අගෝස්තු මුල කටුනායක ගුවන් තොටුපල විවෘතයි..

June 1, 2020 at 6:48 pm | lanka C news
අගෝස්තු මුල කටුනායක ගුවන් තොටුපල විවෘතයි..

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී අද (01) සිට ඇරඹේ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

උඩුගම්පළ කාර්යාලයේ දී අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

රටේ වර්තමාන තත්ත්වය පිළිබද ව දැනුවත් කිරීම සදහා මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ද ඇමතිවරයා මෙහි දී කීවේය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ලෝකයේ බොහෝ ගුවන් තොටුපළ මේ වන විට නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරි මාස වල දී මෙලෙස ලෝකයේ විවිධ ගුවන් තොටුපළ විවෘත කෙරුණාට විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමේ වැඩපිළිවෙල නිසා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ අගෝස්තු මුල දී  ය. අගෝස්තු මුල දී සංචාරකයන් සදහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කෙරුණ ද පැමිණෙන සියලු සංචාරකයන් ගුවන්  තොටුපළේ දී අනිවාර්යෙන් ම පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ. රට තුළට කොවිඩ් 19 රෝගියෙකු ඇතුළු වීම වැළැක්වීම මෙහි අරමුණ බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කියා සිටියේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වීමේ වැඩසටහන අතරමග නතර නොකරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විදේශ රටවල කොවිඩ් 19 වසංගතය හේතුවෙන්  පීඩාවට පත් ව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව බව ද කීවේ ය. මේ වන විට රටවල් 21 ක විදෙස්ගත ශ්‍රමිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙනවිත් නිරෝධායනය සදහා යොමු කර ඇත. තවත් 20, 000 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති. ඔවුන්ව ද දිවයිනට ගෙන්වා ගැනීම විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙන බව ද ඇමතිවරයා මෙහි දී කියා සිටිය.

– ප්‍රදීප් අනුර කුමාර

27,853 Viewers

15 Comments to “අගෝස්තු මුල කටුනායක ගුවන් තොටුපල විවෘතයි..”

  1. Don sarath says:

    Gennanna epa ekek wath PCR natuwa. Private karaganna kiyanna. Okkoma pitarata kaywaru karayo, dan chu giyama lankawa matak wela.

    • Nadun says:

      oya mahaththaya kiyata yanakal iskole gihin thiyanawada? ballek wagene kathawa.

    • Kaushalya says:

      Expat workers injects more than 8 Billion USDs to the country every year. You got power to talk because of that. Majority of the country knows this fact, except you and few brainless.

      Do, think before write.

    • chiran says:

      meka nam gedarin eliyata giyapu nathi gon thadiyek , mama lankawen gihin aurudu 30 k wenawa , pita rata wala inna aya ekka loku irisiyawak thiyanawa wage meyata ,bus eken colombo wath gihin balapan ,pita rata wala weda karala lankawata salli ewanne netnam umbata yanne goma,harak patiyo.PCR test karala thamai kohomath lankwata enna denna ona ,eka gana kisima wirodayak naha ehema thama wenna ona mama awath,

    • chiran says:

      DON SARATH NEME MU GON SARATH,

  2. කිරි ගුණයා says:

    ප්‍රසන්න විතරක් නෙවි උගෙ පවුලෙ හැම ඵකාම හොරු .
    මූ නිකං මාර ටෝක් දෙන්නෙ .හරියට ඵයාපෝර්ට් ඵක මුගෙ තාත්තාගෙ සල්ලි වලින් හැදුවා වගේ …මුගෙ හෙංචයියො තමා කටුනායක ඵයාපෝර්ට් ඵකේ සේරම ජරා වැඩ කරන්නෙ .කොහොම වුණත් මේ පාර ගම්පහේ හරක් මේ වගේ මැර අපතයන්ට,හොරුන්ට කතිරෙ ගහන ඵකක් නැහැ කියලා අපි විශ්වාස කරනවා.

  3. kamal says:

    මෝඩ කපටියනි රහතුන් හොයන්න එපා රහතුන් ඉන්නවා හැබයි පුද්ගලසරණ තරම් හානියක් වෙන නැ.සංඝයා සරණ යන්න බුදුන් සරණ යන්න නමුත් තාම මමඉගෙනගන්

  4. Lankan Sudda says:

    1. CONSTRUCT FIELD HOSPITALS.
    2. USE SLBFE TRAINING CENTERS AS QUARANTINE FACILITIES.
    3. USE HOTELS AS QUARANTINE CENTERS TO GIVE FACILITIES TO PEOPLE WHO CAN AFFORD.
    4.BUY MORE ICU BEDS.
    5.BUY MORE VENTILATORS.

    LET THEM COME IN PEACE. RUN THE FUCKING GOVERNMENT IN PRODUCTIVE WAY!!!

  5. Anathaya - Middle East says:

    STOP USELESS MEDIA STATEMENTS. BRING THE STRANDED PEOPLE!! WE HAVE NO MONEY, NO FOOD. WE ARE JOBLESS. STAYING ON THE ROADS.

  6. Saradiel says:

    නව පොහොට්ටු රජයක් සමග අලුත් රටක් ජයවේවා ‘ බැංකු හොරු බංගවේවා

  7. Kalana says:

    බොරුව, සහ රැවටීම, මැයි මාසයේ විතරක් ඉන්දියාව 15000 ක් ඩුබායි වලින් විතරක් මිනිස්සු ගෙන්න ගත්ත.
    කවුරුවත් නැහැ වගකියන, එකෙක්වත් නැහැ වැඩසටහනක් හදන්න, සෞක්‍ය අද්යක්ෂක බොරු කාරයෙක්, හමුදාවයි, doctors ලයි, හෙදියෝයි හිටපු නිසා ගොඩ ආව, නැතිව උන් කරපු කෙන් ගෙඩියක් නැහැ.

  8. දියරකුස් says:

    අනුර කුමාරව ජනාදිපති කලානම් මීට වඩා කලින් මාර්තු වලදි එයාපෝට් එක විවුර්ත කරන්ඩ තිබුනා…අපරාදෙ..