අඩු සුදුසුකමට ගුවන්විදුලිය ලොක්කෙක් බදවා ගන්න සම්මුක පරීක්‍ෂණ කැදවයි..

April 8, 2017 at 8:02 am | lanka C news
අඩු සුදුසුකමට ගුවන්විදුලිය ලොක්කෙක් බදවා ගන්න සම්මුක පරීක්‍ෂණ කැදවයි..

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාටත් නොදන්වා එම ආයතනයට ප්‍රවෘත්ති සංස්කාරකවරුන් සහ කාර්මික නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබුණු සම්මුඛ පරීක්ෂණය සභාපතිවරයා විසින් අත්හිටුවා තිබේ.

අප්‍රේල් මස 04 වැනි දා පැවැත්වීමට නියමිතව තිබුණු මෙම සම්මුඛ පරීක්ෂණය සම්බන්ධයෙන් සභාපතිවරයාට දැනගන්නට ලැබී ඇත්තේ එදින උදෑසන වන අතර වහාම සම්මුඛ පරීක්ෂණය නවතා දමන්නැයි සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කර ඇත.

තමා නොදැනුවත්ව සංස්ථාවේ මෙවැනි දේවල් සිදුවීම සම්බන්ධයෙන් එදින උදෑසන පැවැති කළමනාකරණ රැස්වීමේ දී සභාපතිවරයා පිරිස් සහ මුදල් අධ්‍යක්ෂවරුන්ට දැඩි ලෙස දොස් පවරා ඇති අතර මින් ඉදිරියට මෙවැනි දේ සිදුනොවිය යුතු බවට අවවාද කර තිබේ.

සංස්ථාවේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇති වාර්තාව සති තුනක් ලබා දී නොමැති පසුබිමක මෙවැනි බඳවා ගැනීම් සම්බන්ධයෙන් දක්වන හදිසිය වාර්තාව ලබා දීමට නොතිබීම සභාපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්ව ඇත.

මේ අතර ආයතනයට අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු බඳවා ගැනීම සඳහා ද බාහිර සහ අභ්‍යන්තර අයදුම්පත් කැඳවා ඇති අතර සංස්ථාවේ මෙතෙක් පැවැති සම්ප්‍රදායට පිටින් යමින් අඩු සුදුසුකම් මත අයදුම්පත් කැඳවා ඇත්තේ ඉහළ බලධාරියකුට වුවමනා ආකාරයට අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කර ගැනීමට බවත් සේවකයෝ කියති.

– මේනක TD

83 views
Main News