අගරදගුරුගේ කතාව පොදුවේ කිවුවේ.. කවුරුත් තොප්පිය දාගන්නේ ඇයි..- මහින්ද

July 24, 2019 at 1:20 pm | lanka C news
අගරදගුරුගේ කතාව පොදුවේ කිවුවේ.. කවුරුත් තොප්පිය දාගන්නේ ඇයි..- මහින්ද

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් පොදුවේ සිදු කරන ලද ප්‍රකාශයක් ගැන කිසිවකු තොප්පිය තමන්ගේ හිසේ දා ගැනීමත් සිදු නොකළ යුතු යැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සඳහන් කරයි.

අගරදගුරු තුමන් විසින් එම ප්‍රකාශය රටේ නායකයන් ගැන සඳහන් කළේ කිසිදු නමක් ගමක් සඳහන් නො කරමින් බව ද එවන් අවස්ථාවක එතුමන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමෙන් සිදුවන්නේ තොප්පිය තමන්ම දාගෙන බවද රාජපක්ෂ මහතා පැවසීය.

රටේ ආගමික නායකයෙකු ලෙස අගරදගුරුතුමන් පොදුවේ නායකයන්ට කළ ප්‍රකාශය ගැන කිසිවකු එතුමන් වෙත ප්‍රතිචාර දැක්වීම සුදුසු නැතැයි ද පවසන රාජපක්ෂ මහතා දේශපාලන නායකයන් කළ යුත්තේ ආගමික නායකයන්ගේ උපදෙස් අනුශාසනා වලට අවධානය යොමු කිරීම බවද වැඩිදුරටත් කියා සිටියේය.

අද මෙරට නායකයන්ගේ කොන්ද පණ නැති බවත් රට කල හැකි අයෙකුට බාර දී ගෙදර යන ලෙසත් අගරදගුරු තුමන් විසින් ප‍්‍රකාශයක් කල අතර ඊට පසුදිනම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ තමන්ගේ කොන්ද හොදර පණ ඇති බවත් එක් එක් අය දේශපාලන න්‍යාය පත‍්‍ර මත විවිධ ප‍්‍රකාශ කරන බවත්ය.

32 views

19 Comments to “අගරදගුරුගේ කතාව පොදුවේ කිවුවේ.. කවුරුත් තොප්පිය දාගන්නේ ඇයි..- මහින්ද”

  1. Audit Superintendent says:

    Well said, Mr. Rajapakse! Even the president should know how to respect a leader of a religious group.
    What I think is that Rev. Cardinal didn’t aim the prez directly. His main target is the failed present government
    led by Ranil. Prez has mistakenly taken it as he was targeted by the Rev. Or did Prez took that opportunity to
    highlight his few not that important achievements in the past?

  2. සිංහලයා says:

    කාදිනල් තුමා ඔය කතාව කීවේ රනිල්ට.සිරිසේන නිකං තොප්පිය දාගත්තා.

  3. Buddhist says:

    Cardinal is in the back pocket of Mahinda that is the reason why he is making these statements and that is the reason Mahinda is defending him.

  4. මැදමුලනෙ මුත්තා says:

    ජනාධිපතිතුමත් රාජ්‍ය නායකයෙකුට නොගැලපෙන කතා කියන්න ගිහිං ඉල්ලං කෑවා නේද?
    දැන්වත් විනීතව කතාකරන්න පුරැදු උනොත් හොඳයි.

  5. Parakum says:

    The HAT fits the PATHOLAYA, thats why he was annoyed about it

Main News