අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම්..- රුසියාව ලංකාවට දන්වයි..
April 27, 2022 at 3:00 pm | lanka C news
ජනතාවට සහ රටට යහපතක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවංක උවමනාවක් හා අධිෂ්ඨානයක් ඇත්නම් පවතින අර්බුදය දින තුනකින් විසඳාගත හැකි යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.
තමන් වහන්සේ විසින් මේ සඳහා වන වැඩපිළිවෙල ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වෙත ලිඛිතව යොමු කළ බව ද උන්වහන්සේ කියා සිටිති.
ඉතා ඉක්මනින් අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතු බවද පවසන උන්වහන්සේ පාට පක්ෂ පසෙක දමා ජන ජීවිතය ගොඩනැගීමට කටයුතු කළ යුතු බවද කියා සිටී.
පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රුසියාවෙන් ඇති තරම් ඉන්ධන අඩු මිලට ලබා දිය හැකි බව රුසියානු නියෝජිතයන් තමන් වහන්සේට ලිඛිතව දැනුවත් කර ඇති බව ද උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.
Exactly, these buggers don’t know what’s going on.
මං ෙම් කල්පනා කරන්නේ රුසියාව හිතන් ඉන්නෙ ලංකාවෙ රඡය තියෙන්නෙ අැල්ලෙ හාංදුරුවන් ගෙ පංසලේ කියලද?
ඇමරිකන් කාරයෝ ටික ආන්ඩුවෙන් පන්නා දාලා රුසියානු තෙල් අරගන්න ඕනෑ. කවරදාවත් ඇමරිකාව ලංකර ගන්න හොඳ නැහැ. කරන්නේ අමන වැඩ විතරයි.