අඩි 12ක් දිග පිඹුරෙක් අල්ලයි…

January 16, 2019 at 5:30 pm | lanka C news
අඩි 12ක් දිග පිඹුරෙක් අල්ලයි…

බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි වතුයායේ ක්‍රිඩා පිටියට පැමිණි අඩි 12 කින් දිගකින් යුත් පිඹුරෙකු අල්ලා නල්ලතන්නිය  වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දිමට එම වතුයායේ  වතු කම්කරුවන් පිරිසක් කටයුතු කර ඇත.

තෛපොංගල් දින නිමිත්තෙන් එම වතුයායේ වතු කම්කරුවන් රාත්‍රි කොවිලේ පැවති ආගමික වතාවකට සහභාගි විමට යාමේදි කෝවිලට පිවිසෙන මාර්ගය අසල පිහිටි ක්‍රිඩාංගනයේ පිඹුරෙක් සිටිනු දුටු වතු කම්කරුවන් පිඹුරාව අල්ලා  බගවන්තලාව ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් සදහා පැමිණ සිටි  මස්කෙලිය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින්ට මුලින්ම භාර දි ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් වතු කම්කරුවන් අල්ලා භාර දුන් පිඹුරාව ඊයේ රාත්‍රියේම නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට භාර දිමෙන් පසු එම පිඹුරා වනජිවි නිලධාරින් විසින්  ශ්‍රි පාද රක්ෂිතයට මුදා හැරි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,745 Viewers

One Comment to “අඩි 12ක් දිග පිඹුරෙක් අල්ලයි…”

  1. desta says:

    aparade. piburawa keleta demme srikothata demma nam gilinna onataram un innawa etana

Main News