අගමැති රනිල් ශූර පාලකයෙක්.. ආණ්ඩුව පෙරලන්න දෙන්නෙ නෑ.. – අමරවීර
January 23, 2017 at 11:20 am | lanka C news
‘මේ ආණ්ඩුව කීයටවත් වැටෙන්නේ නෑ. රනිල් අගමැතිතුමා ශුර පාලකයෙක්. ජනපති ගේ ආශිර්වාදය නැතිව කිසිවෙකුට ආණ්ඩුව පෙරලන්න බෑ’ යයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.
වත්මන් ආණ්ඩුව කිසිදු ගැටළුවකින් තොරව 2020 දක්වා ගමන් කරන බවත් පක්ෂය ඉවතලා පුද්ගල වන්දනා යන පිරිස් ශ්රිලනිපයෙන් ඉවත් වුවද එය පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවන බවද ඔහු එහිදී වැඩි දුරටත් කීය.