අගරදගුරු කතෝලික පාසල්වලට නිවාඩු දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයක් නැතිව.. මෙරට කතොලික පාසැල් කියා වර්ගීකරණයක් නෑ..

April 21, 2021 at 11:20 am | lanka C news
අගරදගුරු කතෝලික පාසල්වලට නිවාඩු දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයක් නැතිව.. මෙරට කතොලික පාසැල් කියා වර්ගීකරණයක් නෑ..

මෙරට කතෝලික පාසල්වලට නිවාඩු ලබා දෙන බවට අගරදගුරු තුමන් විසින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයකින් තොරව බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

ලංකාවේ පාසල් වර්ගීකරණය අනුව කතෝලික පාසලෙන් ලෙස පාසල් වර්ගීකරණයක් කර නැතැයි ද එම සංගමය පවසයි.

මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

‘‘කාදිනල්වරයා ප‍්‍රකාශ කර ඇති පරිදි අප්‍රේල් 21 දින නිවාඩු ලබාදෙන පාසල් අතර රජයේ ආධාර ලබන උපකෘත පාසල්ද වේ. මෙම පාසල් 1960 අංක 5 සහ 1961 අංක 8 දරන පනත් මගින් රජයට පවරා ගන්නා ලද පාසල්ය. එසේම එම පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්නේද අධ්‍යාපන අමාත්‍යාංශය මගිනි. පවතින ප‍්‍රතිපාදනවලට අනුව මෙම පාසල්වල පාලනය හා කටයුතු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන චක‍්‍රලේඛවලට අනුව සිදුවේ.

මෙම පාසල්වල පාලනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනම අංශයක්ද පවතින අතර, ඒ සඳහා අධ්‍යක්ෂවරයෙක් යටතේ කාර්ය මණ්ඩලයක් ද කටයුතු කරයි. මෙම තත්ත්වය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කතෝලික පාසල් යැයි කාදිනල්වරයා හඳුන්වන පාසල් අප්‍රේල් 21 වසා දමන බව ප‍්‍රකාශ කිරීම බරපතළ ගැටලුකාරී තත්ත්වයකි. මීට ඉහතදීද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් නිවාඩුව අප්‍රේල් 9 දින සිට ප‍්‍රකාශයට පත්කර තිබියදී කාදිනල්වරයා විසින් කතෝලික පාසල් අප්‍රේල් 5 සිට නිවාඩු ලබාදෙන බව ප‍්‍රකාශ කිරීම සහ පාසල් නිවාඩු ලබාදීම ද ගැටලුකාරී විය.

මේ වන විට ආගම් අනුව, ජාතීන් අනුව පාසල් පවත්වාගෙන යාම නොකළ යුතු බවට සමාජ කතාබහක් නිර්මාණය වී ඇත. රජය විසින් පත් කරන ලද පාස්කු ප‍්‍රහාරයට අදාළ කොමිසම මගින් නිකුත් කරන ලද මතභේදාත්මක වාර්තාවෙන් ද ආගමික පදනමින් පාසල් පැවැත්වීම පිළිබඳව ප‍්‍රශ්න මතුකර තිබිණි.

42,061 views

28 Comments to “අගරදගුරු කතෝලික පාසල්වලට නිවාඩු දී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අවසරයක් නැතිව.. මෙරට කතොලික පාසැල් කියා වර්ගීකරණයක් නෑ..”

  1. niru says:

    This man is confused now because he most probably knew of the attack and didnt infform the relevant people.

    • SKF says:

      හරීන් ගැනද කිවුවේ?

    • ගිරවා says:

      දැන් අපේ රට පෘතුගීසි කොළණි යුගයට පත් කිරීමටද අගරදගුරු උත්සාහ කරන්නේ ? පාස්කු ප්‍රහාරය ගැන මෙතරම් කනගාටුවන අගරදගුරු කොටි ත්‍රස්තවාදී සමයේ දහස් ගණනක් රටේ ජනතාව ඝතනය කරද්දී ,උතුරේ කතෝලික සභාව LTTE ත්‍රස්තවාදීන්ට උදව් කරද්දී නිහඩව සිටියේ මන්ද ?
      ඒක අපිට ප්‍රශ්නයක් ?..පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැමටම දඩුවම් දියයුතුයි

      • Anuradha says:

        අනේ මන්දා මේවා නොදැන කරනවද නැතිනම් මෝඩකමට කරනවද කියා මමනම් දන්නේ නැහැ චුට්ටක් සිතා බලන්න මෙය හරිද කියා.

        • Jiwan says:

          පොඩ්ඩක් බලපන් බිශොප් කෙනෙක් ඉන්නව රායප්පු ජෝශප් කියලා. ඌ අමු කොටියෙක්. තව යාපනේ, මන්නාරමේ, වවුනියා, කිලිනොච්චි වල ඉන්න සේරම බිශොප්ලා කොටි විරු සමරුවට යනවා. අනිත් එක මහ කොටිය මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඌව ගෙනියන්න සබ්මැරින් අරන් ආවෙ යුරෝපා සන්ගමේ ක්‍රිස්තියානි රටවල්. මේවට මේ කොලඹ කතෝලික සභාව මීක් නැත්තෙ ඇයි? ප්‍රභාකරන් පන්සල් වලට ගැහුවා, මුස්ලිම් පල්ලි වලට ගැහුවා, හින්දු කෝවිලේ පූජකයො මැරුවා. ඒත් උඹ අහල තියෙනවද එක ක්‍රිස්තියානි පල්ලියකට ගෑහුව කියලා? හොයල බලපන්. ප්‍රභාකරන්ගෙ පුතා චාල්ස් ඇන්තනී වුනේ ඇයි කියල හොයල බලපන්. නෝර්වේ රටේ රජතුමා කවුද කියල හොයල බලපන්. බලලා මට මේ කොමෙන්ට් එකට උත්තරයක් දියන් මේව වැරදියි කියලා. අන්න එදාට මමත් පිලිගන්නන් ක්‍රිස්තියානි පල්ලිය LTTE එකට සම්බන්ධ නෑ කියලා.

      • lakshitha says:

        මුන්දෑලා දැනටත් කොටින්ට උදව් කරන පැත්තෙ නේ. මුන්ට ඕන උනේ උතුරෙ දෙමළ සෙට් එක මුන්ගෙ ආගමට හරව ගන්න. ඒකට මුන්දැල කොටි කියල ජාතියක් හැදෙව්වා. නමට බෞද්ධ, හිතින් ක්‍රිස්තියානි ජේ.ආර්. ජයවර්ධන එක්ක කොටි හැදුවෙ මුන්. රනිල්ගෙ මාමනෙ ඉතින්. බොරු කියල හිතෙනව නම් බලන්න කාවින්ද ජයවර්ධන කියන්නේ කවුද උගේ ආගම මොකද්ද කියලා.

      • Hakim says:

        මේ සර්ව පිත්තල රද අගහිමියා ඒලම් ක්‍රමයට වැඩ, තිබුනු ගරුත්වය නැතිකර්ගත්තා දේශපාලනය කතාකොරන්න ගිහින්, හම්බයන් සමග ඩීල්

      • සනත් ඉතාලිය says:

        ගිරවෝ ගිරව උනාට හැම එකටම හොට නොදා හිටු. පිලිතුර සරලයි .. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි.

        • Suresh says:

          අර 70,000ක් මැරුනු එක බනිස් කෙහෙල් සෙල්ලමක්ද තොට. දහස් ගානක් අබ්බගාත වෙලා, අම්මලට දරුවො නැති වුනා, එක එක ගස් බල්ලොන්ගේ ආගමික උන්මාද නිසා මේ රට අවුරුදු 150ක් විනාස වුනා. සියලු සේසත හූරගෙන උන්ගෙ රටට අරන් ගිහින් තවත් විනාස කරනව. ඒ අස්සෙ අපේ රටේ ගොබ්බයො, අනේ සුදු උතුමනි, මේන් මේකත් විනාස කරන සේක්වා කියල හූමිටි තියනව. රටක් ජාතියක් ගැන හැඟීමක් නැති සල්ලි වලට විතරක් කහින උන් නිසා තමයි අපේ රටට මේ හෙනේ පාත් වුනේ.

          • ගිරවා says:

            Suresh ඔබට ස්තුතියි ..අපේ රටේ ජිවත්වන අවස්තාවාදින්ට රට ගැන හැගීමක් නැහැ ,,බඩ ගැන විතරයි හිතන්නේ

    • Charith says:

      I think you are confused by your petty political idealogies !

  2. sajitha says:

    eka ratak eka neethiyak pratipattiyata honda praveshayak.

  3. Araliya says:

    Meeta pera covid mulwarata pethirenna welawe Cardinal Himipanan wagakeemak ethiwa catholic school patan ganna dina Prakasha kala, eya 100% kma niweradi theeranayak una,
    Eda guru sangamaye itiye kohida? Ada meyata niweradi theeranayak, un wahanse a duwata chodana karana nisada waten gos apahasa kireemata serasenne,

    Catholic schools kiwwata e pasal walin daksha daruwan, kreedakayan bihi une, ethumata apahasa karanna epa.

    • cobra says:

      ආගම්වාදය, ආගම්බේද ඇතිකිරිමට ද අගරදගුරුතුමා මේ උත්සාහ කරන්නේ ? කතෝලිකයෝ වැඩි දෙනෙක් සිංහලයෝ රටේ ජනතාව අතර සමගිය නැති කිරිමට මෙය බලපාන්න
      පුළුවන් නේද ?

  4. Shyam Perera says:

    starling මහත්තයා danne නැද්ද rajaye ආධාර labana private school gana me ඒවා, පවරා gath pasal නොවෙයි …

  5. රාජන් says:

    බෞද්ධයිනි ! කතෝලික, ක්‍රිස්තියානි, ඇන්ග්ලිකානු, වෙස්ලියානු, මෙතෝදිස්ත පාසැල් වර්ජනය කරමු ! උදා : St Joseph, St Peters, St Benedict, Maris Stella, St Thomas, Trinity, Wesley, Ladies College, St Bridgets, Bishops, Methodist College, Ave Maria

  6. dev says:

    Hmm interesting.

  7. ඉන්න හිතෙන රටක් අනේ වෙච්ච දෙයක් says:

    මට එහෙම නිවාඩු දෙන්න කියලා කිව්වේ ලොකු ස කියලා මිඩිය එකට කිව්වා නම් වැඩේ ඉවරයි.

  8. ගොන් බයියා says:

    කාදිනල් දැන් වෙනම රාජ්‍යක් හදාගෙන. අපේ ස බලේට එනකම් තමා ඔය සෙල්ලම්

  9. Maha sinhale says:

    1815 සුද්දගේ නීතියද? එක රටක් එක නීතියක් විය යුතුයි.

  10. Felix says:

    So now the Ministry of Education needs to take disciplinary action against the Principals of these Catholic Schools. If not, this incidence is part of the game as he may have got the order from his friends to do this way.

Main News