අඩු ආදායම්ලාභි ගොවි පවුලකට ඩොලර් 50ක් ලෝක ආහාර සංවිධානයෙන්…

June 15, 2022 at 6:20 pm | lanka C news
අඩු ආදායම්ලාභි ගොවි පවුලකට ඩොලර් 50ක් ලෝක ආහාර සංවිධානයෙන්…

මෙරට ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විශේෂ ව්‍යාපෘති ගණනාවක් ලබන මාස් කන්නය තුළ ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී 2022 / 23 මහ කන්නයේදී අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මලු 3,65,000ක් නොමිලයේ ලබා දීමට එම සංවිධානය එකඟතාවය පළ කර තිබේ.

එක් ගොවි පවුලකට යූරියා පොහොර මල්ලක් බැගින් දිවයින පුරා අඩු ආදායම්ලාභී ගොවි පවුල් 3,65,000කට මෙම යූරියා පොහොර ලබා දීමට මේ වනවිට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ලබන මාස් කන්නය තුළ කාන්තාවන් මූලික අඩු ආදායම්ලාභී පවුල් 14,000කට එක් පවුලකට රු.18,000 ( ඩොලර් 50ක මුදලක් ) බැගින් මුං වගාව සඳහා ආධාර මුදලක් වශයෙන් ලබා දීමට ද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කරනු ලැබීය.

විශේෂයෙන්ම අප රටේ ආහාර අර්බුදකාරී තත්ත්වයත් සමඟ රටේ ජනතාවට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර බෝග වගා කිරීම සඳහා ක්‍රියාත්මක කරන එක් වැඩපිළිවෙලක් ලෙස මුං වගාව ප්‍රචලිත කරන ලෙස ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධව පළ කළ ඔවුන්ගේ වාර්තාවේ ද ඇතුළත් කර තිබේ.

මෙම ආධාර මුදල් එම සංවිධානයට නැවත ගෙවීමට සිදු නොවන අතර, කාන්තාවන් මූලික අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම දැනට අත්හිටුවා තිබෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මුං ඇට, බඩඉරිඟු සහ සෝයා අපේ රට තුළ වගා කිරීමට ලබන මාස් කන්නයේදී ප්‍රමුඛත්වය ලබා දීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මාධ්‍ය ඒකකය

21,364 views

9 Comments to “අඩු ආදායම්ලාභි ගොවි පවුලකට ඩොලර් 50ක් ලෝක ආහාර සංවිධානයෙන්…”

  1. Badaginikaarayo says:

    US$ 50/= iwara wunaama kawuda denne, kagenda illa ganne. Janathaawata badaginnema marennai wennr.

  2. කුඹුක්කණ් says:

    දැන් කෝ අර රාවනාගෙ බලේ හෙළ යක්ක පුත්තු ගගා වැලලුන මානසික රෝගියො ටික පහුගිය කාලෙ පුදුම අමාරුවක් තිබ්බෙ මේ හොර හැත්ත බලේට ගෙනල්ල හෙළ කාබනික පුනර්ජන මනෝරාජික නාඩගම් ටික නටන්න.දැන් සියලු අමාරු සනීපයි ණයට පිනට හිගා කකා ලෙඩට බේත් නැතුව පෝලිම් වල පාරවල් වල මැරිල යද්දි කැත බල ගේම් වලින් තොපිව අන්දපු උන් ඇමරිකාවෙ සැප ගයි.තොපිව ඒවට උල්පන්දම් දීපු ගනින්නාන්සේල රහත් වෙලා වගේ ඉදියි

    • kalukaputaa says:

      eththathamai kumbukkan. gnaanasaara mahaa uruthadiya saha uge hora gang eka sinhala raavaye inna katta-
      kalu dath kedichcha moosala moonak ethi iththewan maraagena gilina iththekande kalu thattaya saha sinhala
      suruttu raavaya kiyana oyawage amu jaathivaadeen den hondata pinbath gilala budi. unta daanaya deepu moda
      sinhala bauddha janayaa badaginne.

  3. වෙබ් බුවා says:

    ඒ සල්ලී ඩොලර් වලින්ම ඉල්ලහං .

    එතකොට ඒව මාරු කලාට පස්සෙ ඩොලර් එකතු කරල තෙල් ,පරිප්පු ටිකක් ගෙන්වන්න බලාපං

  4. siraa says:

    ඒකත් හොරකම් කරයි, ඒක බෙදන්න ප්‍රාදේශීය සබපතිට දෙයි චන්ද ගන්න බලාගෙන, ඊට පස්සේ අනවශ්‍ය අයටත් ඒ සල්ලි බෙදනවා. කන්න නැති මිනිස්සු ඉන්නවා හරියට හොයල දීපල්ලා.

  5. රට සුරා කෑ මහඡනයා අතරමංකරනාළද මුග්ධ පාළකයන්,. සමස්ථය නියෝඡනය නොකරනා බව අවධාරණයට,.! says:

    සුද්දන්ගෙන් හිඟාකෑම වහා නවතනු,.
    ක්‍රෘශිකරමදේපාර්ථමෙන්තුවේ මරිමෝඩ මුග්ධ වසවිස මාපිලන් අමුඩගස්වා වහාම මඩට බස්වනු,.!
    ඉතිහාසයට ගැරහීම මාත්‍රෘෘභූමියට ගැරහීම වහා නවතනු,.!හිඟාකෑම වහම නවතනු,.!

    හිඟා කෑම සොරකම් කිරීම ඡීවිකාව කර ගන්නාළද රට සුරා කෑ මහඡනයා අතරමංකරනාළද මුග්ධ පාළකයන්,. සමස්ථය නියෝඡනය නොකරනා බව අවධාරණයට,.!

  6. සනත් ඉතාලිය says:

    අතන මෙතන රතන එන්න මේ ඔයාගෙ වස විස නැති හෙටක් තුරුලිය පිරි රටක් වැඩසටහනේ ප්‍රතිපල.

  7. Sam says:

    මේ ආධාර හම්බවෙන්න ලෝක බැංකුවෙන් මිසල් මේ දේශපාලන කාලකන්නින්ගේ හැකියාවකින් නෙවේ. මුන් පුළුවන් නම් එකෙනුත් ගානක් ගහගනිව්

  8. Mssilva says:

    This is another guy who is dreaming to be president. Now he will distribute these to get ready for election. He already announced he will give one bag of urea to farmers. See how sri lankan politicians come to power by using innocent peoples basic issues/needs. This is sri lanka. Slpp, unpp, sjb and jvp the same. No alternative

Main News