අගෝස්තු 01 ගුවන් තොටුපල විවෘතයි.. කටුනායකට ගුවන් කෞතුකාගාරයක්..

June 21, 2020 at 8:02 am | lanka C news
අගෝස්තු 01 ගුවන් තොටුපල විවෘතයි.. කටුනායකට ගුවන් කෞතුකාගාරයක්..

ශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට යයි. මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමානය දැක්වෙන පරිදි මෙම කෞතුකාගාරය කඩිනමින් ඉදි කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවයක නිරත වීමෙන් අනතුරුව එම අධිකාරියේ නිළධාරින් සමග පැවති සාකච්ඡාවක දි ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. රැස්වීම සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී පැවැත්විණ.

මෙම කෞතුකාගරය ඉදි කිරීමට ස්ථානයක් ද මේ වන විට හදුනාගෙන තිබේ. එය ගුවන් තොටුපළ හා ගුවන් සමාගම සතු අක්කර 80 ක ඉඩමකි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී උපදෙස් දුන්නේ කටුනායක ගුවන් තොටුපළට එල්ල වූ කොටි ප්‍රහාරයේ තොරතුරු ද ඊට ඇතුළත් කරන ලෙසයි.

අගෝස්තු 01 වෙනි දා කටුනායක ගුවන් තොටුපළ සංචාරකයන්ට විවෘත කිරිමේ දී ජාත්‍යන්තර ගුවන් නීති රිති ක්‍රියාත්මක කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට සෞඛ්‍ය අංශ  බළධාරීන්ගේත් නිර්දේශ අනුව කටයුතු කරන ලෙසත් උපදෙස් දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මගී ගුවන් යානා ප්‍රමාදය වැළැක්වීමට ද පියවර ගන්නා ලෙස කීවේය.

දිවයිනට පැමිණෙන සියලුම ගුවන් යානා ඒ සදහා විශේෂිත වු හුදකලා ස්ථානයක නතර කිරීමටත් ගුවන් යානා විෂාබීජානුහරණය කිරීමටත් කටයුතු යොද ඇතැයි මෙහිදී අනාවරණය විය. නියමිත කාල සටහනක් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා මෙහි පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කමිටුවක් මගින් නිසි අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ සදහා ගුවන් යානයේ පැමිණෙන ගුවන් මගීන් පිළිබද ව සවිස්තර තොරතුරු ඊට ඇතුළත් කළ යුතු  බව ද මෙහිදී අනාවරණය විය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේ ගුවන් තොටුපළින් රටට ඇතුළු වන සෑම අයෙකුම ලංකාවේ ක්‍රියාත්මක කර ඇති නිරෝධායන නීති රීති හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම වලට නතු විය යුතු බවයි.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සදහා නව සේවකයන් බදවා ගැනීමේ දී පණවා ඇති නීති සීමා වහා ඉවත් කරන ලෙසද ඇමතිවරයා මෙහි දී උපදෙස් දුන්නේය. ඔහු අවධාරණය කළේ මෙම අධිකාරිය තුළ ඇතැම් තනතුරු සදහා බදවා ගැනීම් වලදී එම ක්ෂේත්‍ර යේ වසර 20 ක පළපුරුද්ද ඉල්ලා සිටින බවයි. අධිකාරියේ ප්‍රධාන නිළධාරියෙකු වසර ගණනාවක් තිස්සේ සේවය දීර්ඝ කරමින් සිටි බව පැවසු ඇමතිවරයා මේ තත්ත්වය වෙනස් කළයුතු බව පෙන්වා දුන්නේය. ඒ නිසා මෙම ක්ෂේත්‍රයට තරුණ තරුණියන්ට ද පිවිසීමට හැකි පරිදි බදවා ගැනීමේ ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ද ඇමතිවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

– ප්‍රදීප් අනුර කුමාර

24,557 Viewers

12 Comments to “අගෝස්තු 01 ගුවන් තොටුපල විවෘතයි.. කටුනායකට ගුවන් කෞතුකාගාරයක්..”

  1. AK47 says:

    ඔක්කොටම කලින් ගුවන්තොටුපොළේ ටොයිලට් හදන්න.
    ලංකාවෙන් බැස්ස ගමන් මගින් ටෝයිඉලට් වලට යනවා. ගන්න දෙයක් නෑ,, හිරිකිතයි.

    ඊළගට පිටවීමේ නාම පුවරුව හැමෝටම පෙනෙන තැනක ගහන්න.
    EXIT වෙනුවට වෙන මොකද්ද බයිලයක් ලියල තියෙන්නේ. ලෝකේ හැම රටේම තියෙන්නේ EXIT කියලා. ලංකාවේ තියෙන්නේ වෙන බයිලයක්.

  2. Sirimal says:

    Monawa kalath kamak naha

    Ayeth airport eken corona nam lankawata genna epa

  3. Tommy says:

    අහවල් එකකටද අක්කර අසූවක් වියදම් කරල කෞතුකාගාරයක් හදන්නෙ.

    කිසිම තේරුමක් නෑ කෞතුකාගාර හදනව කියන්නෙ හොදට හොරාකනව කියන එක.
    ඒ මුදලින් ගුවන් තොටුපල දියුනුකරන්න ටිකක් හරි පුලුවන් වෙය්.
    දැනටත් එකක් රත්මලානෙ තියෙනව. අඩු ගානෙ ඒකෙ දවසක ආදායම නඩත්තුවටත් ප්‍රමානවත් නෑ.
    මේක තනිකරම හෙංචයියලටය් ඇමතියටය් හොරාකන්න හදාගන්න පොටක්

    • බන්ඩා says:

      කටුනායක කෞතුකාගාරයත් හදන එකේ වැරැද්දක් මට පෙනෙ⁣න්නෙ නැහැ. අපේ සමහරක්ට මොනව කලත් වැරදිය්. වෙරල පිරෙව්වත් වැරදිය්. නැව් තොටක් හැදුවත් වැරදිය්. පෝට් සිටියත් වැරදිය්.

      • ගස් බණ්ඩා says:

        වෙරළ පුරෝපුව නං ආපහු මුහුදටම ගියා ,, මිලියන් 86 ක් වතුරෙ.
        රටම වැටිලා මිනිස්සු නන්නත්තාර වෙලා ඉන්න වෙලාවෙ කෞතුකාගාරයකට කෝටි ගාණක් වෙන් කරන්න.නම් පැහැදිලිවම මොළේ අමාරැවක් තියෙන්න ඕනා.
        පගා හගන්න ප්‍රොජෙක්ට් නැතුව මුං පිස්සු වැටිලා ඉන්නෙ ,, දැං ප්‍රොජෙක්ට් මවනවා ..

      • ගස් බණ්ඩා says:

        අපොයි ඔව්. අපි නොදන්න ගුවන් සේවා ඇමැති ප්‍රසන්න කිව්වාලු. එළොළු පලතුරු ලැල්ලෙන් කප්පම් ගත්ත මිනිහා ඉතින් කවුතුකාගරේ හදන එකෙන් නම් කීයටවත් කොමිස් ගනියි කියලා හිතනන් බැහැ. කොහොමත් චන්දෙන් ගෙදර යන්න ඉන්න නිසා ඊට කලින් කුට්ටියක් කඩා ගන්න බලන්න ඇති. තුහ් නොදකිං මුන් ට කතිරෙ ගහන හරක්.

  4. Neel says:

    No need for museum. Also who r u allowing in to the country. Yes tourism is down but people with money will not come, encourage lankans to travel within the county use the hotels. Things will not get back to normal this year. U will only import corona

  5. Jagath says:

    ප්‍රසන්න මරු ගැහිල්ලක් ගහන්න හදන්නේ.

  6. ක්‍රිමිනල් says:

    කෞතුකාගාර ! යකො කොරොනාවෙන් බැට කාපු ජනතාව වෙලෙනවා , ශ්‍රිලංකන් එයාර් ලයින් එකේ බලෙන් සේවකයන් විශ්‍රාම ගන්නනවා ,පඩි කපනවා , ශ්‍රි ලංකන් එක බංකොලොත් වෙලා , මුන් කෞතුකාගාර හදනවා…සෘජු තීරණයක් වෙන්ටෑ.😂

    • GU-VP SAKKILI API says:

      Niyamai niyamai niyamai GU-VP-ක්‍රිමිනල් malliye

      GU-VP-GU-KAWA-PAKEK ne-me wage liyapn hodada

      Salli ganna GU-VP office ekata waren US$ 1, 345 tiyenawa ube gana, mada gahanawata

  7. දෙවැට සුදා says:

    අපොයි ඔව්. අපි නොදන්න ගුවන් සේවා ඇමැති ප්‍රසන්න කිව්වාලු. එළොළු පලතුරු ලැල්ලෙන් කප්පම් ගත්ත මිනිහා ඉතින් කවුතුකාගරේ හදන එකෙන් නම් කීයටවත් කොමිස් ගනියි කියලා හිතනන් බැහැ. කොහොමත් චන්දෙන් ගෙදර යන්න ඉන්න නිසා ඊට කලින් කුට්ටියක් කඩා ගන්න බලන්න ඇති. තුහ් නොදකිං මුන් ට කතිරෙ ගහන හරක්.

  8. Ravana parapura says:

    කරුණාකර අපේ ශ්‍රීලංකා ගුවන්සේවයේ කලින් යොදා තිබුණු මොණර ලාංජනය නැවත බාවිතා කරන්න.