අගරදගුරුගේ පස්සෙන්ද එලවති.. එතුමන්ටද තර්ජන.. ජීවිතය ජනතාවට බාර කරයි..

May 12, 2019 at 3:26 am | lanka C news
අගරදගුරුගේ පස්සෙන්ද එලවති.. එතුමන්ටද තර්ජන.. ජීවිතය ජනතාවට බාර කරයි..

තමන්ගෙ පස්සෙන්ද එලවන්න පටන් අරන් බව දැන් ආරංචි වී ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසති.

නමුත් තමන් ඊට බය නැති බවත් තම ජීවිතට ජනතාවට සහ දෙවියන්ට අයිති බව ද කාදිනල්තුමන් කියා සිටියහ.

අග අගරදගුරුතුමන් මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස්වලට සහ තුවාල ලැබූවන් වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේ දී පැවති විශේෂ දිව්‍ය පූජාවකදීය.

මෙම ප්‍රහාරයන් සඳහා නිලධාරීන් පමණක් නොව ප්‍රහාරය ගැන දැනගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළ රටේ නායකයන් සියලු දෙනා ද වගකිව යුතු බව අගරදගුරු හිමිපාණන් සඳහන් කළහ.

මෙවන් වගකීම් දැරිය නොහැකි පුද්ගලයන් අපේ රටේ නායකත්වයට සුදුසු නැති බව ද කාදිනල්තුමන් කියා සිටියහ.

39 views

32 Comments to “අගරදගුරුගේ පස්සෙන්ද එලවති.. එතුමන්ටද තර්ජන.. ජීවිතය ජනතාවට බාර කරයි..”

  1. sunimal says:

    රනිල්ව බලයට පත්කළේ කතෝලික ජනතාව බව අමතක නොකළ යුතුය

  2. මිස් මල්ලිකා says:

    රනිල්ව කොහොමහරි ජනාධිපති කරමු, මිනිහා රට හදාවි.

  3. සිටිනාමළුවේ ධර්මරතන says:

    රනිල් ගැන මා තුල ඇත්තේ පුදුම, අමුතු පැහැදීමකි. 1977 සිට දිගටම පාර්ලිමේන්තුවේ සිටි අපි කවුරුත් දන්න අවංක මනුස්සයෙක්.

  4. GANGABADAYA says:

    His Highness Cardinal Malcolm Ranjith,

    May the Triple Gem protect you.
    We Buddhists are always standing by you.

  5. Dushantha says:

    මෙතුමා කොන්ද කෙලින් තියාගෙන මේ රටේ කතෝලික ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා. මෙතුමාට තියන කොන්ද අපේ මහ නායක උන්නාන්සෙලාට නෑති එක ගෑන බෞද්දයො විදියට අපි හරියට කණගාටුවෙනවා. කථා කරන්ඩ හිටපු එකම හාමුදුරුවොත් ඉන්නෙ හිරේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලෑබේවා.

Main News