අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..

August 25, 2021 at 10:40 am | lanka C news
අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..

කොරෝනා ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා එම අවදානම් තත්ත්වයෙන් මිදී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විට ඒ මහතා දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ.

කොරෝනා ආසාදිත වූ අජිත් රෝහණ මහතා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

ඒ මහතා කොරෝනා වසංගතයේ ආරම්භයේ සිට මෑතක් වන තුරුම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළේය.

54,678 views

26 Comments to “අජිත් රෝහණ අවදානමෙන් මිදේ.. සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි..”

  1. ඵන්නත නොගත්තානම් අනිවා සුවය ලැබෙනු ඇත,. says:

    හොඳ කොල්ලෙක් ..!
    ”ඵන්නත නොගත්තානම් අනිවා සුවය ලැබෙනු ඇත,. ,.සුවය ලැබුවද ”ඡිවිතය වැට උඩ”….!