අජිත් කුමාර්ගේ චිත්‍රපටය බලන්න ටිකට් නැතැයි වවුනියාවේ තරුණයින් ගහමරා ගනී.. දෙදෙනෙකුට තුවාල..

January 13, 2019 at 8:40 am | lanka C news
අජිත් කුමාර්ගේ චිත්‍රපටය බලන්න ටිකට් නැතැයි වවුනියාවේ තරුණයින් ගහමරා ගනී.. දෙදෙනෙකුට තුවාල..

දකුණු ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන අජිත්කුමාර් රංගනයෙන් දායක වන නවතම සිනමාපටය වන විශ්වාසම් චිත්‍රපටය නැරඹීම සඳහා වව්නියාවේ සිනාමා ශාලවක් වෙත පැමිණී තරුනයින් පිරිසකට ප්‍රෙව්ශපත්‍ර නොමැති වීමෙන් 11 රාත්‍රියේ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වව්නියාව පොලීසිය කියා සිටියේය.

අජිත්කුමාර්ගේ නව සිනාමාපඨය නැරඹීම සඳහා මේ දිනවල වව්නියාවේ ඇති එකම සිනමා ශාලාව වන වසන්ති සිනාමා ශාලවට විශාල පිරිසක් පැමිණෙන අතර එහිදී විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් වේලාසනම ප්‍රෙව්ශපත්‍ර අවසන් වීමෙන් පසුව පැමිණි තරුණයින් දෙපිරිසක් පවේශපත්‍ර ගැනීමට ගත් උත්සහයකදී බහින්බස් වීමක් ඇතිව තිබේ.

එම බහින්බස්වීම දුරදිග යාමත් සමග තරුණයින් දෙපිරිස පහරදීගෙන ඇති අතර අනතුරුව තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා එක් තරුණයකු රෝහලගත කිරීමටද සිදුව ඇති අතර පහරදීගැනීම සිදුවූ දෙපර්ශවය සම්බන්ධයෙන් පරික්ෂණයක්ද අරඹා ඇති බවට වව්නායාව පොලීසය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,494 Viewers

2 Comments to “අජිත් කුමාර්ගේ චිත්‍රපටය බලන්න ටිකට් නැතැයි වවුනියාවේ තරුණයින් ගහමරා ගනී.. දෙදෙනෙකුට තුවාල..”

  1. simion says:

    අයියෝ ඕකට ගුටිකෙල ගන්න ඕනෙද?…තව ටික දොහකින් “සියලු සමීක්ෂණ වාර්තා වලින්” කප් ගහල ඉන්න අපේ ඊනියා සිංහල නාලිකා, දෙරණ, සුවර්ණ්වාහිනී, හිරු, සිරස, සහ ITN නලිකාවලින් නොමිලේම බලා ගන්න ඇහැකි නොවැ..

  2. david milibanda says:

    Poddak wait.

    Sumanthiran has invested monies in Band Equipment and Chairs for Death Societies.
    So, have a little patience.

Main News