අගමැති වීමට මහින්ද ජනප්‍රිය නොවන තීරණයක් ගත්තත් ඔ්නෑම වෙලාවක ඉවත් විය හැකියි..

November 24, 2018 at 6:24 am | lanka C news
අගමැති වීමට මහින්ද ජනප්‍රිය නොවන තීරණයක් ගත්තත් ඔ්නෑම වෙලාවක ඉවත් විය හැකියි..

රටට අත් වෙමින් තිබූ ඛේදනීය ඉරණමින් රට බේරා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීම මත අගමැති ධුරය භාර ගැනීමට සිදු වූ බවත් ,එය එතුමාගේ දේශපාලන ජිවිතයේ තවත් එක් අභියෝගයක් බවත් අගමැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

වසර තුන හමාරකට වැඩි කාලයක් යහපාලනය යටතේ සිතා ගත නොහැකි ලෙස අප රට විනාශය කරා ගිය බව කී ඒ මහතා ,මෙයින් ගොඩ ඒමට නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව පෙරලා දැමිය යුතු බවට මතු වූ පොදු ජන තෙරපුම ට මහින්ද රාජපක්‍ෂ මහතාට අනුගත වීමට සිදු වුයේ යැයි ද හෙට්ටිගේ මහතා සදහන් කළේය .

ඒ මහතා එසේ කිවේ මහරගම පැවති දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ සුහද හමුවකට එක් වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේ ද කීය .

‘යහපාලනය නිසා රටට සිදු වී ඇති හානිය මෙතෙකැයි කියා කියන්න බැහැ .මේ තත්වය මත සමාජයේ හැම තැනින්ම මතු වුයේ ආණ්ඩුව පෙරලා රට ආරක්ෂා කර දෙන ලෙසයි .මෛත්‍රීපාල ජනාධිපති වරයා සිටියේ යු ඇන් පී ය ප්‍රධාන බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට හසු වෙලා .දුෂණය වංචාව ඉහළ ගියා .ජනතාව අනන්ත දුකට පත් කළා .රටේ දේපළ ටික විකුණා ගෙන කන්න පටන් ගත්තා .තනිකර විකාර රූපී පාලනයක් තිබුනේ .

රට ගැන හිතන නායකයකුට මෙය බලා ඉන්න පුලුවන්ද ?ඒ නිසා තමයි මහින්ද රාජපක්‍ෂ මහතා මේ ජනප්‍රිය නොවන තීරණය ගෙන රට විනාශය කරා ගෙන ගිය න්‍යයාය පත්‍රය පැත්තකට දැම්මේ .ඒක ජනතාවගේ ජයග්‍රහණයක් නොවේද ?මේ වෙලාවේ ඇයි ආණ්ඩුව ගන්න මහින්ද මහත්තය ඉක්මන් වුනේ කියන ප්‍රශ්නයත් සමහරු අහනවා .ඒක අහන්නෙත් මහින්ද මහත්තයට ආදරය කරන අයයි .

අගමැතිකමෙන් ඉවත් වෙන්න ඕනෑ වෙලාවක පුලුවන් .ඒකටත් ක්‍රමයක් තියෙනවා .පාර්ලිමේන්තු මැතිවරණයකින් මිස වෙනත් විසදුමකින් රටේ අවුල ලිහාගන්න බැහැ .ඒ ජාතික වුවමනාව ඉටුකරන්න වගකිව යුතු හැම දෙනාම මැදිහත් වෙන්න ඕනෑ .බලය සදහා කවුරු කුමන දේශපාලන විගඩම් නැටුවත් රට ගොඩ ගැනීමේ මහා පොදු සාධකය මහින්ද රාජපක්‍ෂ මහතා බව රටේ බහුතර පොදු මතයයි .

157 views

5 Comments to “අගමැති වීමට මහින්ද ජනප්‍රිය නොවන තීරණයක් ගත්තත් ඔ්නෑම වෙලාවක ඉවත් විය හැකියි..”

  1. sanidu sooriarachchi says:

    මෙම ජනප්රිටය නොවන තීරණය නිසා රටට වූ යහපත
    1. කොළඹ වරාය දකුණු ජැටිය ඉන්දියාවට දීම ප්‍රමාද වීම.
    2. ඉන්දියාවෙන් උතුරට නැගෙනහිරට කෙලින්ම ගුවනින් පැමිණීමට පහසුකම් සැලසීම ප්‍රමාද වීම
    3. ජනපති, අගමැති, ඇමති සහ මන්ත්‍රීලාගේ වීදේශ සංචාර නැවතීම
    4. අප පත්කළ නියෝජිතයන්ගේ සැබෑ ස්වරුපය ජනතාව අවබෝධ කර ගැනීම.
    5. බටහිර මැදිහත්වීමේ ප්‍රමාණය හඳුනාගතහැකි වීම
    … ඔබට තවත් කරුණු එකතු කල හැක.

    • Rupa says:

      ඔබ හරි, මේ සටනින් නීතියෙන් කවුරු ජය ගත්තත් රටේ විනාසය කල් දමා ඇත. අපි ඉදිරිය ගැන බලමු. මහින්ද රජු නැවත ගෙන ඒමේ කිසිම වෙනසක් ඇත. මේ තත්වය අපි අපේ වාසියට යොදා ගැනීමට බුද්දිමත් වන්න කියා රජයේ නියමුවන්ට කියමු.

  2. Ajith says:

    ඒ වගේ පොදුවේ රටටම අයහපත් ආණ්ඩුවක් විසිරවීමටම් බලයක්, මහජන චන්දයෙන් පත්කරගත් ජනාධිපති වරයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මහජන චන්දයෙන් පත්කරගත් ජනාධිපති වරයෙකුට ඔහුට චන්දය දුන් නොදුන් හැම කෙනෙකුගේම සමාජීය, මානව, සංස්කෘතික සහ දේශපාලන අයිතීන් සුරැකීමට සහ තහවුරු කරදීමට බලයක් තිබිය යුතුයි. එසේ නැතිව විජාතික බලවේග වලට යටත් වෙන, පුද්ගලික සහ ලිංගික ක්‍රියාවන් වලට මහජන මුදල් සහ සම්පත් නාස්තිකරන, විකුණන, රටේ මහ බැංකුව පවා කොල්ලකන අගමැතිවරයෙක් බලයෙන් පහකර, මුදලට සහ බලය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා වෙනස්කිරීමට තරම් නිර්ලජ්ජිත ආණ්ඩුවක් විසුරුවීමට බලයක් නැති ජනාධිපති වරයෙක් පත්කරගැනීමට මහජන ජන්දයක් පවත්වනවානම් එය ජනතා පරමාධිපත්‍ය හැල්ලුවට පත්කිරීමක් නොවෙයිද?

  3. lal says:

    This man is the most biased Journalist in Srilanka.

  4. හික්…හික්…හික්….

Main News