අගමැති රනිල් 2020 ජනපති කරන්න සූදානම්..

January 1, 2018 at 3:28 am | lanka C news
අගමැති රනිල් 2020 ජනපති කරන්න සූදානම්..

මෙවර මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොව පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයින් තෝරාගන්නා මැතිවරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දමිළ ප්‍රගතිශීලී සන්ධානය හැටන් DKW ශාලාවේදී (31) පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය වටා ජනාධිපතිවරයෙකු පත්කරගැනීම සඳහා 2015 වසරේදී සෙසු දේශපාලන පක්ෂ සහ ජනතාව ඒකරාශී වූවා සේම මෙවර පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සියලුදෙනා ඒකරාශී වී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ඉල්ලීම පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සංඛ්‍යාව වැඩිකිරීමට තම ආණ්ඩුව කටයුතු කළ බවත් ඊට පෙර පැවති කිසිදු ආණ්ඩුවක් වැවිලි ප්‍රජාව වෙනුනෙන් එවැනි සේවාවක් සිදුකර නොමැති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියාය.

කඳුකරයේ ප්‍රජාව භාර අමාත්‍යවරයා බවට පලනි තිගාම්බරම් මහතා පත්කිරීමට තමා පියවර ගත්තේ වැවලි ප්‍රජාව වෙනුවෙන් සේවය කිරීම සඳහා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා විසින් වැවිලි ප්‍රජාව උදෙසා නිරවුල් ඔප්පු සමඟ නිවාස ලබා දීමේ වැඩසටහන සහ ඔවුන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

තිගාම්බරම් අමාත්‍යවරයා ගෙන යන වැඩපිළිවෙල ඉන්දීව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැසසුමට ලක්වූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2020 පැවැත්වෙන මැතිවරණයේදී ජනාධිපතිවරයා බවට පත්කිරීමට කැපවී කටයුතු කරන බව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා අදහස් දක්වමින් මෙහදී ප්‍රකාශ කළාය.

එක්සත් ජාතික පක්ෂය රටට සේවය කර ඇති පක්ෂයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ජාතිවාදී නොවන පුද්ගලයෙකු බවත් එතුමා සියළු ජාතීන්ගේ සිත දිනාගෙන සිටින පුද්ගලයෙකු බව අමාත්‍යවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයාට ඇතැමුන් අසත්‍ය චෝදනා එල්ල කිරීමට උත්සාහ කළත් ඒවා ඔප්පු කර ගැනීමට ඔවුන්ට නොහැකිවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නාය.

වැවිලි ප්‍රජාව වෙනුවෙන් තම ඉල්ලීම පරිදි ඉඩම් හිමිකම් ඔප්පු සමඟ නිවාස ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ රජය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මෙවර මැතිවරණයේදී ඒ සඳහා කෘතගුණ දැක්වීමට වැවිලි ප්‍රජාව කැපවී සිටින බවයි.

– අනුර රත්නායක

22 views

9 Comments to “අගමැති රනිල් 2020 ජනපති කරන්න සූදානම්..”

  1. sinha le says:

    ඉඩම් හිමිකම් ඔප්පු සමඟ කල්ලතොනින්ට නිවාස ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය සිංහලයේ අයිති සිංහලයන්ට මහමුද?

  2. john the baptice says:

    2020 තිස් වතාවක් පැරදුනා කියා ගිනිස් පොතට යනවා

  3. sinha le says:

    රනිල් නම් නූතන දොන් ජුවන් ධර්මපාල අපට එපා

  4. love nature says:

    දොන් ජුවන් ධර්මපාල රජතුමා ඔප්පුවකින් කෝට්ටේ රාජධාණිය පෘතුග්‍රීසීන්ට පැවරුවා හා සමානව ඒ ක්‍රමයම අනුගමනය කරමින් අද රනිල් යලි උපන් දොන් ජුවන් ධර්මපාල බවට පත්වෙමින් දිගුකාලීන බදු ඔප්පු හරහා ත්‍රීකුණාමලය ඉන්දියාවටත් හම්බන්තොට චීනයට ලබාදෙන්න කටයුතු කරමින් සිටින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල චෝදනා කරනවා .

    • Wilson Thilakaratna says:

      We are delighted to hear Ranil will contest at the next presidential election. It’s the easy way for Ghota to win at a higher majority.

  5. lion says:

    නූතන දොන් ජුවන් ලෙසට නැවතත් ඉතිහාසයට එක්වනවා නොඅනුමානය.

  6. lion says:

    රනිල් කවදත් බෙදුම්වාදයට පක්ෂය. ඊට හේතුව ඔහුගේ සන්තානයේ ඇති බටහිර ගැති බවයි. තමන්ගේ සවාමීවරුන් වන ඉංග්‍රීසීන් ඉදිරියේ ඉංග්‍රිසි කාරයෙකු ලෙසට පෙනී සිටිමින් ලංකාව ඔවුන්ගේ වෙළදපළක් බවට පත් කිරීම සඳහාද දෙවනුව තම බල පරාසය ආරක්ෂා කර ගැනීමට ඉන්දීය වුවමනාවන් සඳහා පෙනී සිටීමද දැක්විය හැකිය.කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණින් වැටුණු රනිල් නොර්වේ සාම නියෝජියන් ගේ ඉල්ලීම පිට අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා ප්‍රභකරන් සමග සාම ගිවිසුමක්ද අත්සන් කලේය.

  7. Korale says:

    දවල් සිහින දකින රනිල්. TNA එකෙන්ද ඉල්ලන්නෙ.

  8. Dr Lakshman Fernando says:

    GET READY TO GO TO ANGODA>

Main News