අච්චුවැලි පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්.. නිලධාරින් දෙදෙනකුට තුවාල.. පොලිසියේ තබාගෙනම ප්‍රථිකාර..
May 29, 2017 at 6:43 am | lanka C news
පෙරේදා (27) සවස 2ට පමණ උතුරේ අච්චුවැලි පොලිසියේ ජංගම රථයට සැගවී සිට පිරිසක් ප්‍රහාරයක් එල්ල කොට ඇත.
මෙය මැඩ පැවත්විමට එහි සිටි එක නිලධාරියකු අහසට වෙඩිතබා ඇති අතර පොලිස් නිලධාරින් දෙදෙනකු මේ නිසා තුවාල ලබා තිබේ.
මේ වනවිට පොලිස් නිලධාරින් දෙදෙනාට වෛද්‍යවරුන් අච්චුවේලි පොලිසිය වෙත කැඳවා ප්‍රතිකාර කරන අතර මෙම සිද්ධිය මැඩ පැවත්වීම සඳහා ක්‍රියාත්මක වු අහසට වෙඩි තැබු පොලිස් නිලධාරියා වැඩ තහනමට ලක් කොට ඇත.