අගමැති රනිල් හොරෙක් කියා ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා..

January 15, 2018 at 3:28 am | lanka C news
අගමැති රනිල් හොරෙක් කියා ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සොරකම් කළේ යැයි කුමන අධිකරණයක හෝ ඔප්පු වුවහොත් තමන් ඇමැතිකම් හා මන්ත්‍රීකම් අතහැර දේශපාලනයෙන් සමුගන්නා බව අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පවසයි.

බොහෝ මාධ්‍ය ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ ආණ්ඩුවට බැණ වදිමින් සිටින බවත්, එසේම බොහෝ මාධ්‍ය අගමැතිවරයා හොරෙක් කරන්නට උත්සහ කරන බවත්, පැවැසූ ඇමැතිනිය අගමැතිවරයා හොරෙක් කියා මොනම අධිකරණයක හෝ ඔප්පු වුවහොත් තමන් එසේ ඇමැතිකම් දෙකක් මන්ත්‍රීකමත් තබා ගෙදර යන බවද ඇය පැවැසුවාය.

හොරකම් කළ පුද්ගලයා හැම විටම සිතන්නේ බලය ගන්නේ හොරකම් කිරීමට කියා යැයි ද, මිනීමරණ ලද පුද්ගලයා හැම විටම සිතන්නේ බලයට එන්නේ මිනීමරන්න කියා යැයිද පැවැසූ ඇමැතිනිය වත්මන් ආණ්ඩුව ඒ සියල්ල ජනවාරි 8 වැනිදා නැවැත්වූ බවද කීය.

කොයිතරම් හොරා කරන්නට හැදුවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගේ එවැනි ‍ලේබල් ගසන්නට කිසිවකුට පුළුවන්කමක් නැතැයිද පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රත්නපුර මාදම්පේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින් ඇමැතිනිය පැවැසුවාය.

– Lakbima

38 views

9 Comments to “අගමැති රනිල් හොරෙක් කියා ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා..”

  1. ව්දිය බණ්ඩාර says:

    ඔබ රනිල්ට බැලමෙහෙවරකම් කිරීම ඔබේ යුතුකමක් නේ, ඒක රටේ ප්‍රශ්නයක් නොවෙයිනේ දෙවියනේ.
    මේ දේ තේරුම් ගන්න බැරි ඔබ වගේ දේශපාලනේ ඉන්න කෞරු හෝ වේවා ඔබ අදහන දෙවියන්ගේ නාමයෙන් ඉවත් වෙන්න.
    මේ විදිහට මේ රට කුනුබක්කියක් කරන්න එපා ,

  2. බන්ඩා says:

    රවියව ප්‍රශ්ණ කලා වගේ අගමැටිවත් ප්‍රශ්ණ කරන්න දප්පුල ලිවේරට ඉඩ දුන්නා නම් අගමැටි හොරා බව කොමිසම් වාර්තාවම පැහැදිලිව කියනවා නිසැකය්.

  3. "කරුමය" says:

    පක්‍ෂයක් පාටක් ඕනි නැත අවංක කමට
    තලතා මැතිනියනි ඔබ නිවරදිම කිව්වට
    අගමැති රනිල් උතුමා අවංක පෙන්නුවට
    වටේ හොරු වමාරයි කාපු දෙය නිසිදාට

  4. Nimali says:

    Oppuwela thiyena dewal amuthuwen oppu karanna onada?Melo hasarak nathi naralowa holmanak.

  5. Karu says:

    එයා හොරෙක් නොවෙයි කියල ඔප්පු කළොත් මම ඔයාට ‘උම්ම ‘ එකක් දෙනවා.

  6. Hoo N P Karaya says:

    Meya danne nathiunata ratama dannawa kauwda maha bankuwa mankolla kawe kiyala. Wena rataka unanam melahakata innaone hire.

  7. GA says:

    Samu gànna epa api dennam

  8. අරුණ says:

    ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත්වන නඩුවක තින්දුව සඳහා අධිකරණ අමාත්‍ය වරිය විසින් අනියම් අාකාරයෙන් කරන බලපෑමක්…………….විශ්වාස බංගයකට කාරණයක්.

  9. KAMAL says:

    thamuseyta aswanna vidiyak natiwada enney

Main News