අගරදගුරු කතෝලික පාසල්වලට නිවාඩු දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයක් නැතිව.. මෙරට කතොලික පාසැල් කියා වර්ගීකරණයක් නෑ..

April 21, 2021 at 11:20 am | lanka C news
අගරදගුරු කතෝලික පාසල්වලට නිවාඩු දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයක් නැතිව.. මෙරට කතොලික පාසැල් කියා වර්ගීකරණයක් නෑ..

මෙරට කතෝලික පාසල්වලට නිවාඩු ලබා දෙන බවට අගරදගුරු තුමන් විසින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයකින් තොරව බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

ලංකාවේ පාසල් වර්ගීකරණය අනුව කතෝලික පාසලෙන් ලෙස පාසල් වර්ගීකරණයක් කර නැතැයි ද එම සංගමය පවසයි.

මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

‘‘කාදිනල්වරයා ප‍්‍රකාශ කර ඇති පරිදි අප්‍රේල් 21 දින නිවාඩු ලබාදෙන පාසල් අතර රජයේ ආධාර ලබන උපකෘත පාසල්ද වේ. මෙම පාසල් 1960 අංක 5 සහ 1961 අංක 8 දරන පනත් මගින් රජයට පවරා ගන්නා ලද පාසල්ය. එසේම එම පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්නේද අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. පවතින ප‍්‍රතිපාදනවලට අනුව මෙම පාසල්වල පාලනය හා කටයුතු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක‍්‍රලේඛවලට අනුව සිදුවේ.

මෙම පාසල්වල පාලනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම අංශයක්ද පවතින අතර, ඒ සඳහා අධ්‍යක්ෂවරයෙක් යටතේ කාර්ය මණ්ඩලයක් ද කටයුතු කරයි. මෙම තත්ත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කතෝලික පාසල් යැයි කාදිනල්වරයා හඳුන්වන පාසල් අප්‍රේල් 21 වසා දමන බව ප‍්‍රකාශ කිරීම බරපතළ ගැටලුකාරී තත්ත්වයකි. මීට ඉහතදීද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් නිවාඩුව අප්‍රේල් 9 දින සිට ප‍්‍රකාශයට පත්කර තිබියදී කාදිනල්වරයා විසින් කතෝලික පාසල් අප්‍රේල් 5 සිට නිවාඩු ලබාදෙන බව ප‍්‍රකාශ කිරීම සහ පාසල් නිවාඩු ලබාදීම ද ගැටලුකාරී විය.

මේ වන විට ආගම් අනුව, ජාතීන් අනුව පාසල් පවත්වාගෙන යාම නොකළ යුතු බවට සමාජ කතාබහක් නිර්මාණය වී ඇත. රජය විසින් පත් කරන ලද පාස්කු ප‍්‍රහාරයට අදාළ කොමිසම මගින් නිකුත් කරන ලද මතභේදාත්මක වාර්තාවෙන් ද ආගමික පදනමින් පාසල් පැවැත්වීම පිළිබඳව ප‍්‍රශ්න මතුකර තිබිණි.

41,850 views

28 Comments to “අගරදගුරු කතෝලික පාසල්වලට නිවාඩු දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයක් නැතිව.. මෙරට කතොලික පාසැල් කියා වර්ගීකරණයක් නෑ..”

  1. CNW PATHIRANA says:

    True, Everything should get approval from Ministry while Priests can request such from them.

  2. D.Nimal says:

    The Catholic Cardinal of Malcolm Ranjith having NO any authority to closed Public School by divines rights . This is a reckless move by Malcolm take power in his hand. Do not going for wrong management and administration of Public School by Cardinal Malcolm.
    Future education of Children destin which could Not take by head of Catholic church by Cardinal Malcolm of Ranjith .

    • nabi says:

      අගරදගුරු කතෝලික පාසල්වලට නිවාඩු දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයක් නැතිව ..එවැනි ක්‍රියාවක් කිරීම සම්බන්ධයෙන් අගරදගුරුතුමාට විරුද්ධව නීතිමය පියවර
      නොගන්නේ මන්ද ?

  3. බිල්ල says:

    රිෂාඩ් බදුර්දීන් කාගේ රෙද්ද අස්සෙද හැංගිලා ඉන්නේ කියල කියන්න කොන්ද පනනැතිකමට මක්කරන්නද කිව්වලු. පාස්කු කොමිසම් වාර්තාව කව්ද වෙනස්කරලා කියල කියනවා. කොන්ද පන නැහැ කතෝලිකයන්ට කියන්න රිෂාඩ් බදුර්දීන් හැංගිලා ඉන්න රෙද්ද අයිතිකාරයා වෙනුවෙන්, පාස්කු කොමිසම් වාර්තාව වෙනස්කරපු එකා වෙනුවෙන් පෙනී ඉන්න කතෝලික මන්ත්‍රීවරුන් හට මනාප ඊළඟ මැතිවරනේදී දෙන්න එපා කියන්න.

  4. Love nature says:

    මිෂනාරීන් අප්‍රිකාවට පැමිණෙන විට ඔවුන් සතුව බයිබලය ද අප සතුව ඉඩම් ද තිබිණි. ඔවුන් අපට යාඥා කිරීමට යෝජනා කළ අතර අපි දෑස් වසාගෙන ඔවුන් සමඟ එක්වීමු. දෑස් හැර බලන විට අප අතේ බයිබලය ද ඔවුන් අතේ ඉඩම් ද තිබිණි. – ඩෙස්මන් ටුටු.

Main News