අගමැති රනිල් හා ආණ්ඩුව ඉල්ලා අස්වෙන බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තුවට..

April 23, 2019 at 9:20 am | lanka C news
අගමැති රනිල් හා ආණ්ඩුව ඉල්ලා අස්වෙන බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තුවට..

අද පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් ආරම්භයේදීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වනු ඇතැයි බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

මේ තරම් විශාල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබියදී ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යයි කී ඒ මහතා වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායය හිස්මුදුනින්ම පිළිගන්නා වික්‍රමසිංහ මහතා ඒ අනුව යමින් අද දිනයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීම බලාපොරොත්තුවෙන් තමන්ද පාර්ලිමේන්තුවට යන බව කියා සිටියේය.

රටේ ජනතාවට ආරක්ෂාව සැපයිය නොහැකි ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීම කිසිසේත්ම සුදුසු නැති බව ද මන්ත්‍රීවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කලේය.

කොටි සංවිධානය මෙරට ක්‍රියාත්මකව පැවති සමයේදී පවා සිවිල් ජනතාව ඉලක්ක කරමින් මේසා දරුණු ප්‍රහාරයක් එල්ල කර නැති බවද කී ඔහු දිගින් දිගටම බුද්ධි අංශ අඩපණ කිරීමේ ක්‍රියාවලිය සහ රණවිරුවන් සිරගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඉතා පහසුවෙන් දේශීය සහ ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම් මෙරට කෙළිබිමක් කරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

190 views

22 Comments to “අගමැති රනිල් හා ආණ්ඩුව ඉල්ලා අස්වෙන බලාපොරොත්තුවෙන් පාර්ලිමේන්තුවට..”

  1. Nalaka says:

    මෝල් ගහෙන් දලු යන තුරු…

  2. Ratawasiya says:

    ඔව්‍ මේ ආන්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි.මහජනතාවට ආරකෂාව සැලසිය නොහැකි ආන්ඩුවක් කුමකටද.උන්ගෙ ආරක්ෂාව ගැන විතරයි හිතුවෙ මහඑවුන්. අහිංසක ජනතාවට මොනවා උනත් මුන්ට කමක් නැහැ.

  3. S. Vitharana says:

    Meya witharak ayin wela madi. Ethakota araya? Eya sadahatama innada kalpanawa?

    • sinha le says:

      මේ ආන්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි.මහජනතාවට ආරකෂාව සැලසිය නොහැකි ආන්ඩුවක් කුමකටද?

  4. King says:

    Rajithage daruwone oya bomba gahiwe, uwath arrest karanna. Mata mathakai oka kiyapu kathawa eda muslim prashna dawas wala

  5. Winsara says:

    Hikenuth Puna Ehema Unoth. mama arawa kala mewa kala, arayata karanna kiwwa, meyata karaganna kiwwa kiyala list ehekuth pahugiya tike kiyawa kiyawa hitiye.

  6. දො.ජු.විකුම්සිහ says:

    මුළු රටම විනාශ කරනතුරු මා ඉල්ලා අස්නොවෙමි…….

  7. ජේ.ජේ says:

    ලඞකාවෙ එහෙම උනත් එංගලන්තෙ එහෙම වෙන්නෙ නෑ…. අපෙ කට්ටිය බලෙන් ඉන්නෙ නෑ…..😜

  8. Critic says:

    Pro terrorists government must be dissloved with immediate effect! Especially, Baddudeen should be taken to custody!

  9. Neel Perera says:

    රනිල් ඇතුළු ආණ්ඩුව පමණක් නොවෙයි, ආරක්ෂක අංශය සහ පොලිසිය සාමය බාරව සිටින ජනාධිපතිත් ඉල්ලා අස්විය යුතුයි. පළමුව ජනාධිපති ඊළඟට ආණ්ඩුව ..

  10. චතුර කක්කුස්සි රත්න says:

    රත්තරන්,…
    ඔයාට පිස්සුද රත්තරන් ? =D

Main News