අග‍්‍රඵලය ආසන්නයි.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්න සාකච්චා.. සජිත්ටත් අත වනයි..

December 20, 2020 at 9:20 am | lanka C news
අග‍්‍රඵලය ආසන්නයි.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්න සාකච්චා.. සජිත්ටත් අත වනයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වේ.

එම පක්ෂයේ ඉහළ නායකයන් මේ වන විට මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී සාකච්ඡා කර ඇති අතර එහිදී ආණ්ඩුව තම කණ්ඩායමට දක්වන නොසැලකිල්ල ට යම් රැඩිකල් ප‍්‍රතිචාරයක් දැක්විය යුතු බවට බහුතරයකගේ කැමැත්තෙන් එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු අවසන් නොවීම ඉහත තීරණය ගැනීම ප‍්‍රමාද කිරීමට හේතුවක් වී ඇති බවත් එම කොමිසමේ අවසන් විමර්ශන වාර්තාව අනුව ඉදිරි තීරණ ගැනීමට නියමිත බවත් පැවැසේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමඟ එක්වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

– divaina

104,622 views

34 Comments to “අග‍්‍රඵලය ආසන්නයි.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්න සාකච්චා.. සජිත්ටත් අත වනයි..”

  1. D.Nimal says:

    What ever said and done that Role of progressive politics of SLPF has come to ENDED after that Mathripala Sirisena jump into UNP led joint venture coalition in 2015 Jan 8th.Undoubetely 1951 the foundation of mission of SLFP has kept beside by Sirisena clique In fact MS was/is new lumpen elements of SLFP.He was followed by CBK
    The role of democratic Revolution of reforms has shifted to New Era of locally and Globally New order.
    SBJ is not that New Political classes ,it is Old UNP lumpen outfit .
    .

    • rayigama says:

      මේවා තමයි දේශපාලන ටැක් ටික්. විපක්ෂයට යනවා වගේ ඉන්නවා, ඔක්කොම ආණ්ඩු විරෝධීන් හිතනවා දැන් ඉතිං ආණ්ඩුව ඉවරයි අරගොල්ලොත් එනවනේ කියලා. අන්තිම මොහොතේ යන්නේ නෑ ආණ්ඩුවත් සමඟයි කියලා ඉන්නවා. අර ආණ්ඩු විරෝධීන්ටිකට සෙට් එකට සොරි. මොකද ආණ්ඩු විරෝධීන් අර සෙට් එක ගලවුනාම නිකම්ම ආණ්ඩුව කටට වැටෙයි කියලනේ බලාගන ඉන්නේ

  2. Piyadasa Yalagala says:

    Why not that SLFP in and out of Good Governances of so-called UNP leadership led by Ranil Wicks of christen theologist. Central Bank scam 2015 Feb and August also accountability of SLFP members in govt at that time. While MS has no way to escape from that .
    What about 2019 april 20 that ISIS attacked by Muslim Terrorist in UNP govt also accountability of SLFP leadership including MS as President of our Republic . No way to absolve their Crime against nation by UNP SLFP TNA JVP MC and other accountability has to address by current ruling parties led by GR & MR ?

  3. ගමරාල says:

    පාස්කු ප්‍රහාරයට ප්‍රදාන වගකිව යුත්තා හිටං බව ජනාදිපති කොමිසමේ හෙළිවෙමින් පවතින නිසා බයවී ඇති හිටං, පාස්කු කොමිසමෙන් තමාව නිදොස් කොට නිදහස් කරපන්, නැත්තන් මන් මගේ උන් ටිකත් අරන් ආණ්ඩුවෙන් යනවා කියා කරන බලපෑමකි මෙය .

  4. modakama saha adu ugathkama menma rajaya palanaya nodanna miniseki. S.L.F.P EKA WINASA KALA PAPATHARAYA. hithawath nedeyan marana danduwamn nidahas kota pitarata yawapu, prakotiyak watina maha mandirayak balen wage labagena wasaya karana durwala palakaya,daruwanta maliga ,adayam marga sada deela rata winasa kala balayen prayojana gath minisa kisima paksayakata GANNA EPO….

  5. Lakshitha says:

    “අග්‍ර ඵලය” – පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුවෙන් පසු ලැබීමට නියමිතයි. බැටිකලෝ කැම්පස් එක හැදු හිස්බුල්ල ඇතුළු අන්තවාදීන්ගෙන් අල්ලස් ලබාගෙන රට අනාරක්ෂිත කල එවුන් ඇත්නම් මේ හැමෝටමත් අග්‍ර ඵලය ලැබීමට නියමිතයි.

  6. Duminda says:

    අනේ යන්න. යන්නම යන්න. කොහේ හිටියත් ගඳ ගගහා තමයි ඉන්න වෙන්නේ

Main News