අණ නොතකා යතුරුපැදිකරුවන් පොලිස් නිලධාරියෙකු යටකර පලා යාමට උත්සහ කරයි.. හතරක් අත්අඩංගුවට..

February 4, 2019 at 6:48 pm | lanka C news
අණ නොතකා යතුරුපැදිකරුවන් පොලිස් නිලධාරියෙකු යටකර පලා යාමට උත්සහ කරයි.. හතරක් අත්අඩංගුවට..

කොළඹ ප්‍රදේශයේ යතුරුපැදි සංගමයක සමාජිකත්වය දරන තරුණයන් පිරිසක් නුවරඑලියේ සිට හැටන් හරහා කොළඹ දක්වා ධාවනය කරන අවස්තාවේ වටවල ප්‍රදේශයේ දි යතුරුපැදි කරුවන් නතර කිරිමට උත්සහ කල වටවල පොලිසියේ නිලධාරියෙකු යට කර තුවාල සිදු කර පලා යාමට උත්සහ කල තරුණයන් සිව්දෙනෙක් යතුරුපැදි හතරක් සමග සැකපිට ඊයේ (03) අත්අඩංගුවට ගෙන එම සැකකරුවන් අද (04) හැටන් වැඩ බලන මහේසත්‍රාත් එස්.රාජෙන්දුන් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරුවන් මේ මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට  මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

එම සැකකරුවන් යතුරුපැදි  සංගමයේ සමාජිකත්වය දරන තවත් යතුරුපැදි කරුවන් විශාල පිරිසක් සමග ඉකුත්  (02) සෙනසුරාදා ශ්‍රි පාදස්ථානය සංචාරය කර පසුව එදිනම නුවරඑලිය සංචාරය නියැලි පසුව ඊයේ (03) කොළඹ දක්වා ධාවනය කරවන අවස්තාවේ හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි  යතුරුපැදිකරුවන් පරික්ණෂා කිරිමට හැටන් පොලිස් රථ වාහන අංශයේ නිලධාරින් අණ කර ඇති අතර, එම අණ නොතකා යතුරුපැදි කරුවන් කොළඹ දෙසට ධාවනය  කරවන අවස්තාවේ වටවල පොලිසියට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් ලබාදුන් තොරතුර මත වටවල පොලිසිය ඉදිරිපිටදි  එම යතුරුපැදිකරුවන් නතර කිරිමට උත්සහ කල බව වටවල පොලිසියේ ස්ථානාධිපති ලලිත් මහගෙදර  මහතා කියා සිටියේය.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදිකරුවන්  රාජකාරියේ නියැලි සිටි පොලිස් නිලධාරියෙකු යට කර තුවාල සිදු කර  පලා යාමට උත්සහ කිරිමේදි යතුරුපැදි දෙකක ගමන් ගත් තරුණයන් සිව්දෙනෙක් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන අද (04) හැටන් අධිකරණය වෙත ඉදිරිපත් කල බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා පැවසීය.

අනතුරෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා වටවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, රක්ෂිත බන්ධනාගාර ගත කල සැකකරුවන් රත්නපුර ,කිරුලපන,පිලියන්දල සහ මින්නේරිය යන ප්‍රදේශවල අවුරුදු 20ත් 25 වයස් කාණ්ඩ වල පසුවන අය බවත්,යතුරුපැදි 50 පමණ මෙම සංචාරයට යොදාගෙන ඇති බවත්, එක් සැකකරුවෙකු පැළද සිටි ආරක්ෂිත හිස්වැසුමේ පොලිසියට අපහාස වන අයුරින් සටහනක් යොදවා තිබු බවද පොලිස් ස්තානාධිපතිවරයා පවසයි.

මෙම සැකකරුවන්ට අනනොතකා ධාවනය කිරිම , අපරික්ෂකාරි ලෙස යතුරුපැදි ධාවනය කිරිම ,රාජකාරියේ නියැලි සිටි පොලිස් නිලධරියෙකු තුවාල සිදු කිරිම යන චෝදනා යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

266 views