අඩු මිලට ඖෂධ වර්ග 48ක් හෙට සිට දිවයින පුරා..

October 23, 2016 at 12:40 pm | lanka C news
අඩු මිලට ඖෂධ වර්ග 48ක් හෙට සිට දිවයින පුරා..

ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි වාසිය හෙට (24) සිට ජනතාවට ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නියෝග කර ඇත. එහි සභාපති නීතීඥ සරත් ලියනගේ මහතාට සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව දිවයින පුරා පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි ඔසුසැල් 32 න් සහ නියෝජිත ඔසුසැල් 130 කින් අඩු කළ මිලට ඖෂධ ලබාගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත. අඩු කළ ඖෂධ වර්ග 48 ඖෂධ තොග වශයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංසථාව රැුස්කර තබාගෙන ඇති අතර, ඒවා ඉහළ ගුණාත්මක බවින් යුක්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාෙවි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා පවසයි. මෙම සියලු ඖෂධ නැවිගත කිරීමට පෙර සහ වෙළෙදපොලට නිකුත් කිරීමට පෙර තත්ත්ව පරීක්ෂණයක් ද සිදු කර ඇත.

ෙමි අතර, ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීෙමි ගැසට් පත‍්‍රයට අනුව මිල අඩු කිරීෙමි වාසිය ජනතාවට ලැබීම පිළිබදව විමර්ශණ ආරම්භ කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ ඒකකය, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ ආහාර පරික්ෂක නිලධාරීන් යොදා ගන්නා ලෙස අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. තව ද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහාය ද ඒ සදහා ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නේය. තව ද නියමිත උපරිම සිල්ලර මිලට ඖෂධ අලෙවි නොකරන ඖෂධ හල් සොයා වැටලීම් ආරම්භ කරන ලෙසත්, එවැනි ඖෂධහල් පිළිබද පැමිණිලි දැනුම්දීම සදහා විශේෂ දුරකථන අංක 02 ක් හදුන්වාදීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන ලදි. ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම සදහා අවශ්‍ය ඖෂධ තොග වශයෙන් ආනයනය කර රැස්කර තබා ගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සහ වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත. දෙවන අදියර යටතේ අධික මිල ගණන් යටතේ අලෙවි කරන ඖෂධ වර්ගවල මිල අඩු කිරිමට නියමිතය.

– නිපුන් ඒකනායක

4,053 Viewers
Main News