අගරදගුරු ඉල්ලූ ප‍්‍රතිඥාව සැමට කලින් ගෝටාභය දෙයි..

August 26, 2019 at 3:26 am | lanka C news
අගරදගුරු ඉල්ලූ ප‍්‍රතිඥාව සැමට කලින් ගෝටාභය දෙයි..

හිටපු ආරක්‍ෂක ලේකම්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

කතෝලික රදගුරු මණ්ඩලය සහ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය සම්බන්ධයෙන් නිකුත්කර තිබූ නිවේදනය කෙරෙහි මාගේ අවධානය යොමු විය.

මුළු රටම කම්පනයට පත් කරමින් අහිංසක ජනතාව මරුමුවට හා අතිබිහිසුණු ලෙස තුවාල සිදු කරමින් පාස්කු ඉරිදා සිදුවූ මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය නිසා මිය ගිය අයගේ ඥාතීන් සහ පීඩනයට පත්වී ඇති ජනතාවගේ ඉල්ලීම තවමත් ඉටු නොවීම නිසා උන්වහන්සේ පත්වී ඇති අපහසුතාව සහ පීඩනය මට තේරුම් ගත හැකිය.

එම නිවේදනය මගින් ඉල්ලා සිටිනුයේ මෙම ප්‍රහාරය පිටුපස සිටි සහ ඒ සඳහා කුමන්ත්‍රණය කළ අය, සංවිධානය කළ අය, ඊට අනුග්‍රහය දැක්වූ අය, වගකීම් පැහැර හැර  සිය රාජකාරිය ඉටු නොකළ අය, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන හෝ ගෙන නිදහස් කළ අය, සෙවීම සහ නිර්දේශ ඉදිරපත් කිරීම සහ වැරැදිකරුවන් වන අය නීතියේ අධිපත්‍යෙය් යටතට ගෙනඒමට බලයත් ජනතා අධිකාරී බලයක් ඇති ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි.

අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම කරනු ලබන්නේ පීඩනයට පත් සිය කතෝලික ජනතාව සම්බන්ධයෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හිත සුව පිණිස බව මම තරයේ විශ්වාස කරමි.

එපමණක් නොව මෙවැනි ව්‍යසනයක් ඉදිරියේදී ඇති නොවීමට  වගබලා ගන්නා ලෙසද මෙම ඉල්ලීම මගින් අවධාරණය කර තිබේ.

රට තුළ තිබූ අවුරුදු 30ක කුරිරු ත්‍රස්තවාදය අවුරුදු 3ක් තුළ අවසන් කිරීමට මූලිකවම දායක වූ මමද මෙම කරුණ හොඳින් වටහා ගෙන ඇති අතර රජයෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අති උතුම් කාදිනල් හිමිපාණන් විසින් කලක් .තිස්සේ කරනු ලබන මෙම සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙසයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග එක්ව ක්‍රියාකර කුරිරු ත්‍රස්තවාදය පරාජය කරමින් රටේ ජනතාවට බියෙන් සැකෙන් තොර නිදහසේ ජීවත්වීමේ අවස්ථාව සලසාදීමට හැකි වූ බව රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස කර ඇති සාධාරණ ඉල්ලීම ඉදිරියේදී අප රජයක් බලයට පත්වූ විට නොපමාව ඉටු කිරීමට පමණක් නොව මේ රටේ සමස්ථ ජනතාවටම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් තොර රටක් තුළ බිය සැක නොමැතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දෙන බවද ඉඳුරාම ප්‍රකාශ කරමි.

– ගෝටාභය රාජපක්‍

41,390 Viewers

15 Comments to “අගරදගුරු ඉල්ලූ ප‍්‍රතිඥාව සැමට කලින් ගෝටාභය දෙයි..”

  1. කාන්තිලතා ගුණසේන says:

    නියමයි! එහෙමයි තමයි වෙන්න ඕනෙ.

    ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව ජාතික ආරක්ෂාවට මුල්තැනදීම ඕනෑම වගකිව යුතු රජයක
    පරම යුතුකමයි.

    • ප්ලේටෝ says:

      EC launches probe: Voter fraud complaint against Gotabaya, Medamulana Walawwa
      The inclusion of non-citizens into the electoral register would be tantamount to voter fraud, a senior official at the Elections Commission told Sunday Observer, speaking on condition of anonymity. “The person to be held responsible would be the house-owner, whose responsibility it is to fill the form accurately,” the official added.
      The inclusion of non-citizens into the electoral register would be tantamount to voter fraud, a senior official at the Elections Commission told Sunday Observer, speaking on condition of anonymity. “The person to be held responsible would be the house-owner, whose responsibility it is to fill the form accurately,” the official added.
      Last week the Centre for Monitoring Election Violence (CMEV), one of the oldest polls monitors operating in the country, urged the Elections Commission to conduct an independent investigation into the voter fraud allegations against Gotabaya and other members of the Rajapaksa family in 2005.

      • yah..right..
        recruitment of a non-citizen rogue to the post of the exchequer is totally correct and politically and economically healthy to the country..???
        the person to be responsible for the recruitment is the head of the government..??
        independent investigation.. my foot..

      • Socrates says:

        Idiot! Any person having dual-citizenship status with Sri Lanka and any other country enjoys all the benefits such as owing property in SL, unlimited travel in SL, and voting in any election in Sri Lanka as any other natural citizen of SL. This investigation is for the slinging mud at him only; it will not serve any other purpose.

  2. ආර්යාව says:

    අනේ අපේ බිම් මට්ටමේ ගොං බණ්ඩාටත් කියන්න ඕන මේ කතාව.

  3. පාස්කු බෝම්බයෙන් මිය ගිය ක්‍රිස්තියානි ජනතාව බෝම්බයට හසු උනා නොව, කූට දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස හිතා මතාම බිලි දුන්නා. මේ සදහා සම්බන්ධ යැයි ඕනෑ තරම් සාක්කි ඇති, හිස්බුල්ලා/රිශාද්/ ඊබ්‍රාහිම් වගේ අයත්, මේ අයව හුරතල් කර පෝෂණය කළ ආණඩුවේ බලවතුනුත්, අරක්ෂාව පැහැර හැරි අදාල අංශ වල අයත්, තානාපති රැළත් ඇතුලු වගකිවයුතු සියලු දෙනාම නීතියේ රැහැනට හසු කර දඩුවම් දිය යුතුයි. මේ අවශ්‍යතාවය වෙනුවෙන් අවංකව පෙනී සිටින අතිගරු කාදිනල් තුමා ඒ වෙනුවෙන් හඩ නැගීම තවමත් නවතා නැහැ. එතුමාට බෞද්ධ අපේ උත්තමාචාරය හිමි වෙනවා. එසේම මේ ඉල්ලීමට යුක්තිය ඉටු කිරීම, මිය ගිය අයටත් ඒ අයගේ පවුල් වල අයටත් කළ හැකි අවම සාදාරනය වන අතර මින් ඉදිරියට මෙවන් කුමන්ත්‍රන වලට සහභාගී වීමට බලාපොරොත්තු වන අයටත් හොද අනතුරු ඇගවීමක් වෙයි.

  4. Sarath says:

    Hahahah එතකොට අර වැලිකඩ සිද්ධියෙදි එහෙම සාධාරනයක් කරන්න හිතෙන්නෙ නැද්ද?

    • Siri pala says:

      Eka hari… ethakota Rathu pas, Sunday Times, journalists. …etc.. Ammoooo Mig case … thawa thiyanawa. ..🤔🤔🤔

      • ඔව් ඒවටත් කරන්න ඕනෙ..තව මිලෙනියම් සිටි පාවා දීම, රිචඩ් ද සොයිසා/ ප්‍රේමකීර්ති ඝාතන, ප්‍රා/කහ බලල්ලු පැහැර ගැනීම් ආදී දිග ලයිස්තුවක් තියෙනවා. හැබැයි මතක තියා ගන්න මේ තමන්ගෙ ආගම අදහන්න දේවස්තානයට ගිය අහිංසකයො කන්ඩායමක්,, මැරෙනව කියලා නිශ්චිතව දැනගෙන දීපු මිනිස් බිල්ලක්..

      • omrw says:

        එකට සදරනයක් කරන්නන් adress එක දාන්න.

    • Dutugamunu says:

      Thopila wage buuruwo nisa thamai me ratata me kalak giye. thoge ekek welikada inna ekekugen wedikaapu dawasata ara monawada kaapu rilawa wage innawa mevila peenawa. mama hitiyanam thoo wallen ellane.

      thota molayak deela thiyenne hithanna.

      • Sarath says:

        අනේ අැත්තටද කියන්නේ? මම හිතුවෙ රටට හෙන ගහල ගියෙ මහත්තය වගේ කලිසං අැඳගත්තු මීහරක් මේ රජ පවුල කියන ඔීන දෙයක් විස්වාස කරන හින්ද කියල.

  5. වීරක්‍රියා says:

    ගෝටාබය නම් “භීතිපති”ගේ ගැලුවුම් කාරයා නීතිපති බව රටට එලිවෙමින් ඇත.
    මේ දක්වා අගමැතිි, ජනපති හා නීතිපති මැදිහත් වී භීතිපතිව රැක්ක බව ලසන්තගේ දියණිය අහිිම්සා සාක්ෂි සහිතව ලෝකයටම පෙන්වාදී ඇත..ප්‍රබල බටහිර රටක් අධිකරණ ප්‍රබලයන්ව කනේ වැලි ගෑවෙන තරමට දෙකට නවා මෙහෙයවීම මත භීතිපතිට මෙම රැකවරනය ලැබෙමින් පවතී.මේ බටහිර ප්‍රබලයාගේ ආනුභාවය නිසා ඝාතන චෝදනා,කූඨ ලේඛන සැකසීම,රජයේ මුදල් අවභාවිතාව යන ප්‍රබල චෝදනා මේ භීතිපතිගේ මයිලක්වත් සොලවන්නට අසමත් වී ඇත.

  6. Think Tank says:

    GR’s actions proves that he is a leader who is standing up to the ground realities and willing to take immediate action for burning national issues.

    • Dharshana Abayakone says:

      හරියට හරි, මේ රටේ කතෝලික ජනතාව පමනක්නොව මෙරටේ
      අනිකුත් සියලූම ලබ්ධිකයන් අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයේ සැබෑ මොල කරුවන් කවුද යන්නත්, ඔවුනට ලබා
      දෙන දඬුවම කුමක්ද යන්නත් දැනගැනීමට පුල, පුලා බලා සිටී.

Main News