අගවිනිසුරු විසින් නීතිපතිගේ ඉල්ලීමකින් ගතයුතු තීරණයක් කැබිනට් මණ්ඩලය ගනී.. අධිකරණයට බරපතල අතපෙවීමක්..
August 22, 2017 at 3:00 pm | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.
‘එජාපයේ ඉන්නා මන්ත්‍රිවරුන් සියළු දෙනා එක හඬින් කිව්වේ රාජපක්ෂවරුන්ට දඬුවම් කරන්න විශේෂ අධිකරණ පිහිටුවන්න කියා. ඒක කලේ නැති වුණාම රාජපක්ෂවරු රකිනවා කියලා විජේදාස ඇමතිතුමාට දොස් කියනවා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ක ඩීල් දාලා කියලා චෝදනා කරනවා. නමුත් විශේෂ අධිකරණ පිහිටුවීමට ව්‍යවස්ථාවේ ඉඩක් නැහැ. එසේ ඉඩක් නැති නම් විජේදාස ඇමතිතුමා මොනවා කරන්න ද? දැන් විශේෂ අධිකරණ පිහිටුවන්න බෑ කියන්නේ කවුද? හිටපු නීතිපති තිලක් මාරපන සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ වගේ නීතිය මෙලෝ හසරක් නොදන්න අය. විශේෂ උසාවි පිහිටුවිය යුතුයි කියන්නේ කවුද? හිටපු අගවිනිසුරු රාජිත සේනාරත්න. ජනාධිපති නීතිඥ රන්ජන් රාමනායක. නීතිය පිළිබඳ මහචාර්ය පා ච රණවක. දැන් ඉතින් කාරණය පැහැදිලියිනේ.
අවසානයේ දී රාජිත ඇමතිතුමා තමන්ගේ ගැලවුනු රෙද්ද යලි ඇද ගැනීමේ අරමුනින් කියනවා විශේෂ අධිකරණයක් වෙනුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ නඩු ඇසීමට ඇමති මඩුල්ල තීරණය කළාලු. මුළු ඇමති මණ්ඩලයටම නීතිය දන්න එක් කෙනෙකුවත් හිටියේ නැද්ද? අපේ රටේ නීතියේ හැටියටනම් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නැතිනම් රජතුන්කට්ටුවක් නඩුවක් ඇසීමට පත් කරන්නේ නීතිපතිගේ ඉල්ලීම මත අගවිනිසුරුයි. ඒ මිස ඇමති මණ්ඩලයට නඩු ඇසීම් පිළිබඳ තීන්දු ගන්න බෑ. අගවිනිසුරුවරයා විසින් නීතිපතිගේ ඉල්ලීම මත ගතයුතු තීරණයක් අමාත්‍යමණ්ඩලය විසින් ගනු ලබන්නේ නම් එය සෘජුව අධිකරණයට අතපෙවීමක්. මෙතරම් අධිකරණයට ඇඟිලි ගැසූ යුගයක් ලංකා ඉතිහාසයේ කවදාවත්ම තිබුණේ නෑ’
– අරවින්ද අතුකෝරල
meka Jahapalanayane…egollanta kemathi vidiyata karathahaki.
මන් එක අතිනුත් ගත්ත. කටිනුත් ගත්හ් සීනිබෝල බව තාම මතකයිද දැන්?
දතා හිතගෙන ඉන්නේ ඌ මහ රජා කියලා
මහින්දට රජා කිව්වට මේකා ට ඇමති පට්ටමෙන් මෙහෙම උඩ ගියානන් රටේ නායකයා උනොත් ඉවරයි
රාජිත සේනාරත්න පිස්සුබලු බේත් බීල වගේ ලතෝනි දෙනකොටම ජනතාව දැනගත්තා කොතනින් හරි මිස්ෆයර් වෙලා කියල. රාජපක්ෂ පවුල කරපු මොකක් හරි වැරැද්දක් හොයාගන්න බැරිඋන නිසා වෙච්ච් කුලප්පුව තමයි මේ. මොන වැරැද්දක් කරලා හරි කවුරුහරි රාජපක්ෂ කෙනෙක් කොටුකරගන්නයි ඕනකරන්නේ. රාජපක්ෂ රාජපක්ෂ කියා කියා ඒකට මුවාවෙලා මහා බැංකු සුද්දෙ දැම්මට අද මුවාවෙන්න රාජපක්ෂ කෙනෙක් නැතිවීම තමා යහපාලන අර්බුදය. රාජිත සේනාරත්නගේ වංචා තොගේම යටගහන්න රාජපක්ෂ රාජපක්ෂ කියා කියා කැගැහුවට තමුන්ගේ වංචා පැහැදිලිවම පෙනෙනවා.
මහින්ද රාජපක්ෂ කරපු ලොකුම වැරැද්ද තමයි රාජිත සේනාරත්න වගේ අපරාධකරයන්ව රැකපු එක. 19 සංශෝදනයෙන් ඒ බලය ජනාධිපතිගෙන් අයින් කරපු නිසා රාජිත සේනාරත්න වගේ අපරාධකරයන්ව උල තියන්න පහසුයි. තමුන් නිවැරදිනම් කොමිෂන් වලින් ප්‍රශ්නකරන්න කතාකලාම පොර වගේ ගිහින් වැඩේ බේරගන්න තිබුනනේ. හොර නිසා යන්නේ නැහැ. කොතරම් කාලයක් නොගිහින් ඉන්නද? අරිට්ටකී වෙන්ඩු විදිහට සිරිසේන හෝ මා හෝ ආණ්ඩුව හෝ කියා මතුර මතුර කාලය ගතකරනවා. උපරිම 2020 වෙනකම් විතරයි. ඉන්පසු වැලිකඩ හොරි කහ කහ ඉන්න පුළුවන්.
අනේ බොලං මනෝහර කළු සුද්දන් නීති ගැට හොඳයි ගමේ ඉන්න බයියන්ට ම
well said sir!!
Vinisuruwange gewal walata gul gahala thamai meka iwara wenne.