අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරයි.. අවසානයේ ඉතුරු උනේ ඇමතිතුමාගේ කයිවාරු විතරයි…
December 18, 2017 at 6:48 pm | lanka C news
‘රජය විසින් මිල අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරලා. අවසානයේ පාරිභෝගිකයාට ඉතුරු උනේ ඇමතිතුමාගේ කයිවාරැ විතරයි’ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
රජය විසින් මිල අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරලා.. අවසානයේ පාරිභෝගිකයාට ඉතුරු උනේ ඇමතිතුමාගේ කයිවාරැ විතරයි..
2016 ඔක්තෝබර් 21 අංක 1989/61 අතිවිශේෂ ගැසට්පත මගින් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 48 මිල අඩු කරන ලද අතර ඒ පිළිබදව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දෙන ලද.ී සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සදහා විශාල මුදලක්ද වියදම් කර ඇත.
එහෙත් 2017 දෙසැම්බර් මස 14 දින අංක 2049/31 අති විශේෂ ගැසට් පත්‍රය මගින් නැවත එම බෙහෙත් වර්ග 48 මිල ඉහළ දමා ඇත. මෙම නිසා මෙරට රෝගීන්ට මේවන විට බෙහෙත් මිලදී ගැනීමට සිදුව ඇත්තේ එම මිළ ගණන් වලටය.
බෙහෙත් වර්ග 48 ක මිල අඩු කිරීම නිසා ප්‍රමිතියකින් යුක්තව බෙහෙත් නිෂ්පාදනය කරන ලද සමහර සමාගම් දේශීය වෙළදපොලෙන් ඉවත් විය ඒ අනුව සිදුවූයේ බාල වර්ගයේ බෙහෙත් නිපදවන අඩු මිලක් නියමවි තිබූ බෙහෙත් වල මිල වැඩිවීමය. එම සමාගම් ඇමතිවරයාට හිතවත් සමාගම් බවටද විවිධ කතා ඇති විය.
කෙසේ වෙතත් අවසානයේ සිදු වූයේ අඩු මිලක් නියම වි තිබූ බෙහෙත් වර්ගවලට පිය පුතු අනුග්‍රයෙන් වැඩි මිලක් නියමවීමය.
අපට යහපාලන රජයෙන් ඇසිය යුතුව ඇත්තේ මෙරට ජනතාව ගොනාට ඇන්දවීම නවතා දමන්නේ කවදාද? යන්න හා ප්‍රචාරණ කටයුතු සදහා විශාල ලෙස චියදම් කරන ලද මුදල ගෙවන්නේ කවුද යන්න පමණි
සභාපති
රංජිත් විතානගේ
මේ රටේ ජනතාව ගොනාට අන්දන්න අවශ්‍ය නැහැ. මොකද මේ රටේ ඉන්නෙම ගොන්නු. එකනි මහින්ද පරදවල පාවාදෙන බටහිර ගැත්තෙක් ජනාදිපති කරගත්තෙ
හොද හොද සෙල්ලමි ඒලිවෙන ජාමෙට.
මූ විතරක් නෙවේ මුගෙ බොරැ ටොම්පච ගහන බූරැ පුතත් කයිවාරු යි.බලු වැඩයි විතරයි…! මුන්ට චන්දෙ ගහන හරක්ට සිහින මවන්න තියෙන්නෙ ලස්සන අං කුට්ටමක්…!බේත් නෙවේ…!