අගරදගුරුට ඇමති මංගල කිපෙන්නේ ඔහු හැදු සමලිංගික පනත විසිකල නිසා..

September 27, 2018 at 10:40 am | lanka C news
අගරදගුරුට ඇමති මංගල කිපෙන්නේ ඔහු හැදු සමලිංගික පනත විසිකල නිසා..

පසුගියදා මීගමුව සාන්ත මැතිව් දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගි වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මානව හිමිකම් සම්බන්දයෙන් කර ඇති ප්‍රකාශය සම්බන්දයෙන් රජයේ ප්‍රධාන පෙලේ ඇමතිවරයෙකු වන මංගල සමරවීර විසින් කර ඇති අශෝභන ප්‍රකාය තමා දැඩි පිලිකුලෙන් හෙළා දකින බව එකසත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටී. ඒ මහතා මේ බව කියා සිටියේ අද කොළදී කැදවූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

වසර සියගණනක් පුරා අප රට තුල ජිවත් වන සහෝදර කතෝලික ජනය නියෝජනය කරනු ලබන්නේ ලෝකයට සමයේ පණිවුඩය රැගෙන ආ සමයේ කුමාර වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන අතර කිසි දිනක වුන් රටේ සමයට බාදාවක් වී නැත. මානව හිමිකම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ඉකුත්දා ප්‍රකාශ කර තිබුණේ ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියාදීමට බටහිර ජාතීන් උත්සාහ දරන බවය. මිට රජයේ පාර්ශවයෙන් ප්‍රතිචාර දක්වා ඇත්තේ ජනමාධ්‍ය හා මුදල් ඇමති වරයාය ඔහු ඊට දක්වා ඇති ප්‍රතිචාරය අප කිසිවෙකුට හෝ පිළිගැනීමට නොහැක්කකි.

ඇමතිවරයා ඊට ප්‍රතිචාර ලෙස අගරදගුරුතුමන් ජනප්‍රියවීමට ගන්නා සෑම උත්සාහයක්ම වරද්දා ගන්නා බව සිය ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශකොට තිබේ වැඩි දුරටත් ඇමතිවරයා කතෝලික ආගම පිලි නොගත් හෝ එය ප්‍රශ්න කළ පුද්ගලයන්ට දෙතිස් වද දී මරා දැමීමට කතෝලික සභාව විසින් 12 වැනි සියවසේදී යොදා ගන්නා ලද Inquisition හැඳින්වුනු භීෂණකාරී තත්වයක් ගැනද ප්‍රකාශකොට තිබේ.

වෙනත් ආගම් වලට එරෙහිව සිය ආධිපත්‍යය පැතිරවීම සඳහා දාහත්ලක්ෂයකට අධික ජනකායක් මරුමුවට පත් කරමින් දියත් කෙරුනු කුරුස යුද්ධයත් ජගත් මානව හිමිකම් රැකගැනීමේ අවශ්‍යතාව මතු කළ බව අමාත්‍යවරයා පවසා ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබේ.

මෙය ලංකාව හා ලෝකය පුරා ජීවත්වෙන සමස්ත කතෝලික ජනය වෙත කරන ලද අපහාසයක් ලෙස මා දකිනවා ඒ වගේම ලෝකයේ කාලයෙන් කාලයට විවිධ හේතු නිසා යුද්ධ ඇතිවෙන්න පුළුවන් නමුත් ඊට ආහම වගකිව යුතුයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ ඒ කාලවල රට රට වල ඉන්න පාලකයන් ගන්නා තීනදු මත යුද්ධ ඇතිවෙන්න පුළුවන් එකී සියල්ල කතෝලික ආගමක් නිසා ඇති වුනු බව අපි කොහොමද කියන්නේ යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා

ආණ්ඩුව මේ වෙනකොට රටේ තිබෙන සියලු ආගමික පිලිගනිම්වලට පහර දෙමින් ඉන්නවා පුරාවස්තු විනාශ කරමින් යනවා මහා සංඝයා වහන්සේට අපහස කරමින් යනවා නිරාගමික මෝස්තරයක් හදාගෙන ආණ්ඩුව මේ කොයි යන්නේ කියල මට තේරුම් ගන්න බැහැ සංඝයා වහන්සේලා සිර කරනවා රණවිරුවන් දඩයම් කරනවා මේ ආණ්ඩුවට ආගමක් නැ ධර්මයක් නැ සදාචාරයක් නැ හොරකමේ කෙලවරක් නැහැ මංගල සමරවීරලා මුල්වෙලා ගෙන්න හදපු සමලිංගික පනත් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිට විසිකරන්න වුනේ ආගමික නායකයන්ගෙන් ආපු දැඩි විරෝධය නිසා ඒකට කාදිනල් තුමා ප්‍රසිධියේම තමන්ගේ විරෝධය පෙන්නුම් කරා මේ ආණ්ඩුව දැන් මේ කරන්නේ ඒ දක්වපු විරෝධයට උත්තර දෙන එක සමලින්ගිකයෝ බහුතරයක් ඉන්න ආණ්ඩුවකින් අපිට මිට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ

මානව හිමිකම් හොදින්ම තිබෙන ආගම් සියල්ලම ලංකාවේ තිබෙනවා ඒ නිසා බොරු මානව හිමිකමක් පිට දමාගෙන ආණ්ඩුව හා සමරවීර ඇමතිවරයා මෙසේ ආගමික නායකයන්ට අපහස කරමින් මේ රටේ ජීවත්වෙන සහෝදර කතෝලික ජනය කලකිරෙන ප්‍රකාශ නිකුත් කිරීම අපි දැඩි පිළිකුලෙන් හෙළ දකින බව අපි පක්ෂයක් විදියට කියන්න කැමති. යනුවෙන් සදහන් කළේය

කිර්ති දුනුවිල
ප්‍රචාරක ලේකම්
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

13,963 Viewers

19 Comments to “අගරදගුරුට ඇමති මංගල කිපෙන්නේ ඔහු හැදු සමලිංගික පනත විසිකල නිසා..”

  1. Paan says:

    Mangala Samaraweerata jaya wewa.

    2020 janapathi dhurayata Mangala illuwoth api chande denawa.

    • kuma says:

      Mangala is correct. He never expects short gains. Directly talks

    • A citizen says:

      NOT only that, the people in this country observe that, this minister seem to have mentality that whatever action or steps taken by the past imperialists towards the other nations are very fair,just and perfect and therefore should oblige like obedient pupils,without questioning. The people feel they should be either be punished or they should ask for pardon, for the crimes they have committed in the past ,in their colonies against humanity.

  2. Sadda says:

    මේ පිලිබඳව වාද විවාද අවශ්‍ය නැහැ. කතෝලිකයිනි, ඔබගේ නායකයානන් ඔබ පිලිගන්නවා නම් , සහ කතෝලික ආගම පිලිබඳව සමලිංගිකයා දක්වා අදහස් පිලිගන්නේත් නැතිනම්, ඔබගේ අතට පැන්සලය ලැබුනු දාට මුන්ට උත්තර දෙන්න එකාමෙන් පෙලගැසෙන්න.

  3. john says:

    This is one of biggest cancer in the country….No family , No value , Nothing to be planned…Only plan is enjoy today and die tomorrow…
    Needs to do some changes to destroy the culture……You all have done enough damage Man….Go to hell

  4. Thuwan Nashid says:

    Mangela is great politician, Keep it up. We are with you.

  5. Nimal Perera says:

    Ratakata One Apamana Agayak Obata Sathutuida Den

  6. sunimal says:

    ලෝකයට සාමයේ පණිවුඩය රැගෙන ආ සාමයේ කුමාර වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන සුද්දන් රටවල් කොලනි කල කාලය අමතක වෙලා වගේ කුඩා දරුවන් උඩට විසිකර කඩුව අල්ලපු එක ආගමට හරවා ගන්න

    • Ranil says:

      Suddo karapu jara wadawalata Jesu mona karannada ban. Dan oya samahara hamuduruwaru karana waradiwalata budunwahanse Mona karannada.minissu thamange wasiyata karana waradiwalata agam nayakayo palida.

  7. Saradiel says:

    From Geneva Human Rights Council

    https://de-de.facebook.com/GSLFOfficial/

    • Prasanna says:

      කාදිනල් තුමා රටට ආදරය කරන වැදගත් පුජක තුමකු බවතෙරුම් ගත් යුතුය. මේ රටට මහා විනශයක් කරන දෙශපාලකයන් ගේ මෙම පහත් කථා රට අවැඩ දායී වේ.

  8. Aurora says:

    ශුද්ධ බයිබලයේ සඳහන් අන්දමට සතුන් සමඟ මෙන්ම සමලිංගිකයන් අතර සිදුකරණ ලිංගික ක්‍රියා දේව නියමයන්ට එරෙහි ක්‍රියා ලෙස සැලකේ. මංගල සමරවීර මනුෂ්‍ය සාරධර්ම නොසලකා කටයුතු කරන නරුමයෙක් වන අතර මේ රජය පිහිටුවීමට බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සම්බන්ධීකරණය කරණලද පුද්ගලයා ඔහු නිසා ඔහුගේ මතවාදයන් ආණ්ඩුවේ මතවාදයන් වීම වැළැක්විය නොහැකිය. එමනිසා සදාචාරයක් ඇති මිනිසුන් මේ යමපාලන ආණ්ඩුවෙන් ඉවත්වී තමා අදහන ආගමට අනුව ජීවත්වීමත්, නරුම සහ අසභ්‍ය මතවාදයන් අපේ මව්බිමේ ප්‍රචලිත කිරීමට උත්සාහ කරන්නවුන් අතේ ඇති දේශපාලන බලය ඔවුන්ගෙන් ඉවත් කිරීමත් සඳහා අදිටන් කරගත යුතුය.

  9. Nishantha says:

    We as Buddhist condemn the homo ministers comment on Catholics.This minister is a curse to all with good morals.its time we all sri lankans get to gather and chase these homosexual government

  10. Nandasoma says:

    මෙවන් වසල ඇමතිලා සිටින තුරු රටත්, ජාතියත් විනාශයට යාම වැළැක්විය නොහැකියි……!

  11. Saman says:

    Monavada mea kibul kadulu. Pasugiya kale palivalata bomba ganakota khoheda mea my3 gunarathna hitye?

Main News