනු ලැබීය.
එහිදී පැවති සාකච්ඡාවේදී රනිල් විකමසිංහ මහතා විසින් කිලිනොච්චිය ඇතුලු උතුරේ ගංවතුර හේතුවෙන් විපතට පත්වූ වැසියන්ට ආධාර ලබා දීම ඇතුලු දැනට ආරක්ෂිත කඳවුරු වල සිටින ජනතාවට ආහාර ඇතුලු අවශ්‍ය පහසුකම් සැපයීමත් ගංවතුර හේතුවෙන් හානි වූ නිවාස ඇතුලු උපකරන සම්බන්ධයෙන් අදාල නිලධාරීන් සමග සාකච්ඡා කොට ඉක්මන් විසඳුම් ලබා දෙන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදු විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Hoda welawata kilinochchi banku tika waturata yata wela.
අහසින් ගොස් සල්ලි මලු දාන්න කවුරු හරි අැහිඳ ගනිවි රනිල්ගේ උපදෙස්
වහාම වාරතාවක් කැඳෙව්වයි කියාලයි ආරංචිය- කොහොමෙයි මේ ගං වතුර ආවෙ – කවුද මේක ඇති කොලේ කාරිය සොයා බලන්නෙයි කියාල!