අජිත් පෙරේරා නීතිය ගැන දන්නා දෙයක් නැතැයි ප්‍රසිද්ධියේ පෙන්වයි..
November 7, 2017 at 12:15 am | lanka C news
පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
නීතිඥ අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ද්විත්ව පුරවැසිකම තිබූ ගීතා කුමාරසිංහ මැතිණිය ගාල්ලේ සංධාන ලැයිස්තුවේ සිටි නිසා එම ලැයිස්තුවම අහෝසි වන බව පැවසුවා. එතුමා ඒ මතය ඉදිරිපත් කලේ නීති මතයක් විධියට මිස දේශපාලන මතයක් විධියට නොවේ කියලා එතුමන් කියනවා. සාමාන්‍යයෙන් නීතිඥයෙක් නීතිමය මතයක් ඉදිරිපත්කරද්දි ව්‍යවස්ථාව, පනත්, රෙගුලාසි, නඩු තීන්දු උපුටා දක්වනවා. නමුත් අජිත් පෙරේරා මන්ත්රීතුමන්නම් එසේ උපුටා දැක්වීමක් කලේ නෑ. මොකද එතුමන්ගේ බොරුව සනාත කල හැකි කිසිම නඩු තීන්දුවක් රෙගුලාසියක් ව්‍යවස්ථාවක් නොමැති නිසා. නමුත් ඇත්තටම සිද්ධ වුණේ අජිත් නියෝජ්‍ය ඇමතිතුමා තමන්ගේ නීතිය පිළිබඳ දන්නා කම ප්‍රදර්ශනය කරන්න ගිහින් නොදන්නා කම ප්‍රදර්ශනය කිරීමයි. අපි එහෙම නම් ඇත්තම නීතිමය තත්වය දැන් විමසා බලමු.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වීමට නුසුදුසුකම් තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියේ. නාමයෝජනා ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමට හේතු තිබෙන්නේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 19 වන වගන්තියේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාව සංශෝධනය කරලා 91(ඈ) (xiii) අනු වගන්තිය ලෙස ද්විත්ව පුරවැසියෙකු වීම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වීමට වගේම කටයුතු කරගෙන යෑමට නුසුදුසුකමක් බවට පත් කළා. නමුත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කරලා නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරීමට ඒක හේතුවක් කලේ නෑ. එහෙම කරලා නෑ විතරක් නෙමේ එහෙම කරන්නත් බෑ. මොකද කවුරු හරි විරෝධයක් පලකරලා කියනවා අහවල් අපේක්ෂකයා ද්විත්ව පුරවැසියෙක් කියලා. තේරීම් භාර නිලධාරී වරයා කොහොමද ඒ විරෝධතාව මත පදනම් වී නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කරන්නේ. ඒ විරෝධතාවය හරියැයි සනාථකරගන්නේ කොහොමද? මොකද ඒක ක්ෂණිකව කළ හැක්කක් නොවේ. ලිය කියවිලි පරික්ෂා කර බලා කරුණුවලට සවන්දී කල යුතු දෙයක්. ඒ නිසා තමයි එම කාරණය අධිකරණයට බාරදී තිබෙන්නේ. ඒ නිසා ගීතා මැතිණියගේ මන්ත්‍රි ධූරය අහිමි වීම ගාළු සංධානය ලැයිස්තුවට කිසිම බලපෑමක් එල්ල කරන්නේ නෑ. නීතිය දන්න කෙනෙක් විදිහට මම ඒක ඉතාම වගකීමේන් කියනවා.
මේ අනුව සංධානයේ ගාළු දිස්ත්‍රික් මන්ත්‍රිවරුන්ගේ තනතුරු අහිමි වීමේ කිසිම අවදානමක් නෑ. ඒ නිසා රටේ ඇත්ත ප්‍රශ්න යටපත් කරන්න බොරු බිල්ලෝ මවන්න එපා කියා මාගේ උගත් මිත්‍රයාගෙන් ඉල්ලා සිටිනවා.
මොකද ඔබේ කළු ලෝගුවට ඇති ගෞරවය නිසා මාධ්‍ය මෙය වාර්ථාකලා. විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නා. ඒ නිසා කළු ලෝගුවේ ගෞරවය පක්ෂ දේශපාලනය වෙනුවෙන් කඩේ යවන්න එපා කියලා මගේ උගත් මිත්‍රයාගෙන් මම ඉල්ලා සිටිනවා.
– අරවින්ද අතුකෝරල
AJITH MAN3 THUMO MOKADA WUNE ?
DAN SATHUTUDA?
ලියකියවිලි අධිකරණය ට භාර දීලා ඒ ගැන විමසා බැලිය යුතුය…….එහෙනම් මෙයා කොහොම ද කියන්නෙ අජිත් පෙරේරා නීතිය දන්නෙ නැහැ කියලා ?
Mr open mind, please open eyes and see this part also:
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාව සංශෝධනය කරලා 91(ඈ) (xiii) අනු වගන්තිය ලෙස ද්විත්ව පුරවැසියෙකු වීම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වීමට වගේම කටයුතු කරගෙන යෑමට නුසුදුසුකමක් බවට පත් කළා. නමුත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කරලා නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරීමට ඒක හේතුවක් කලේ නෑ.
gONO Liyakiyawili baradenne dual citizenship thiyenawada balala thiyene eka gana theeranaya karanna. dan usawiyen theenduwa deela iwarai. dan laisthuwama usawiyen ahosi kolada
මොලේ විවෘත උනාට වැඩක් නෑ මචෝ,බුද්ධිය සංවෘතයි.පුළුවන් නම් ටොමියට කියල ෆුට් නෝට් එකක් ගහ ගනින් මචෝ,
ඕපන් මෛන්ඩ්,
අනුන්ට චෝදනා කරන්න ඉස්සෙල්ල ඒ මනුස්සය කියන දේ හරියට තේරුම් අරගෙන ඉන්න
මූ නීතියත් යූඑන්පී වාදී කරන්න යනව…! ඒකයි නැට්ටෙ ඉදං ගොම…!
ගම්මන්පිල මහත්තයෝ. මේ වෙලාවෙ නීති දැනුම පෙන්නන් නැතුව ඒ දිස්ත්රික්කෙට ආයේ මැතිවරණයක් තියා ගත්තනම් මේ වෙලාවෙ ඕගොල්ලන්ට නේද හොඳ?
හලෝ සිරිබිරිස්,
සංධාන ලැයිස්තුව අහෝසි වුණොත් මැතිවරණයක් පැවැත් වෙන්නේ නෑ. සංධාන මන්ත්‍රි ධූර එජාප සහ ජවිපෙ අතර බෙදිලා යනවා.