අගරදගුරු මාධ්‍ය අමතයි.. පාස්කු විමර්ශණ ගැන දැඩි චෝදනා..

October 5, 2021 at 12:02 am | lanka C news
අගරදගුරු මාධ්‍ය අමතයි.. පාස්කු විමර්ශණ ගැන දැඩි චෝදනා..

දේශපාලන වාසි සහ උවමනාවන් මත පාස්කු ප්‍රහාරය වින්දිතයන්ට සාධාරණය ඉටු නොවන බවක් පෙනෙන්නට තිබෙන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.

වර්තමානයේ දී බලවතුන්ට හා ධනවතුනට පමණක් නීතිය හැසිරවිය හැකි තත්වයක් මතුව ඇතැයි ද අගරදගුරුතුමන් සඳහන් කළහ.

කොළඹ අගරදගුරු නිවසේ පැවති උත්සවයක් අමතමින් කාදිනල්තුමන් මෙම අදහස් පළ කරන ලදී.

මෙරට ජනතාවට හැත්තෑ වසරක් තිස්සේ යුක්තියක් බලාපොරොත්තු විය නොහැකි සමාජ ක්‍රමයක් බිහි වී ඇති බවද පැවසූ කාලිනල්තුමා අද කිසිවකුටත් රටේ සැබෑ ප‍්‍රශ්න විසඳන්න උවමනා නැති බවත් රටේ මුදල් අනවශ්‍ය දෑ වෙනුවෙන් වියදම් කරමින් සිටින බවත් පැවසූහ.

36,364 views

30 Comments to “අගරදගුරු මාධ්‍ය අමතයි.. පාස්කු විමර්ශණ ගැන දැඩි චෝදනා..”

  1. SAMAN JAYARATNE says:

    නිදහසෙන් පසු රට පාලනය කල සියලුම දේශපාලන පක්ෂ අපේ රටේ දේශපාලන වේදිකාවෙන් ඉවත් කල දාට රටේ දියුණුව අනාගතක ගැන රටේ ජනතාවට සතුටු විය හැක ..අපේ රටේ දේශපාලකයෝ නැහැ ඉන්නේ දේශපාලුවෝ රට විකුණන /බදු දෙන ,රටේ ධනය ගසා කන හොරදෙටුවෝ