අටමස්තානාධිපති හිමිට සද්දයක් දැමූ ධම්මික බණ්ඩාර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි..

December 17, 2020 at 10:02 pm | lanka C news
අටමස්තානාධිපති හිමිට සද්දයක් දැමූ ධම්මික බණ්ඩාර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අටමස්ථානාධිපති හිමියන් වහන්සේට ආමන්ත්‍රණය කළ ආකාරය ඉතා කනගාටුදායක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ ඖෂධ සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ හැසිරීම ගැන ද පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සංගමයේ සංස්කාරක වෛද්‍ය අලුත් මහතා සඳහන් කළේය.

අදාල ඖෂධය ගැන පරීක්ෂාවක් සිදු වෙමින් පවතින අතරතුර ඔහුගේ හැසිරීම පිළිගත නොහැකි බවත් පැවසූ ඔහු එම සිදුවීමේ දී ජනතාවට ලබාදෙන පණිවිඩය සුබවාදී නැතැයිද පැවසීය.

දේශීයත්වය පිටුදැකීම සහ දේශීයත්වය පිළිගැනීම යන කාරණා දෙකම අන්තගාමී නොවන ලෙස කළයුතු බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

78,275 views

33 Comments to “අටමස්තානාධිපති හිමිට සද්දයක් දැමූ ධම්මික බණ්ඩාර ගැන පරීක්‍ෂණයක් ඉල්ලයි..”

  1. ක්‍රිමිනල් says:

    වෙන එකෙක් ඔයවගේ පිස්සුවක් කෙලියනං එක්කො ගිහිල්ලා අංගොඩ මානසික රොහලට ගිහිල්ලා අතාරීනවා , නැත්තං ශ්‍රී මහ බොධීයේ ආරක්ශක අංශය විසින් කනට දෙකක් දීලා ,කුඩූවේ දානවා , හැබැයි රාජ්‍ය අනුග්‍රහයත් එක්ක මෙවගේ වැඩ ඔකේ ! එකෙක් අම්බානෙකට බීලා පිස්සෙක් වගේ හැසිරුනා ,දැන් මූ ! බලාගෙන ගියහම බුද්ධාගමට අපහාස කරන්න පේටන්ට් එකත් අරගෙන , වොයිස් කට් සාදුලා , ස’කියලර්ව පුටුවේ ඉන්දන්න පොහොට්ටු බෙදපු , පිරිත් කියපු උන්නාන්සෙලා “මීක්” සද්දයක් නෑ. විලිලැජ්ජැවේ බැරුවා ඕයි !

  2. gamaya says:

    ඔබ තුමන්ලාගේ සභාපති පාදෙණිය මහතා නාථ දෙවියන් විසින් බෙහෙත් දෙන මණ්ඩලයේ සාමාජිකයකු යයි උගත් මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රසිද්දියේ ප්‍රකාශ කර ඇත. ඒ බැවින් ඒ පිලිබඳ ව පරීක්ෂණයක් ඉල්ලන්නේ නැත්තේ ඇයි ? තවද එතුමන් මෙම කාලි අම්මා විසින් දෙන කොරෝනා බෙහෙත් ගැන කිසිම වචනයක්වත් නොකියන්නේ ඇයි ? මෙය සෞඛ්‍ය ට ඉතාමත් අදාළ කොරෝන වසංගතයට දෙන බෙහෙතක් බැවින් ඒ පිලිබඳ වෛද්‍ය සංගමයේ සභාපතිගේ අදහස් ප්‍රකාශ කිරීම අත්‍යවශ්‍යය. ඔහුගේ විෂයට කොහෙත්ම අදාළ නැති, MCC ගිවිසුම ගැන ඔහු පින්තුර අඳිමින් මහජනයාට කරුණු පැහැදිලි කල විස්තරය අපිට තාම මතකය. එබැවින් නාථ හා කාලි යනු එකම සෙට් එකේ බදු බැවින් ඔහු ගේ අදහස ප්‍රකාශ කරන්නේ නම මැනවි.

  3. bua says:

    can we please apply some dammika puk peniya to all those who were HELA porawal and pori belliyo.

Main News