අගමැති රනිල් සුදු වෑන් පැහැර ගැනීම් කලේ යයි බටලන්ද කොමිෂන් වාර්තාවෙන් චෝදනා..
August 17, 2019 at 10:40 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
‘අගමැතිතුමා යාපනයේ රැස්වීමක් අමතමින් පැවසුවේ රාජපක්ෂ යුගයේ දී සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැර ගැනීම් සිදු වුණු බවයි. ඒ යුගය යලි උදාවෙන්නයි යන්නේ කියල රට බය කරන්නයි හදන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සෘජුව චෝදනා එල්ල වුණු බටලන්ද ජනාධිපති කොමිසමේ වාර්තාව සඳහන් කරන්නේ 1987 සිට 1989 දක්වා යුගයේ සුදු වෑන් වලින් පැමිණ පුද්ගලයින් අතුරුදහන් කළ බවයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවන ධූර කාලයේ දී කිසිම මාධ්‍යවේදියෙකු සුදු වෑන් මගින් පැහැරගෙන යෑමක් වාරතා වෙන්නේ නැති බව ගයන්ත කරුණාතිලක මන්ත්‍රිතුමා 2016 මාරතු 10 දින පාරලිමේන්තුවට ප්‍රකාශ කළා. එහෙම නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරම්භ කළ සුදු වෑන් සංස්කෘතිය අවසන් කලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක සඳහන් කරන්න පුළුවන්.
ආණ්ඩුවට විරුද්ධව සිටිය නිසා රවිරාජ් මන්ත්‍රිතුමා වගේම මහේෂ්වරන් මන්ත්‍රිතුමා ඝාතනය වුණත් ඒවාට වගකිවයුතු අය නීතිය ඉදිරියට පමුණුවන්න අපට බැරි වුණා කියලා අගමැතිතුමා චෝදනා කළා. හරි හරි අපට බැරි වුණා කියමුකො. ඉතින් පසුගිය අවුරුදු පහ පුරාවට තමන්ගේ මන්ත්‍රිවරුන් මැරුවේ කවුද කියලා සොයා ගන්න අගමැතිතුමාගේ ආණ්ඩුවටත් බැරි වුණානෙ. ඒ විතරක් නොවේ එජාපයේ ප්‍රබල නායකයෙකු වන ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ඝාතනය කලේ කවුද කියා සොයා ගන්නවත් එජාපයට පුළුවන් වුණා ද? ඒ නිසා අපි “ඔවා දෙනු පරහට – තමා සම්මතයේ පිහිටා සිට” කියා අගමැතිතුමාට කියනවා.
ලංකා ඉතිහාසයේ විතරක් නොවේ ඉහළම තාක්ෂණය තිබෙන ඇමෙරිකාවේත් නොවිසඳුණු ප්‍රභූ ඝාතන තිබෙනවා. ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනෙඩි ඝාතනය කිරීම පිටුපස සිටියේ කවුද කියන එක අදටත් අභිරහසක්’
– අරවින්ද අතුකෝරල
ඇරඹුන එක්සත් ජාතික බණ්ඩාරනයක මහතාව ඝාතනයෙන් පක්ෂ මිනීමරු දේශපාලනය ඔවුන්ගේ පැවැත්ම උදෙසා මෙරටේ වටිනා කියන මිනිසුන් කීදෙනෙකුන් ඝාතනය කලේද?ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න,රිචඩ් ද සොයිසා,සාගරිකා ගොමස්,විජය,ප්‍රේමකීර්ති,ලලිත්,ගාමිණී,ස්වාමීන් වහන්සේලාද අතුලත්ව හැටදහසක් තරුණ තරුණියෝ,83 ඇතිකල කළු ජූලියෙන් පසු යුද්දයෙන් මෙරට මැරුන සෑම ජීවිතයකටමද වගකිව යුතු වනේමද ඔවුන්මය.මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයටද ඔව්න් වගකිවයුතුමය
Deveni dura kalaye naha kyanne…palaweni kaalaye wuna…
වෙන්ඩ ඇති…දෙවෙනි සැරේ හදා ගත්ත…ඒක තමා වැදගත්..
ඡන්ද කාලයේ මතුවෙන බටලන්ද. ඕනෑ එකකට හුරේ දාන උන්ට නම් මේ කතා මරු.
මේ යකාට සුදතුම් පියා නෙමෙයි සුදු වෑන් පියා කියලයි කියන්නේ තියෙන්නේ
Udaya Gammanpila is smart. He showed facts to prove his view.
Hope everyone else follow this,
බටලන් ද කොමිසමේ නිර්දේශ කියවා බලන්න. එහි එන නිර්දේශ අනුව බටලන් ද වධකාගාරයේ අමානුෂික ක්‍රියා පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසත්, පොලිස් නිලධාරී ඩ්ග්ලස් පීරිස් ඇතුලු අනෙකුත් චුදිතයන්ට ද නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නිර්දේශ කර ඇත.
එහෙත් එවකට ජනාධිපති චඳ්‍රිකා කුමාරතුංග ඒවා ක්‍රියාත්මක කළේ නැත.
එය ක්‍රියාත්මක කළා නම්, අපේ රට අද මුහුණ දෙන බොහොමයක් ප්‍රශ්නවලින් වැලකීමට අවස්ථාව තිබුණි.
එය ක්‍රියාත්මක නොකිරීමට හේතුව “චෞර රාජිනිය” කෘතියෙන් සොයාගත හැකිය. මහජනතාව මුලාකොට චන්දය ලබාගෙන බලයට පැමිණ රාජ්‍ය සම්පත් මංකොල්ලකන මෙවැන්නන්ට මහජනතාව විසින්ම දඬුවම් කළයුතුය.