අගමැති රෝගී වී රෝහලේ යයි වාර්තා..

August 29, 2021 at 10:02 pm | lanka C news
අගමැති රෝගී වී රෝහලේ යයි වාර්තා..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බව අගමැති මාධ්‍ය ඒකකය පවසයි.

අගමැතිවරයා තම රාජකාරියේ සාමාන්‍ය ලෙස යෙදී සිටින බවද මාධ්‍ය ඒකකය තවදුරටත් කියා සිටී.

අග‍්‍රාමාත්‍යවරයා රෝගීව රෝහල්ගතව සිටින්නේ යයි අපැහැදිලි පින්තූර හා වාර්තා සමාජ ජාලාවන්හි පලවීම පිලිබදව අගමැති මාධ්‍ය ඒකකය විසින් මෙම පැහැදිලි කිරීම කර ඇත.

439,761 views

8 Comments to “අගමැති රෝගී වී රෝහලේ යයි වාර්තා..”

  1. ගමේ මිනිහා says:

    මෙතුමා රටක වාසනාවට පහලවන ජන හිතකාමී නායකයෙක්… වටේ ඉන්න අයනං ඒ වගේද කියලා සැකයි…

  2. හාරත says:

    ඉක්මනින් සුව පත් වේවා. මේ වෙලාවේ ලන්කාවට තියෙන ලොකුම බලාපොරොත්තුව. අනික් දේශපාලු නායකයන් බලයේ හිටියානම් අද ලන්කාව කනත්තක් වෙලා.

  3. lakshitha says:

    ත්‍රස්ථයන්ට නම් කොහොමත් මෙතුම එක්ක ලොකු අවුලක් තියෙනව කියල අපි දන්නව. ඔය හොරා කතාව කියල ආපු යහපාලනේ කොරාපු හැටි මතකනේ.

  4. Sena says:

    අපේ රට ත්‍රස්ථවාදයෙන් මුදවාගත් ඔබට දීර්ඝායු වේවා! නීරෝගී වේවා!. වසරකට දෙපාර්ශයෙන්ම 7000ක් මැරුණු රටේ වසර 10ක් තිස්සේ ඒ ජීවිත ආරක්ශා වුනා. තාමත් යුද්ධෙ පැවතුනා නම් තවත් මරණ 50,000-70,000ක් විතර වෙනවා. කවුරු මොන කතන්දර කිව්වත් ඔබ ශ්‍රේශ්ඨ නායකයෙක්. ජය වේවා!

  5. බිංකුණ්ඩා says:

    මෙතුමත් ඉතිං සාමාන්‍ය පෘථග්ජන මනුස්සයෙක්නෙ. අසනීප වෙනව, ප්‍රතිකාර ගන්නව ඕව නම් මොනවද?

  6. Sira says:

    බොරු කිවුවට C I D ය ගෙදරට ගියේ නැද්ද

  7. saman says:

    මෙතුමාවගෙ උතුම් නයකයෙක් මගෙත් ආ‍යුෂ අරගෙන චිරාත් කාලයක ජීවත් වෙන්න ඔනේ.

  8. යමුනා says:

    රටට ජාතියට ආදරේ මිනිසෙක්.වටේ ඉන්න නරි ටික එතුමාගෙ නම කැත කරනව.ඔහුට නිදුක් නීරෝගි සුවය දීර්ඝ ආයුස ලැබේවායි

    අද අපිට මොන අඩුපාඩු තිබුනත් නිදහසේ ත්‍රස්ත බිය නැතිව ජීවිතය ගෙන යන්නේ එතුමා නිසායි.