අගරදගුරු අගමැතිට, රජයට ස්තුති කරයි…

December 16, 2020 at 6:48 pm | lanka C news
අගරදගුරු අගමැතිට, රජයට ස්තුති කරයි…

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කරමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයට ප්‍රශංසා කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (16) දින ප්‍රකාශ කළහ.

2019  පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වු පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව අවසානයේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මේ බව අවධාරණය කළහ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට කටුවපිටිය ප්‍රදේශයේ ඉදිවන නිවාස 24 ව්‍යාපෘතිය, මෙතෙක් වැඩ අවසන්වූ තැනින් නැවත ආරම්භ කොට කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අග්‍රාමාත්‍යතුමා මෙහිදී  උපදෙස් දුන්නේය.

ඊට අමතරව දැනට ඉඩම් හිමි පුද්ගලයන් වෙනුවන් තවත් නිවාස 5ක් කටුවපිටිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීමට නියමිතය.

ප්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹ අවට කුලී නිවාසවල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවාස 33ක් වෙන්කර දෙන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී නිලධාරීන් දැනුවත් කළේය.

මෙම පිරිසට අමතරව බදුල්ල, මහනුවර ඇතුළු රට පුරා විසිරී සිටින ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 11ක් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවලින් නිවාස අවශ්‍යතා සපුරා දීමට ද මෙහිදී එකඟතාවය පළවිය.

විපතට පත්වූවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මඟින් ලබාදෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමට උපදෙස් දුන් අග්‍රාමාත්‍යතුමා, ඔවුන්ට අවශ්‍යය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝහල් කාමර පහසුකම් සැලසීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට උපදෙස් දුන්නේය.

මෙයට අමතරව මුදල් අමාත්‍යංශ ප්‍රතිපාදන යොමු කරමින් දැනට ඉදිකිරීම් නැවතී තිබෙන කටුවපිටිය දහම් පාසල රුපියල් මිලියන 60කට අධික මුදලක් වැයකරමින් ඉදිකර අවසන් කිරීම, ප්‍රහාරයෙන් විනාශයට පත් කොච්චිකඩේ දේවස්ථානයේ කලින් සැලසුම් කළ පරිදි නාවික හමුදාවට ප්‍රතිපාදන යොමුකර ඉදිකර අවසන් කිරීමටත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.

පසුගිය ආණ්ඩුව කොච්චිකඩේ දේවස්ථනය නව සැලසුමකට ඉදිකර දෙන බව පැවසුව ද, එය අදාළ පරිදි අවසන් නොකළ බව මෙම හමුවේදී හෙළිවිය.

පසුගිය ආණ්ඩුව හුඟක්  ඒවා පොරොන්දු වුණා විතරයි. අපි හැබෑවට අවශ්‍ය කටයුත්ත ඉටු කරනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

ප්‍රහාරයෙන් පීඩාවට පත්ව ණය වාරික ගෙවා ගත නොහැකි, දැනට ඉල්ලීම් කළ පුද්ගලයන් වෙනුවෙන් සැලසිය හැකි ණය සහන සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතාට දැනුම්  දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වල හා ප්‍රහාරයට ලක්වූ  දේවස්ථානවල පවතින ගැටලු ලෝරන්ස් රාමනායක පියතුමා විසින් මෙම හමුවට ඉදිරිපත් කළේය.

අදාළ සාකච්ඡාව අවසානයේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේ පැවසූහ.

අග්‍රාමාත්‍යතුමනි, මම ඔබතුමාටත් රජයටත් මගේ පෞද්ගලික ස්තුතිය හා ප්‍රශංසාව පුද කර සිටිනවා. මේ පාස්කු ප්‍රහාරය තුළින් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසලා, ඒ අයගෙ ප්‍රශ්න විසදලා දෙන්න අපි උත්සහ කරන මෙම වැඩපිළිවෙළට අපට දුන්නු සහයෝගය පිළිබඳව, විශේෂයෙන්ම මේ සඳහා මැදිහත්වී කටයුතු කරන ඇමැතිවරුන්ටත්, රාජ්‍ය ඇමතිවරුන්ටත් මම මගේ ස්තුතිය පුදකර සිටිනවා. අපි මේ හැමදෙයක්ම කරන්නෙ අපේ ජනතාව පීඩාවට පත්වෙච්ච නිසයි. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි සිදුවීම් කොයිම විධියකටවත් සිදු නොවෙන්නට රට ආරක්ෂිත ස්ථානයක් කරගන්නට ඔබතුමාගේ රජය සහ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදුවෙයි කියලා, ඒ විශ්වාස තුළ අග්‍රාමාත්‍යතුමා ගැන අපි බලාපොරොත්තුවක් තබා තිබෙනවා. අද මේ වගේ රැස්වීමක් සංවිධානය කිරීම ගැනත් අග්‍රාමාත්‍යතුමා, අමාත්‍යවරුන් ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලයට ස්තුති කරනවා යැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

42,755 views

7 Comments to “අගරදගුරු අගමැතිට, රජයට ස්තුති කරයි…”

  1. Duminda says:

    කාදිනල්ගේ බඩු කෑල්ලක් දාලා මාද්‍යට අත්හැරිය ගමන්ම කාදිනල් පුස් පටු=ඉක් වගේ මෙල්ල වුනේ. තුරුම්පු ටික තියෙන්නේ ස ගේ අතේ. මහනායක වරුන් ඇතුළු අනෙකුත් විවුරු පොරවන් ඉන්න මුදලාලිලාගේ වීඩියෝ එහෙමත් අපේ ස ළඟ තියෙනවා. රුවන්වැලි සැය ඉබි යතුරු දාගෙන යුක්රේන් කැලි දෙකක් තියාගෙන කරපු හරිය දන්නා නිසා තමයි ස මරුමුරුස් පොරක්ව එතනට යැව්වේ. කොහමද අපේ ස ගේ ටිකිරි මොලේ

    • Saman says:

      අගරදගුරු මීට කලින් වතාවකදිත් අගමැතිට ස්තුති කලා .ඒ අගමතිගේ පළමු මුනුපුරා බෞතිස්ම කිරීමෙන් පසු අගරදගුරු බැහැදෙකීමෙන් පසු .

  2. Janaka says:

    අපේ අගමැතිතුමාගේ මැදමූලන බූදලයෙන් මුදල් අත දිග හැර බෙදනවා .මේ හේතුවෙන් බෝම්බ තිබ්බ උනුත් අමතක කරල දානවා .සිරාට පූජිතට සහ හේමසිරිට පමනක් නීතිය ක්‍රියත්මකවෙයි . කාදිනලුත් ශේප් වගේ . රිශාඩ්ල පස්සපැත්තෙන් හිනාවෙනවා .කාදිනල්ට ඔක්කොම අමතක වෙලා මහින්ද දෙවියෙක් වෙලා වගේ . කෝ මේ හරීන් .

    • RED BULL says:

      අන්න හරිය උඹ නැති වෙලාවෙ උඹලගෙ ගෙට රිංගලලු,බඩුම තමයි මෙලහට ඩිජිටල් කරනව ඇති.ඉක්මනට ගිහිං බලාපිය​.

  3. Rama says:

    Dan gihin siyalu bauddha yan ethonol joniyata chande deepiyaw

  4. B4 UNP now Gota says:

    පව් අසරණයා. 😭

  5. Demuni Uduwara says:

    Rajapaksas think they gods. No GOD is above.

Main News