අජිත් රෝහණ කොරෝනා වාට්ටුවේ සිට මාධ්‍ය අමතයි.. (Video)

August 26, 2021 at 9:20 am | lanka C news
අජිත් රෝහණ කොරෝනා වාට්ටුවේ සිට මාධ්‍ය අමතයි.. (Video)

කොරෝනා ආසාදිතව දැනට රෝහල්ගතව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා අද පෙරවරුවේ ස්වර්ණවාහිනී නාලිකාව සමග සම්බන්ධ විය.

ඔහු සඳහන් කළේ තමන් අසාධ්‍ය තත්වයට පත් නොවූ බවත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් නොකල බවත්ය.

කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් වැරදි මතයන් සමාජගත කිරීම මගින් එම ආසාදිතයන්ට සහ පවුලේ උදවියට බලවත් අපහසුතාවයන් ඇතිවන බව පැවසූ ඔහු පොලිස් නිලධාරියෙකු ලෙස තමන් එම තත්වයන් දරාගත හැකි වුවද රටේ බොහෝ පිරිසකට එම තත්ත්වයක් කළමනාකරණය ගත නොහැකි බවද කියා සිටියේය.

එනිසා ආසාදිතයන් සම්බන්ධයෙන් පුවත් පළ කිරීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

116,418 views

21 Comments to “අජිත් රෝහණ කොරෝනා වාට්ටුවේ සිට මාධ්‍ය අමතයි.. (Video)”

  1. වැරදි පුවත් ඇයි? says:

    එන්නත් 2 විදගත් අජිත්‍ටත් කොරෝනා වැළදී ඇති බව යට ගසා එන්නත් අනිවාර්ය්යය කරන්න බලා ඉන්න අය මෙය හැදුවාද?

    • Hekarella says:

      You are correct. This is damage control. One by one the reasons given for justifying mandatory vaccination are proven false. Now Israel is going for a third shot while India one of the least vaccinated countries (and a vaccine manufacturer!) is controlling the outbreak without them.

    • Dr. MK says:

      එන්නත එපා කියන කකුල් දෙකේ හරක් ඉන්නව නම් උන්ව පශු වෛද්‍ය එකට යවල කුර ලෙඩේට බෙහෙත් දෙන්න .

  2. sumedha says:

    කිසිදු මත භේදයකින් තොරව මා දුටු සුන්දර මිනිහෙක්, මැනවින් සිය භූමිකාව ඉටුකරණ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්.
    ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.

    • Analyst says:

      ලස්සනම දේ නම් “වැරදි මතයන් සමාජගත කිරීම” යන කාරනය මත සමාජයේ දැඩි විවේචනයට බදුන් වූ චරිතයකටම “වැරදි මතයන් සමාජගත කිරීම” යන කාරනයේ ගොදුරක්ව ඊට එරෙහිව කෙඳිරි ගෑමට සිදු වී තිබීමයි.

      • kasun nishantha says:

        ඒ මනුස්සයා කිසිම දවසක වැරදි මතයක් සමාජ ගතකලේ නෑ ඉතාම වැදගත් උගත් බුද්ධිමත් ආගමට දහමට ලැදි මහත්මයෙක් .උඹල වගේ එන්ජිඕ කාර මේ රටට හතුරු බලවේග වලට මෙවැනි වැදගත් දේශප්‍රේමී මිනිස්සු වහකදුරු වගේ එකයි මේ අහක ඉන්න කෙනෙක් ගැන බොරු කතා හදල රට වටේ යවන්නේ හරිනම් උම්බ්ලා අත්අඩංගුවට ගන්න ඕනා
        උඹලා මොනවහරි බොරු සමාජජාලා වල දමල රටේ මිනිසුන් මානසිකව වට්ටලා ආණ්ඩු පෙරලන්න අලුත් රැල්ලක් හදන බව අපි දන්නවා මෙවැනි නිලධාරින් එම ක්‍රියාවන්ට හිරිහැරයක් එකයි මේ හැමදේම .හැබයි කොරල බලපන් මොකද අන්තිමට තොපිට වෙන්නේ කියල .දැම්මම තොපේ බටහිර ස්වාමියන්ට කියල තියපන් හදිසියට පනින්න නැවක්වත් අහල පහල ගෙනල්ල තියන්න කියල මොකද මේ පාර තොපිට ගහල පන්නන්නේ මේ රටේ මහජනතාව

  3. Opa-dupa says:

    ඒ කාලෙ ඉතාලියේ ඇමෙරිකාව මිනිස්සු මැරෙන කොට මේ හැමෝම හිනා උනා. අපිට ඒ දේ වෙනකොට තමයි බැරෑරුම් කම තේරෙන්නේ.

  4. senevil says:

    Obata ikman suwa prarthanakarami
    ts!

  5. Silva says:

    තුට්ටු දෙකේ මාධ්‍ය කාරයෝ තමා මේ විකාර වලට ප්‍රසිද්ධියක් දෙන්නේ

Main News