අටමස්ථානය, දඹුළු විහාරය ප්‍රයිවට්.. ලැබෙන ආදායම කාටවත් දෙන්නේ නෑ..- දඹර හිමි
September 6, 2019 at 3:00 pm | lanka C news
දඹුළු රජමහා විහාරයට දිනකට රුපියල් ලක්ෂ 75ක පමණ ආදායමක් ලැබෙන බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
එම විහාරස්ථානයද අටමස්ථානය මෙන් පුද්ගලිකව නඩත්තු වන්නක් යයිද උන් වහන්සේ පැවසූහ.
මද්යම සංස්කෘතික අරමුදලට එම විහාරස්ථානයද පවරා ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවත් හිමියන් කියා සිටියහ.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමිල හිමියන් මෙම අදහස් පල කලහ.
දඹුළු රජ මහා විහාරයේ දවසක ආදායම ලක්ෂ 75 යි. සතයක්වත් ආණ්ඩුවට එන්නෑ..!
දඹුළු රජ මහා විහාරයේ දවසක ආදායම ලක්ෂ 75 යි. සතයක්වත් ආණ්ඩුවට එන්නෑ..!
Gepostet von Headline News am Donnerstag, 5. September 2019
රුපියල අවප්රමානය වෙනවා කියලා මද්යම සංස්කෘතික අරමුදලෙ සල්ලි වලට වෑඩේ දීලානෙ තියෙන්නෙ. තව ඒවත් පවර ගන්ඩ කියලාද මෙයා කියන්නෙ? පිනට හම්බ වෙන පින් කෑටේටත් කෙලින හිඟන ආන්ඩුවක්.
2019 අගෝස්තු මස මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් සජිත් ප්‍රේමදාස රුපියල් බිලියන 1.2ක් පැහැර ගත්තේ තම ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ රැස්වීම් වියදම් සඳහායි. මේවා සීගිරියෙන් ලැබුන ආදායම නොවේද? දඹර අමිලයා මේ ගැන කථා නොකරන්නේ මන්ද?
රටේ තියෙන ලොකුම ප්රශ්නය මේකද මිනිහෝ?
රන්මසු, රිදී, මිණි, මුතු, මුදල් පිළිගැනුම,
අකැපය මහණ වෙත වදහළ මුනි දෙසුම,
සිද, බිද හෙලා බුදු අණ, නොපිට පෙරලුම,
සසුනට වින කරති විලි-බිය නොමැති කම
දබර අමිල හිමි පිලිවලට කථා කරනවා දැක්කමයි