අගරදගුරු පසුපස දේශපාලන හස්තයක්…- දයාසිරි

April 6, 2021 at 6:29 am | lanka C news
අගරදගුරු පසුපස දේශපාලන හස්තයක්…- දයාසිරි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අගරදගුරු තුමන් විසින් කරන ලද ප්‍රකාශය පසුපස කිසියම් දේශපාලන හස්තයක් ඇත්දැයි සැක සහිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ කිසිදු තැනක හිටපු ජනාධිපතිවරයා වරදකරුවකු කර නැතැයිද ඔහු පැවසීය.

එමෙන්ම හිටපු ජනාධිපතිට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ඇත්දැයි නීතිපති දෙපාර්තමේන්තුවට අවස්ථාවක් දෙන ලෙස පමණක් එහි දක්වා ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

එම සඳහන නිවැරදිව තේරුම් නොගැනීම සම්බන්ධයෙන් කණගාටුවන බවද කී ඔහු උසාවියකින් වරදකරුවකු වන තුරු කිසිදු අයෙකු වරදකරු නොවන බවද කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය එල්ල කළ හිටපු ජනාධිපතිවරයා නොවන බවත් මෙවන් ප්‍රකාශ වලින් සිදුවන්නේ සැබෑ වරදකරුවන් යටපත් වන බව ද පැවසූ ඔහු ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නඟමින් සිටින අවස්ථාවක මෙවැනි පහර දීම් සාමාන්‍ය බවද පැවසීය.

17,689 views

21 Comments to “අගරදගුරු පසුපස දේශපාලන හස්තයක්…- දයාසිරි”

  1. නාරිලතා says:

    අපේ රටෙි සියලු ආගමි වල කැපී පෙනෙන චරිත , ඒ තත්ත්වය උදා කරගෙන ඇත්තේ ,ආගමික සත් ක්රියා කිරීමට වඩා, දේශපාලන කෙලි වලට , කෙලින් හෝ වක්‍රව වොයිස් කටි දීමෙන් නොවෙිද ? මොවුන්ට, අපට වඩා ⁣දිව්‍ය ලෝකය බොහෝ දුරය. සාදු සාදු සී යූ !

  2. පොඩි එකා says:

    බෝම්බ ගහන්න කලින් 99 වතාවක් දන්නලා තිබුන එක දැන කාටත් අමතකයි… හිටපු ඡනාධිපති ඇතුළු සමස්ථ රඡයට වගකිව යුතුයි..

    • Amda says:

      ඇත්ත…..මේ රටේ කවුරුහරි ඇත්ත කිව්වොත් එයාගෙ පස්සෙන් දේශපාලන හස්ත.

      මම බෞද්ධයෙක් උනත් කාඩිනල්තුමාගෙ පැත්තෙ. එතුමා මහා විනාශයකින් රට බේරගත්ත එකට ඔය ලපයි සිපයි ඔක්කොම එතුමාට ණය ගැතියි.

      කොහොම උනත් ඒ කාලෙ මතක් කරල බලන්න…ඒ ආන්ඩුව පුදුම වෙහෙසක් ගත්ත සින්හලයන් අවුස්සන්න.
      ඒක සාර්ථක උනේ නෑ

      පොලවෙන් මතු උන දොරටුපාලයෙකුට මොන රජකම්ද? එයා විතරක් නෙවෙයි, වටේ හිටිය මැටි නාම්බො ටිකයි, එයාව එතෙන්ට ගෙනාපු සෙට් එකයි ඔක්කොම වග කියන්න ඕනෙ

  3. Gonja says:

    Summa poda rilasiri….

  4. Anil says:

    දයාසිරියි මෛත්‍ත්‍රීගෙයි පවුලෙ එව්වො ටික එකතුවෙලා මයිත්‍රීට පක්ශව විවිද නම්වලින් මේකට කමෙන්ට් දානවා. මොන කමෙන්ට් දැම්මත් රටේ ඉන්න පොඩි ලමයෙක් උනත් දන්නව මෛත්‍රී මේකට වගකියන්න ඕන කියලා

  5. සනත් ඉතාලිය says:

    සිරිසේන 2015 මේරටට කරපු විනාසෙ පල විපාක දැන් ඔහු පසුපස ලුහුබදී. තන්හාය ජායතී සෝකෝ., සිරිසේනගෙ වචන වලින් කියනවනම් ” බම්බුව තමයි”

  6. PULATHISI says:

    පාස්කු ප්රිහාරයට අදාල චෝදනා පිළිබඳව ඉතා කඩිනමින් දඬුවම් දිය යුතුුය.
    2. ඊට අමතරව මහින් ද රාජපක්ෂා රජය පෙරලා දමා නව ලිබරල්වාදීන් සමග එක්ව අපේ රට අගාධයට ඇද දමා අපේ රට විනාශ කිරීම පිළිබඳව ඔහුට උපරිම දඬුවම් ලබාදිය යුතුය. එසේම ඔහුගේ පාලන කාලය තුල විවිධාකාර අල්ලස් දූෂණ ක්රිහයාකාරකම් තුලින් හරි හම්බකරගෙන ඇති සියලුම සම්පත් සහ මූල්යල වත්කම් ද රාජසන්තක කරමින් ඒවා දුෂ්කර ගම්මානවල සිටින් දිලිඳු ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යෙදවිය යුතුය.

Leave a Comment

Main News