අගමැති වෙන්නත් පෙර නිමල් සිරිපාලට විරෝධය…

February 15, 2018 at 3:50 pm | lanka C news
අගමැති වෙන්නත් පෙර නිමල් සිරිපාලට විරෝධය…

ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පල කරන බව සමස්ථ ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට විරෝධය

රටේ තරුණයන් හා යතුරුපැදිකරුවන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරමින්, තම අමාත්‍යාංශයෙන් ජනතා ප්‍රශ්ණ කිසිවක් නොවිසඳපු, යන යන තැන ඔබ ඉදිරියෙ ද නිදාගනිමින් හා තම පෞද්ගලික ජීවිතය පිළිබඳව සමාජයේ දැඩි විවේචනයට ලක්ව සිටින, දූෂිතයෙක් ලෙස සමාජයේ හැඳිවෙන ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේවන විට මීලඟ අගමැතිවරයා කිරීමට ඔබ සූදානම් බවට සමාජයේ දැඩි කථා බහක් ඇතිව තිබේ. 2018.02.12 දින අප විසින් ඔබවෙත එවා ඇති ලිපියේ ද ඔහුට විරුද්ධව චෝදනා එල්ල කොට තිබේ.

තවද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සංගමය වෙත දැනුම් දී ඇත්තේ යතුරුපැදිකරුවන් විනාශ කිරීමට ගෙන ආ රු. 25,000 දඩය ක්‍රියාත්මක කිරීමට බල කරන්නෙ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා යන්නයි.

මෙලෙස ජනතා විරෝධී හා යහපාලනයේ විනාශයට දායකවූ, අමාත්‍ය දූරයටත් නොසුදුසු ඇමතිවරයෙක් අගමැතිවරයා ලෙස යෝජනා කිරීම හෝ පත්කිරීමට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ මධ්‍යම කමිටුව ඇතුලු සියලුම කමිටුවල දැඩි විරෝධය මින් ප්‍රකාශ කරමු.

මෙයට,
චිරන්ත අමරසිංහ
සභාපති

68 views

21 Comments to “අගමැති වෙන්නත් පෙර නිමල් සිරිපාලට විරෝධය…”

  1. Sherlock Holmes says:

    who gives a shit about what you think idiots , most of the people don’t care, they just want to remove corrupted Ranil and Siripla wouldn’t be the best person for PM. this is temporary. but no options available at this turbulence occasion. you UNP idiots created all this…so you have no choice or decision over this

  2. vishaakaawath eyida? says:

    ara gedara ammandigen guti kaapu nonath viruddada?

  3. poduminisa says:

    ජනතා පදනමක් නැති චන්දයෙන් පරාද කෙනෙකුට අගමැති දිම හොද දෙයක් නොවේ ඔහුගෙන් ජනතා හිතවාදී යමක් බලාපොරොත්තු විය නොහැක

  4. poduminisa says:

    ජනතා පදනමක් නැති චන්දයෙන් පරාද කෙනෙකුට අගමැති දිම හොද දෙයක් නොවේ ඔහුගෙන් ජනතා හිතවාදී යමක් බලාපොරොත්තු විය නොහැක

Main News