බත්තරමුල්ලේ නිවසක රහස් හමුවක්.. බලවතෙකුගේ සැකමුසු අවධානය.. අගවිනිසුරු පෙන්ෂන් යන්න දින කිහිපයයි..

March 12, 2019 at 6:23 am | lanka C news
බත්තරමුල්ලේ නිවසක රහස් හමුවක්.. බලවතෙකුගේ සැකමුසු අවධානය.. අගවිනිසුරු පෙන්ෂන් යන්න දින කිහිපයයි..

බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආසන්නයේ වාසය කරන ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙකුගේ නිවසේ ඊයේ රාත්‍රියේ කිසිදු හේතුවක් නැතිව විශේෂ සාදයක් පවත්වා තිබේ.

මෙම සාදය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක්, ඉහල අධිකරණයක  විනිසරුවරයෙක්, ව්‍යවස්ථා සභාවේ ප‍්‍රබලෙයක් හා නීතිය සම්බන්ධයෙන් වගකීමක් ඇති ඇමතිවරුන් දෙදෙනෙක් සහභාගී වී ඇත.

අදාල හමුව සාදයක් යැයි පැවසුවද සාදයකට වඩා එය වඩා රහස් සාකච්ඡාවක් පැවැත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් අගවිනිසුරුවරයා ධුර කාලය අවසන් වී අප්‍රේල් මසදී විශ්‍රාම යාමට නියමිතව තිබියදී සිදුවූ මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ඉහල බලවතකුද දැඩි අවධාය යොමු කර ඇත.

ඊයේ සාකච්ඡාව සඳහා සහභාගී වූ දෙදෙනෙක් මීළඟට අගවිනිසුරු ධුරය සඳහා යෝජනා කෙරෙනු ඇතැයිද වාර්තා පල විය.

(ප.ස. – මෙම හමුව සදහා වත්මන් අග විනිසුරු සහභාගී නොවූ බව පැහැදිලිව අවධාරනය කරමු.)

31 views

3 Comments to “බත්තරමුල්ලේ නිවසක රහස් හමුවක්.. බලවතෙකුගේ සැකමුසු අවධානය.. අගවිනිසුරු පෙන්ෂන් යන්න දින කිහිපයයි..”

  1. Nagasinha says:

    විනිසුරු වරු පත් කරන්නේ 8 පාස් නැති දේශපාලුවන් බව ඇත්තක්ද?

  2. samitha says:

    ගේබ්‍රියල් කුමන්ත්‍රණයේ ඊලග අදියර කුමක් විය හැක

  3. පොරමෝලා says:

    කතෝලික බලවේගය !!!

Main News