අගෝස්තු මැද සිට ඉන්ධන ගේන්න මුදල් නෑ…- මහ බැංකු අධිපති

July 26, 2022 at 10:02 pm | lanka C news
අගෝස්තු මැද සිට ඉන්ධන ගේන්න මුදල් නෑ…- මහ බැංකු අධිපති

අගෝස්තු මස මැද පමණ සිට මෙරටට ඉන්ධන මිලදී ගැනීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනට සහභාගී වෙමින් ඔහු කියා සිටියේ අගෝස්තු මාසේ මැද පමණ වන තෙක් දැනට මුදල් ගෙවා ඇති නැව් වලින් ඉන්ධන පිරිමසා ගත හැකි වනු ඇති බවයි.

‘තෙල් සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම බැලුවොත් මාසෙකට වාහනවලට විතරක් විදුලියට නැතුව ඩොලර් මිලියන 350 – 400ක් වත් අවශ්‍ය වෙනවා. විදුලියටත් සමග 550ක් වගේ තමයි අවශ්‍ය වෙන්නෙ. එතකොට ඒ සඳහා ඩොලර් මිලියන 500ක් හොයාගන්න ( අපේ සංචිත තියෙන්නෙ ඉතාම අඩු මට්ටමක නිසා ) තියෙන එකම ක්‍රමය තමයි ඉන්දියාව හරි චීනය හරි කවුරුහරි දෙන්න ඕනෙ, එහෙම දුන්නොත් මේක ඉතා පහසුවෙන් විසඳන්න පුළුවන්.

ඒ වුණත් දැන් ඒ තත්වය අවිනිශ්චිතයි අපට එහෙම ලැබෙනවාද නැද්ද කියන එක. අපි ඉල්ලීමක් කරලා තියෙනවා, තවම ලැබෙනවාද කියලා ස්ථාවරත්වයක් නෑ.

එතකොට එහෙම වුණාම නරකම තත්වය අපි හිතමු අපට මොකුත් හම්බවුණේ නෑ කියලා, එහෙම හම්බුණේ නැත්නම් අපට තියෙන සංචිත අපි පාවිච්චි කරලා ඉවරයි, ලබන මාසෙ මැද විතර වෙනකල් මේ දීපු සල්ලිවලින් තෙල් ටික එයි. එතකොට එතනින් එහාට කොහොමද ලබන මාසෙට තෙල් හොයාගන්නෙ කියන එක අවිනිශ්චිතයි’

37,395 views

19 Comments to “අගෝස්තු මැද සිට ඉන්ධන ගේන්න මුදල් නෑ…- මහ බැංකු අධිපති”

  1. George says:

    But the minister announced there are more shipments are arriving.

    • test says:

      Perhaps those ministers aren’t wrong. More shipments might be on their way. But we wont be able to pay for them once they are here. That’s what has been happening for the past few months.

  2. ගිරවා says:

    පොහොට්ටු ත්‍රස්තවාදය පරාජය කිරිමට අගෝස්තු මස9 වෙනිදා ට ගෝල් ෆේස් එන්න.