අගවිනිසුරු විශ්‍රාම යයි.. අලුත් අගවිනිසුරු පත් කිරීම සමග දේශපාලන කුණාටුවක්..
April 5, 2019 at 4:40 pm | lanka C news
මෙරට 46 වන අගවිනිසුරු ලෙස කටයුතු කරන ලද වත්මන් අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ සේවා කාලය මේ මස 28 වැනිදා අවසන් වේ.
ඒ වෙනුවෙන් සමුගැනීමේ උත්සවයත් අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී පැවැතින.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා විශ්‍රාම යාමත් සමඟ නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම ව්‍යවස්ථා දායක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.
මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව හා ජනාධිපතිවරයා අතර දැඩි ගැටුම්කාරී තත්වයක් ඇති වනු ඇති බව සමීප දේශපාලන ආරංචි මාර්ග පවසයි.
නව අගවිනිසුරු පත් කිරීමෙන් පසු මෙරට ඉදිරි දේශපාලනය බොහෝ කැලඹිලිකාරී තත්වයන්ට පත්වනු ඇතැයිද ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
නලීන් පෙරේරා කතෝලික බලවේගය !!! ගේබ්‍රියල් කුමන්ත්රණයේ ඊලග අදියර කුමක් විය හැක
නැවත කලු සුද්දන්ගේ රාජ්‍ය තනමු…